හිසකෙස් වල නිරෝගී බව රැක ගන්න කළ යුතු දේවල් මෙන්න

ලස්සන ශක්තිමත් කෙස් කළඹකට ඕනම girl කෙනෙක් කැමතියි. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි හිසකෙස් ගැලවී යාම, පැලීම සහ හරියට තමන්ට ඕන විදිහට haristyle දැමීමට නොහැකි වීම.මේ දේවල් වලට ගොඩක්ම හේතු වෙන්නේ ඔයා අනුගමනය කරන වැරදි පුරුදු.මොකද හිසකෙස් ලස්සනට තියාගෙන විතරක් මදි, හිසකෙස් වල, හිස්කබලේ පෝෂණය සහ නිරෝගීකම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

Hairstyle දැමීමේදී

හිස කෙස් පසු පසට ඇදෙන, තද haristyle කරන කෙනෙක් නම් ඒක පුළුවන් තරම් අඩු කරන්න. වැඩිපුර මෘදු haristyle වලින් හැඩවෙන්න.ඒ වගේම හිසකෙස් වලට හානි කරන, කෙස් ගස් කඩා දමන Wool band, කොණ්ඩා කටු පැළඳීමෙන් වලකින්න. Haristyle සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ තද බව, පැටලෙන සුළු බව හොඳින් පරික්ෂා කරලා ගන්න අමතක කරන්න එපා.

ඒ වගේම හැම දවසකම එකම තැනින් හිස කෙස් බෙදලා පීරන්න එපා. එම ස්ථානයට හිරු එලිය වැටීමෙන් සහ නිතරම විවෘතව පැවතීමෙන් එතන හිස කෙස් වැවීම නැවතෙනවා. ඒ නිසා බෙදුම් ඉර දවසින් දවස මාරු කරන්න.

පිරිසිඳු බව

ඔයාගේ හිසකෙස් වල නිරෝගී බවට හිස කෙස් වල පිරිසිඳුකම ගොඩක් වැදගත්. හිස් කබලේ මේදය සහ කුණු රැඳුනු විට රෝම කූප අවහිර වෙනවා. හිස කෙස් වැටෙනවා. ඒ නිසා නිවැරදිව හිස කෙස් පිරිසිඳු කර ගන්න ඕන. ඔයාගේ කොණ්ඩා කටු, Wool band, පනා ආදිය සතියට වතාවක්වත් සෝදා පිරිසිඳු කරන්න. අපිරිසිඳු පනා වලින් කෙස් පීරිමේදී හිස් කබලේ දිලීර ඇති වීමේ අවදානමක් තිබෙනවා.

අවුල් වූ හිස කෙස්

සමහරු නින්දට යන්නේ හිස කෙස් පීරන්නෙවත් නැතුව.හැබැයි අවුල් වූ හිස කෙස් සහිතව නින්දට යාමෙන් එය තව තවත් ගැට ගැසෙනවා. ඒ විදිහට හිස කෙස් වල අවුල් වැඩි වුණාම එය නැති කිරීමට හරි අපහසුයි. ඒ වගේම අවුල් වූ හිස කෙස් පීරිමේදී ඒවා කැඩී යනවා. එමෙන්ම දිගු හිසකෙස් කඩා ගෙන නින්දට යන එකෙනුත් සිදු වෙන්නේ කෙස් අවුල් වීමයි. මේ නිසා ඊට හොඳම විසඳුම විදිහට හිස කෙස් බුරුල්ව ගොතා නින්දට යන්න.

උණු ජලය හිස කෙස් වලට හොඳ නැහැ

ඔයා නාද්දී සිසිල් ජලය හෝ ඇල්මැරුණු ජලය පමණක් භාවිතා කරන්න. ඒත් සීතල දිනයක උණු වතුර ස්නානය කිරීම සුවදායි කියලා ඔයාට දැනිලා ඇති.හැබැයි උණු ජලය කියන්නේ ඔබේ හිස කෙස් වලට සුදුසු දෙයක් නම් නෙවෙයි.උණුසුම් ජලය ඔයාගේ හිස කෙස් වලට හානි කරනවා.ඒ වගේම උණුසුම් ජලයෙන් හිස් කබල විසින් ස්වභාවික මේදය නිපදවීමේ ක්‍රියාවලියද වළක්වනවා.

ආහාර රටාව

ඔයාගේ හිසකෙස් වල සුන්දරත්වය රැක ගන්න නරක සෞඛ්‍ය පුරුදු විතරක් නෙවෙයි ඔයාගේ ආහාර රටාවත් බලපානවා.ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න දෙවරක් හිතන්න එපා.නිරන්තරයෙන් නැවුම් ආහාර ලබා ගන්න. සාමාන්‍යයෙන් හිස් කබල විසින් ස්වභාවික මේදය නිපදවනවා. ඒ නිසා අධික මේදය සහිත ආහාර අඩු කරලා සමබල ආහාර වේලක් ලබා ගන්න.

හිසකෙස් වල වගේම හිස් කබලේ නිරෝගී භාවයට තෙතමනය අත්‍යවශ්‍ය දෙයක්. ඒත් ගොඩක් girl’s ලා හිසේ තෙල් ආලේප කරන්න ටිකක් අකමැතියි. හැබැයි එමඟින් ඔයාගේ හිසකෙස් වලට දැඩි ලෙස හානි සිදු වෙන්න පුළුවන්.ඒ නිසා අඩුම තරමේ නාන්න පැයකට සැරයක්වත් හිසට හොඳ oil එකක් භාවිතා කරන්න.විශේෂයෙන්ම කී කිරිඳිය, ලුණුවිල, නෙල්ලි, වැල්මී, මෙහෙඳි සහ කෝමාරිකා අඩංගු oli එකක් භාවිතා කරනවා නම් ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ඉතින් Girl කෙනෙක්ගේ ලස්සන ගැන කතා කරනකොට හිසකෙස් කියන්නේ කතා නොකරම බැරි දෙයක්.ඒ නිසා අපි නිතරම අපේ හිසකෙස් ආරක්ෂා කරගන්න ඕනේ.ඒ වෙනුවෙන් මම අද කියපු දේවල් try කරලා බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *