hairstyle වලට Girlsලා නම් දක්වන්නේ දැඩි රුචිකත්වයක්.හැබැයි හැම අවස්ථාවකදීම දාන්නේ එකම hairstyle එක. ඒ කොහොම වුණත් මේ කියන්න හදන්නේ හැමදාම එකම hairstyle එක නැතුව අවස්ථාවේ හැටියට දාන්න ලස්සන hairstyle කිහිපයක් ගැනයි.
සති අන්තයට අලංකාර Fishtail Braid එකක්

මේක ටිකක් වැඩ වැඩි hairstyle එකක් විදිහට පෙන්න පුළුවන්. හැබැයි එය කරන්න එතරම් අපහසු නැහැ. ඔයාගේ කොණ්ඩය දිගින් වැඩි වන තරමට මේ විලාසිතාව ලස්සන වෙනවා.
Date Night එකට ප්‍රේමාන්විත Roll-up එකක්

Roll-up style එක ස්වාභාවිකවම රැලි සහිත කොණ්ඩයකට දානව නම් මේ hairstyle එක හොඳින්ම ගැළපෙනවා.
Party එකකට සරිලන නියම High-Ponytail එක

ස්වාභාවිකවම කොණ්ඩය කෙලින් එහෙමත් නැත්නම් straight ගතියක් තියෙනවා නම්, මේ style එක දාන්න ගොඩක් ලේසියි.ඒ වගේම තමයි මේ hairstyle එක ඕනෑම තැනකට ඕනෑම වෙලාවකට සුදුසුයි.
Movie Night එකට Top Knot එකක්

ඔයාගේ කොණ්ඩය ඉතා රැලි සහිත හෝ ඉතා straight ගතියකින් නොමැති එකක් නම් මේ වගේ style එකකින් ඉතා හොඳ පෙනුමක් ලබා ගන්න පුළුවන්.පොඩි වේලාවකින් Try කරලා බලන්න කොහොමද කියලා.
වැඩට යනකොට දාන්න හොඳ Professional Perfect

හොඳ තියුණු පෙනුමක් සහිත hairstyle එකකට නම් මේ style එක වඩාත් සුදුසුයි. එය ලංකාව වගේ රටක කාලගුණයට වුණත් ගැළපෙනවා. මොකද ගෙල පෙදෙස නිරාවරණය වන නිසා වැඩිය දාඩිය දාන්නෙත් නැහැ.
Evening out එකකට Side Twist එකක්

තරමක් රැලි සහිත කොණ්ඩයක් තියෙන කෙනෙක්ට තමයි මේ style එක ගැළපෙන්නේ.
යාලුවොත් එක්ක එළියට යන්න නම් Sophisticated ට්විස්ට් එකක්

කොණ්ඩය ගොතන්න කැමති ඔයාට තමයි මේක හොඳටම ගැළපෙන්නේ.
ඉතින් දැන් ඔයාට හැම තැනකටම එකම Hair style එක දගෙන යන්න ඕනේ නැහැ.එක එක තැන් වලට එක එක විදොහේ Hair style ගෙන යන්න පුළුවන්.ඒ විතරක්ද වෙනස්ම පෙනුමකුත් ගන්න පුළුවන්



