• My Account
  • Wishlist
User Login
Hotline : (+94) 70 4007 771
hello ladies
hello ladies
Skip to content
  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
All Categories

All Categories

  • Baby Care
  • Food Supplement
  • Hair Care
    • Hair Oils
    • Conditioners
    • Shampoo
  • Household
    • Dish Wash
  • Sexual Wellness
  • Skin Care
    • Cleanses and Facewash
    • Hand Cream
    • Body Lotions
    • Day Creams
    • Night Creams
    • Scrub, Pack , Toner
    • Others
  • Skin Cleansing
    • Hand Wash
    • Hand Sanitizer
  • Weight Management
    • Tea
    • Slimming Capsules

SHOP BY CATEGORY

SHOP BY BRAND

Menu

  • Home
  • Shop
  • Special Offers
  • Blog
  • About Us
    • FAQs
    • About Us
    • Contact Us
My Cart 0 items
Girl in a jacket

Blog

Saloon ගිහින් හති වැටිලද ඉන්නේ? එහෙනම් Clean – Up එක ගෙදරදීම කරගමු.

අපි හැමෝම කැමතිනේ අපේ skin එක ලස්සනට තියාගන්න.මම දන්නවා ඔයා ඔයාගේ මූණට ඕනේ තරම් වියදම් කරලා ඇති.හැබැයි ඔයා ඒ වෙනුවෙන් අමතර උත්සහයක් දරන්න නම් කැමති නැහැ කියලා මම දන්නවා.ගෙදර වැඩ,job එකේ වැඩ එක්ක දවසේ පැය 24 ම busy වෙන අපිට කොහෙන්ද වෙලාවක් saloon එකට යන්න.හැබැයි ඔන්න ඔයාට saloon එකට නොයා ගෙදරම clean up එකක් කර ගන්න මම ඔයාට කියලා දෙන්නම්.ඔයාට සතියකට වතාවක් මම කියන විදියට clean up එක කරගන්න පුළුවන් නම් skin එක ලස්සන කරගන්න එක නම් අමාරු දෙයක් නෙමෙයි.

01) Cleanser කිරීම

ඔයා මුහුණ සෝදන face wash එකෙන් හොඳින් මුහුණ wash කරගන්න.
ඊළඟට කපු තුවායකින් හරි Tissue එකකින් හරි හොදට තෙත මාත්තු කරන්න.
මුහුණ wash කරන්න උණු වතුර use කරන්න එපා.ඒකෙන් ඔයාගේ skin එක dry වෙන්න බලනවා.
ඊළගට ඔයා use කරන Cleanser Cream එක ඇඟිලිතුඩු වලට අරගෙන මුහුණේ අලේප කරන්න.
මීට අමතරව ඔයාට Cream එකක් නැතුව මේ දේවල් වුණත් Use කරන්න පුළුවන්.

ඔයාට තියෙන්නේ Dry & Normal Skin එකක් නම් පොල් වතුර, එළකිරි, තලතෙල් ගන්න පුළුවන්
Oily skin එකක් නම් දොඩම් යුෂ හරි ලෙමන් යුෂ හරි අරගෙන වතුර බිංදු කිහිපයක් එකතු කරලා මුහුණේ ගාන්න.
Sensitive skin එකකට නම් රෝස වතුර use කරන්න පුළුවන්.ඔයාට රෝස වතුර හදාගන්න පුළුවන් රෝසමලක පෙති වතුරට එකකට දාල විනාඩි 5-6 ක් තියලා ගන්න. Cleanser කළාට පස්සේ කපු රෙදි කැබැල්ලකින් මුහුණේ තෙත මාත්තු කරගන්න

02) දැන් steam කරමු

උණු වතුර භාජනයක් රත් කරගෙන එන වාෂ්ප මුහුණේ skin එකට වදින්න ඉඩ දෙන්න හැබැයි ඔයාගේ මුහුණ පිච්චෙන තරමට ලං කරන්න එපා.විනාඩි 05 ක් විතර මේ treatment එක කරන්න.oily skin එකට මේක ගොඩක් හොඳ treatment එකක්.ඊට පස්සේ ice cube එකක් අරගෙන රවුමට ඔයාගේ මුහුණේ ආලේප කරන්න.එතකොට මුහුණේ උෂ්ණත්වය නැවත යථා තත්වයට පත්වෙනවා.ඒ වගේම තමයි skin එකේ විවෘත වෙලා තියෙන සිදුරු වැහෙනවා.

