අපි දන්න නොදන්න කාලේ ඉදන්ම Wedding වල දුන්නේ Wedding Cake.කවදාවත් එකේ වෙනසක් වුණේ නැහැනේ .ඉතින් අපිට පුළුවන් Wedding ඒ System එක වෙනස් කරන්න. ඔයා දැන් Marry කරන්න ඉන්නවා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් ඔයා කවදා හරි Marry කරන්න ඉන්නවා වෙන්න පුළුවන්.ඉතින් මම ඔයාට කියන්නම් Wedding එකට Wedding Cake වෙනුවට දෙන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන.ඒක ලොකු වෙනසක් වෙයි
පැලයක්

පැලයක් කියන්නේ කන දෙයකට වඩා ගොඩක් වටිනා දෙයක්.ඒ කියන්නේ කන දෙයක් නම් ඒ වෙලාවට විතරයිනේ.පැලයක් කියන්නේ ජිවිත කාලයටම මතකේ තියාගන්න පුළුවන් දෙයක් .ඉතින් ඔයාට පුළුවන් ඖෂධ පැලයක් වගේ වටිනා පැලයක් ලබා දෙන්න.ඊට අමතරව කැක්ටස්, බොන්සයි ,සඳුන් පැළ වගේ දේවල් දෙන්න පුළුවන්.හැමෝටම නැතත් එක Family එකකට එක පැලය ගානේ ලබා දෙන්න
රසකැවිලි

රසකැවිලි ගොඩක් නැතත් Chocolate, Toffee, bubblegum වගේ දේවල් දාලා පුංචි Bag එකක් හදන්න.හැබැයි මේ දේවල් දාන්න අපි ගන්න Bag එක ගැන හිතන්න වෙනවා.මොකද නිකන් කොලේක ඔතල වගේ දෙන්න බැහැනේ,ඒ නිසා අන්න ඒ Bag එකේ හැඩය පෙනුම ගැන බලලා පෙනුමකට Design කරගන්න
Macarons

මේක ලංකාවේ නම් කරනවා අඩුයි.අඩුයි කියන්නේ කරන්නෙම නැති තරම්.ප්රංශය සහ අයර්ලන්තය වගේ රටවල wedding cake වෙනුවට Macarons ලබා දීම ගොඩක් ජනප්රිය ක්රමයක්.ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ wedding එක දවසට cake වෙනුවට Macarons දෙන්න.විවිධ රස වලින් සහ විවිධ වර්ණ වලින් Macarons හදලා ලස්සනට Design කරපු කුඩා bag එකක හරි එහෙමත් නැත්නම් Box එකක හරි දාලා අමුත්තන්ට දෙන්න.
Cake pops

මේකෙදි කේක් වල චොක්ලට් ගිල්වලා chocolate chips හරි candy coating හරි icing හරි දාලා සරසාගන්න.ඒ වගේම විදිහ රස වලින් විවිධ වර්ණයන්ගෙන් නිර්මාණය කරගන්න පුළුවන්.එහෙම නැත්නම් ඔයාගේ wedding එකේ Theme එකක් තියෙනවා නම් ඒ විදිහට කේක් නිර්මාණය කරගන්න
Brownies

වර්තමානයේ Weddings වල Wedding Cake වෙනුවට දෙන්න පුළුවන් ගොඩක් ජනප්රිය දෙයක් තමයි Brownies කියන්නේ.සාමන්යයෙන් Brownies වල උඩින්ම තියෙන Layer එක Wedding Cake වල වගේම තමයි.ඉතින් ඔයාට ඔයාගේ wedding එකේ වෙනසක් කරන්න ඕනේ නම් මේ Brownies දෙන්න පුළුවන්.ලස්සනට Pack කරලා wedding එකට එන අයට දෙන්න.ඒක එයාලටත් ගොඩක් ලොකු වෙනසක් වෙයි. Cake ball eka handak thiyenawa
Jordan Almond

අපි සාමන්යයෙන් Jordan Almond කනවනේ.හැබැයි Wedding එකකදී Jordan Almond දෙනවා කියන්නේ ඒක ලොකුම ලොකු වෙනසක්.මේවා ගන්නකොට නිකන්ම තියෙන ඒවා ගන්න එපා.විවිධ Colours වලින් තියෙන Jordan Almond ගන්න.ඊටපස්සේ ඔයාටත් පුළුවන් ඔයාගේ Wedding එකට එන අයට ලස්සනට Pack කරලා ,නැත්නම් ලස්සනට Design කරපු Box එකකට දාලා දෙන්න.
ඉතින් wedding එකට වෙනසක් කරන්න ඔයාට පුළුවන් මෙන්න මේ දේවල් කරලා බලන්න.කොහොමත් කොහෙවත් මේ වගේ දේවල් කරලා නැති නිසා ලොකු වෙනසක් වෙනවා නොඅනුමානයි



