විවිධ හේතූන් ගොඩක් නිසා විවාහය කියන සංකල්පයට සෑම සංස්කෘතියක් ඇතුළෙම ලොකු වැදගත්කමක් හිමිවෙනවා.ඉතින් ඒ නිසා තමයි wedding එක පුද්ගලයෙකුගේ life එකේ second born day එක විදියට හදුන්වන්නේ.ගෑනු පිරිමි වෙනසක් නැතුව wedding එක හැමෝටම එක විදියටම වැදගත්.
ඒත් Lady කෙනෙක්ට marriage එකත් එක්ක එයාගේ life එකේ වෙනස් වීම ගොඩකට face කරන්න වෙනවා.ඉතින් ඒ නිසා lady කෙනෙක්ට marriage එක කියන්නේ එයාගේ full life එකම උඩු යටිකුරු කරන සිදුවීමක්.
විවාහයත් එක්ක ඔයාගේ life එකේ සිදුවන ඒ changes හොදට අවබෝධ කරගෙන විවාහ ජිවිතයක් start කලොත් විතරයි ඔයාගේ life එකේ සතුට ආරක්ෂා කරගෙන success wife කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ.
නමුත් අපි වගේ Asian countries වල marriage එකත් එක්ක ගොඩක් අය අවධානය යොමු කරන්නේ wedding එකත් එක්ක සමග බැඳුනු physical දේවල් වලට විතරයි.

Marry කරන්න ඉන්න couple එක වගේම එයාලගේ වැඩිහිටි දෙමාපියන්ද මාස ගානක ඉදලා මහන්සි වෙන්නේ wedding එක තියෙන hall එක book කරන්න, හොද saloon එකක් හොයාගන්න වගේ දේවල් වලට විතරයි.
ඉතින් ඒ නිසා ඔයත් ළඟදී marry කරන්න හිතාගෙන ඉන්න girl කෙනෙක් නම්, ඔයාගේ wedding එක plan කරනවා වගේ wedding එකෙන් පස්සේ ඔයාට ගෙවන්න තියෙන life එක ගැනත් අවබෝධයෙන් plan කරන එක ගොඩක් වැදගත් වෙනවා.
ඔයාගේ Partner එක්ක wedding එකෙන් පස්සේ ඔයාගේ life එක ගත කරන විදිය කතා කරන එක ගොඩක් වැදගත් දෙයක්. එතනදී වැදගත් කරුනක් තමයි ඔයාලා දෙන්නගේ family එකේ අනිත් membersලගේ චරිත ලක්ෂණ ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම.මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ Marry කරන්නේ අපි දෙන්නා නිසා, අපි දෙන්නා අපි දෙන්නා ගැන දැන ගත්තම ඇති කියන එක.
ඒත් ඒක ගොඩක් වෙලාවට වැරදි.ගොඩක් වෙලාවට නෙමෙයි ඇත්තටම ඒ දේ වැරදි.මොකද marriage එකක් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර පමනක් සිදුවන bond එකක් විතරක් නෙමෙයි නිසා.ඇත්තටම විවාහය කියන්නෙ පවුල් දෙකක එක් වීමක්. marriage එකෙන් පස්සේ ඔයාට අලුත් family එකක member කෙනෙක් වෙන්න සිදු වෙනවා.ඔයාගේ husband ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් එක්ක ගණුදෙණු කරන්න ඔයාට සිද්ද වෙනවා අනිවාර්යයෙන්ම.එතකොට එයාලගේ සිතුම් පැතුම්, චරිත ස්භාවයන් ගැන marriage එකට කලින් ඔයා දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වෙනවා.එතකොට ඔයාට පුළුවන් හැම නෑදෑ කෙනෙක්ගෙම සිත් සතුටු වන විදිහට කටයුතු කරන්න.
ඔයාගේ Marriage life එක සාර්ථකව වගේම සතුටින් ගත කරන්න husband ගේ family එකේ අයගේ සිත දිනාගන්න එක නම් අනිවාර්යය දෙයක් කියලා හොදට මතක තියාගන්න ඕනේ.
ඒ වගේම තමයි ගොඩක් girlsලට විවාහයෙන් පස්සේ husbandගේ family membersලා එක්ක එකම ගෙදර පදිංචියට යන්න සිද්ධ වෙනවා.එතකොට ඔයාට ජීවත් වෙන්න සිද්ද වෙන්නේ පොඩි කාලේ ඔයාගේ අම්මලා එක්ක හිටපු විදිහට නෙමෙයි.ඔයාගේ Family එකේ තිබුනු පරිසරයට වඩා වෙනස් පවුල් පරිසරයක.
හැම පවුලකටම අනන්‍ය වූ ස්ංකෘතියක් තියනවා, විවිධ විශ්වාසයන් තිබෙනවා.ඔයාට පුරුදු නැති අදහස් ඔයාගේ partnerගේ Family එකේ තියෙන්න පුලුවන්.අපි මෙහෙම හිතමුකෝ.එයාගේ Family එකේ Membersලගේ වගකිම්, භූමිකා ඔයාගේ family එකට වඩා වෙනස් වෙන්න පුළුවන්.ලේලියක් විදියට එයාගේ ගෙදරට යන ඔයාගෙන් එයාලා බලාපොරොත්තු වෙන වගකීම් තියෙනවනේ.අන්න ඒවා ගැන අවබෝධයක් එක්කම එයාගේ ගෙදරට යන්න පුළුවන් නම් එයාගේ ගෙදරදී ඔයාට මුහුණ දෙන්න සිද්ද වෙන අපහසුතා අඩු කරගන්න පුළුවන්
ඉතින් මේ නිසා ඔයා ඔයාගේ partner ගේ පවුල් පසුබිම ගැන විවාහයට කලින් එයත් කතා කරන්න.පුළුවන් නම් විවාහයට කලින් ඔයාගේ partnerගේ Family membersලා සහ ඔයාගේ Family membersලා එකතු වෙලා පොඩි trip එකක් යන්න, එහෙම නැත්නම් එයාල එක්ක එකතු වෙලා කතා කරන්න කාලය වෙන් කරගන්න.එතකොට හැමෝටම පුළුවන් එකිනෙකා හඳුනා ගන්න.
Marry කරන්න ඉන්න girl කෙනෙක්ට මුලින්ම මුහුණ දෙන්න තියෙන Challenge එකක් තමයි තමන්ගේ Patnerගේ Family membersලාගේ හිත දිනා ගැනීම.ළඟදී Marry කරපු Couple අතර පුංචි පුංචි නෝක්කාඩු ඇති වෙන්නත් එම ගැටළු දුර දිග ගිහින් අවසානයේ බොහෝ දෙනෙක්ගේ විවාහ දිවිය දික්කසාදයකින් කෙලවර වෙන්නත් බලපාන ගැටළුක් වෙලා, ඒ නිසාම ඔයත් ළඟදී Marry කරන්න idea එකක් තියෙන කෙනෙක් නම් මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.