03) Scrub කිරීම

Scrub කිරීම අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ ඔයාගේ Skin එකේ මැරුණ සෛල ඉවත් කරන නිසා.ඒකට shop එකකින්ම Scrub ගන්න ඕනෙම නැහැ.ඔයාට පුළුවන් ගෙදරදීම මේ treatment එකට Scrub එක හදාගන්න.

මී පැණි හැන්දකට සීනි හැන්දක් mix කරලා මූණ Scrub කර ගන්නත් පුළුවන්.
විනාඩි 5 ක් ඔයාගේ scrub එක මුහුණේ ගාල මුහුණ සම්බාහනය කරන්න.
ඊට පස්සේ විනාඩි 03කින් wash කරන්න.

04) pack එක දාන්නේ කොහොමද?

ඔයාගේ Skin එක තෙල් සහිත වුණත් , වියලි වුණත් , මිශ්‍ර සමක් වුණත් පැක් එකකින් ඔයාගේ skin එක soft කරනවා.ඒ වගේම skin එක fair කරනවා.

ඔයාට පුළුවන් ඇපල් ,අන්නාසි ,කොමඩු සහ දොඩම් අන්තර්ගත fairness pack එකක් Use කරන්න.මේ දේවල් අන්තර්ගත face pack එකකින් ඔයාගේ මුහුණේ ලප කැළැල් සහ රැළි ඉවත් කරනවා.

නැත්නම් කහ, කුoකුම සහ තිරිගු තෙල් සාරයෙන් යුතු face pack එකක් පාවිච්චි කරන්න. ඔයාට මේ දේවල් හොයාගන්න අමාරුයි නම් මේ අන්තර්ගතයන් මේ විදියටම තියෙන face packs වෙළදපොලේ මිල දී ගැනීමට තියෙනවා.

05) toner ආලේපය

Skin එකේ රෝම කූප වැසීමට වගේම PH අගය Control කරන්න toner එක ඕනේ වෙනවා.ඉතින් shop එකකින් ගන්නවා වගේම පිපිඤ්ඤා යුෂ ,රෝස වතුර සහ මිංචි යුෂ වගේ දේවල් toner එකක් විදිහට use කරන්න පුළුවන්.

එහෙමත් නැත්නම් කහ, lavender වගේ toner එකක් Use කරන්න. එමගින් සමේ විෂබීජද නසනවා. Pimples එන එක control වෙන්න ඒක ගොඩක් හොදයි.

06) තෙතමනය රැකීමට Moisturizing කිරීම

Toner කළාට පස්සේ සමේ තෙතමනය රකින Moisturizer cream එකක් use කරන්න ඕනේ.ඒත් ඔයාට තියෙන්නේ කුරුලෑ සහිත Skin එකක් නම් benzoyl peroxide හරි Salicylic acid අඩංගු විශේෂ ආලේපනයක් තෝරා ගන්න.

ඔන්න අද මම ඔයාට saloon නොයා ගෙදර ඉඳලම clean up එකක් දාන විදිය තමයි කියලා දුන්නේ.බලන්නකෝ ඔයාට මේ දේවල් වලින් ලැබෙන Result කොහොමද කියලා.අනිවාර්යෙන් ඔයා පුදුම වෙයි.

by helloladies
Uncategorized
November 16, 2020

About helloladies

View all posts by helloladies →

Post navigation

Previous PostNext Post

Related Post

December 30, 2021

නිරෝගී වෙන්නයි ලස්සන වෙන්නයි – විටමින් C

November 16, 2020

මේ දිනවල Salon එකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ලස්සන වෙන්නේ මෙන්න මෙහෙමයි

November 16, 2020

Pigmentation වලට ස්වාභාවික සත්කාර

November 16, 2020

why-use-toner-for-skin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

CONNECT WITH OUR UPDATES & SUBSCRIBE!
  • No.32 2/2, Lumiere Residencies,Muhandiram E.D Dabare Mw, Colombo 05
    (+94) 70 4007 771
    [email protected]

SHOP BY CATEGORY

  • Skin Care Hair Care Food Supplement Weight Management Sexual Wellness Household Skin Cleansing Makeup

SHOP BY BRAND

  • Facia Lia Offmarks Swabha Ceylon Hicare Tribull Maxdura Beauty Essentials
PAYMENT METHOD
Secure System
ONLINE SUPPORT
24 hours a day
Copyright © 2025 Tup Webs Srilanka, All Rights Reserved.