නිරෝගී වෙන්නයි ලස්සන වෙන්නයි – විටමින් C
විටමින් ගැන කතා කරද්දී අපේ මතකයට මුලින්ම එන්නේ සමබල ආහාරයකට නැතුවම බැරි පෝෂණ කොටසක් ගැනයි. විටමින් A,B,C,D,E,K ලෙස විටමින් වර්ග ගණනාවක් අපේ සිරුරට ලොකු වැදගත් කමක් ගෙන දෙනවා.නමුත් ඒ අතරින් අපි අද කතා කරන්න තෝරා ගත්තේ මේ දවස්වල ජනප්‍රියම වගේම කාගේත් කතා බහට ලක්වෙන විටමින් C ගැනයි.
විටමින් C කියන්නේ අපේ සිරුරේ ස්වාභාවිකවම නිපදවෙන විටමිනයක් නම් නෙමෙයි.ඒ නිසා අපේ සිරුරේ විවිධ ක්‍රියාවන් වෙනුවෙන් අපි විටමින් C පිටතින් ගන්න අවශ්‍යමයි. මේ විටමින් C අපට ඉතා පහසුවෙන් පිටතින් ගන්න පුළුවන් විටමිනයක් වෙනවා.දෙහි,දොඩම් වගේ පැඟිරි කුලයේ පලතුරු වල විටමින් C බහුලව තියන නිසා ලංකාව වගේ රටක ඉන්න අපිටනම් විටමින් C ලබාගන්න හරිම පහසුයි.
ඇස්කොර්බික් අම්ලය ලෙසත් හදුන්වන මේ විටමින් C අපේ සිරුරට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි?
- අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා
- හර්ද රෝග ඇතිවීමේ අවධානම අඩු කරනවා
- දත් ,විදුරුමස්, අස්ථි ශක්තිමත් කරනවා
- රුධිර නාල තුල රුධිර ධාවනය ක්‍රමවත් කරනවා
- පෙනහළු ආබාධ අවම කරනවා
- තුවාල, කැළැල් සුව කරනවා
- සෙම් රෝග වලට ඉතා හොඳ ප්‍රතිකාරයක්
- මතක ශක්තිය වැඩි කරනවා
- යකඩ අඩංගු ආහාර නිසි අයුරින් ශරීරයට උරා ගැනීමට උදව් වෙනවා
මේ විදියට අපේ සිරුරට ගොඩක් වැදගත් වන විටමින් C ගැන මේ දිනවල වැඩිපුර කතාවට ලක්වෙන්නේ කොරෝනා වලටත් හොඳ ඖෂධයක් වෙන නිසයි. පෙනහළු ආබාධ අඩු කරන නිසාත්, හර්දයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වෙන නිසාත්,ප්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වන නිසාත් කොරෝනා රෝගයට විටමින් C ගැනීම වෛද්‍යවරුන් පවා නිර්දේශ කරලා තියෙනවා.
අපිව නිරෝගිව තියන්න විටමින් C ගොඩක් වැදගත් වනවා වගේම අපිව ලස්සන කරන්නත් විටමින් C ලොකු සහයක් වෙනවා කියල ඔබ දැනගෙන හිටියද?
විටමින් C වලට පුළුවන් සමේ කොලජන් නිපැදවීම වැඩි කරන්න.මේ නිසා සමේ අදෙනසුලු බව වැඩි කරලා සම රැලි වැටීම පාලනය කරන්නත් විටමින් C වලට පුළුවන්.ඒ නිසා ඔයාට ලස්සන තරුණ සමක් පවත්වාගන්න පුළුවන්.ඒවගේම තුවාල ලප කැළැල් සුව කරන්න තියෙන හැකියාව නිසාම කුරුලෑ ලප කැළැල් ඉක්මනින් නැති කරන්නත් විටමින් C වලට පුළුවන්. මේ නිසාම සමේ අදුරු පැහැය නැති වෙලා ඔයාට ලස්සන ඒකාකාරී පැහැපත් සමක් ලැබෙනවා.ඉතින් අපි කවුරුත් කැමති ලස්සන පැහැපත් සමක් ලබාගන්න විටමින් C උදව් වෙන හැටි හරිම පුදුමයි.
විටමින් C අපේ සිරුරට ලබා දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා.
පැගිරි කුලයට අයත් දෙහි,දොඩම්,ලෙමන් වගේ පලතුරු, අන්නාසි,ස්ට්‍රෝබෙරි,කිවි වගේ පලාතුරු වලින් පහසුවෙන් අපට විටමින් C අපේ සිරුරට ලබාගන්න පුළුවන්.
ඒවගේම බ්‍රොකොලි , බෙල් පේපර්, නිවිති වැනි එළවලු වලද විටමින් C ලොකු අන්තර්ගතයක් තියෙනවා.
මේ විදියට පලතුරු එළවලු වලින් ශරීරයට විටමින් C ලබාගන්නවා වගේම පෝෂණ අතිරේකයක් හරහා බාහිරින් විටමින් C අපට ලබාගන්නත් පුළුවන්. විවිධ නිෂ්පාදන නාමයන් යටතේ ඔබට විටමින් C බාහිරින් ගන්න පුළුවන් වුවත් ප්‍රමිතියෙන් යුතු විශ්වසනීය නිෂ්පාදනයක් තෝරා ගැනීමටත් වග බලා ගන්න.විශේෂයෙන් විටමින් C අන්තර්ගතයක් ඇති අභ්‍යන්තර පෝෂණ සත්කාරකයකට යොමු විය හැකිනම් අනෙක් පෝෂණ අවශ්‍යතා සම්පුර්න කරගන්නත් ඔබට පුළුවන් වේවි.එමගින් නිරෝගීව ලස්සන වෙන්න ඔයාටත් පුළුවන්.
ඔබට අවශ්‍ය විටමින් C Tablets හා විටමින් C අඩංගු අභ්‍යන්තර පෝෂණ සත්කාරයන් නිවසටම ගෙන්වා ගැනීමට අදම අප helloladies online store එක හරහා ඇණවුම් කරන්න.