why-use-toner-for-skin
Toner එකක් කියන්නේ මෘදු, දියරමය පිරිසිඳුකාරකයක්. ඔයාගේ Skin එක පිරිසිදු පැහැපත්ව තියාගන්න නම් toner එකක් නිතරම ළඟ තියාගන්න ඕන. හැබැයි මතක තියාගන්න මුහුණ toner කරන්න කලින් clenser කරලා ඉන්න ඕන. toner කිරීම මඟින් clenser කිරීම නිසා විවර වුණු skin එකේ රෝම කූප වසා දමන්න, skin එකේ මස් පිඬු ශක්තිමත් කරන්න, skin එක දීප්තිමත් කිරීම, skin එක පෝෂණය කිරීම, skin එකට කරන සත්කාර වල පෝෂණ ගුණ සම තුලට උරා ගැනීම වේගවත් කිරීම, skin එකේ සිදුරු තුල ඇති අපද්‍රව්‍ය ඉවත් වීම, සහ skin එකේ සෛල වල ක්‍රියාකාරිත්වය වර්ධනය වීම වගේ වාසි රැසක් ඔයාට ලබාගන්න පුළුවන්.
Toner කිරීමේදී ඔයා සැලකිලිමත් විය යුතු කරුණු
Toner එකක් තෝරා ගන්න ඕන ඔයාගේ skin එකේ ස්වභාවය අනුවයි. සාමන්‍යයෙන් Oil skin එකක් සඳහා නිපදවූ toner වල පවතින ඇල්කොහොල් ප්‍රතිශතය වැඩියි. ඒ නිසා dry skin එකක් තියෙන අයට නම් oil skin සඳහා නිපදවූ toner භාවිතා කිරීමෙන් ඔයාගේ skin එක තවත් වියැලෙන්න පුළුවන්.
skin toner කිරීම කළ යුත්තේ පුළුන් හෝ ටිෂූ ආධාර කර ගනිමින්. අතින් Toner කිරීම සුදුසු නැහැ.
Toner ආලේප කරද්දී තදින් ඇතිල්ලීමෙන් වැළකිය යුතුයි.
පුළුවන් තරම් රසායනික අමුද්‍රව්‍ය වලට වලින් තොර ස්භාවික අමුද්‍රව්‍ය අඩංගු toner එකක් භාවිතා කරන්න
Makeup කිරීමට කලින් skin එක toner කිරීම වඩාත් යෝග්‍යයි . එමඟින් Skin එකේ තෙල් පෑදීම අඩු කර, makeup එක මුහුණේ වැඩි වේලාවක් රඳා තබනවා.
ඔයාගේ skin එක pimple සහිත skin එකක් නම් toner ආලේප කිරීමේදී ටිකක් පරිස්සම් වෙන්න. මොකද බැක්ටීරියා පැතිරී අනෙක් ස්ථාන වලටද කුරුලෑ පැතිර යන්න පුළුවන්.
නිවසේදීම ඔයාට සකස් කර ගත හැකි toner වර්ග
රෝස මල් පෙති වතුර කෝප්පයකට දමා රැයක් වසා තබන්න. පසු දින එයට ග්ලිසරින් එක් කර toner එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්.
සමන්පිච්ච් මල් පෙති වතුර කෝප්පයකට දමා රැයක් වසා තබන්න. පසු දින එය toner එකක් ලෙස භාවිතා කළ හැකියි.
සේපාලිකා මල් පෙති වතුර කෝප්පයකට දමා රැයක් වසා තබන්න.පසු දින එය toner එකක් ලෙස ඔයාට භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම,
කෝමාරිකා යුෂ
බෙලි මල් තැම්බූ වතුර
පිපිඤ්ඤා යුෂ
බිත්තර කහ මද
Sunflower oil වලට පිපිඤ්ඤ යුෂ එක් කර toner එකක් ලෙස භාවිතා කළ හැකියි
Toner කිරීමෙන් විනාඩි 15කට පමණ පසු මේවා සෝදා හරින්න.
සෑම විටම ඔයාගේ skin එකේ pH අගය හොඳින් පාලනය කරන ස්භාවික toner එකක් භාවිතා කරන්න උත්සහ කරන්න. එමඟින් ඔයාගේ skin එකට සිදු වන හානි වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම Green tea සහ දෙහි සාරය අඩංගු toner එකක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එමඟින් ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.