Like
Like Love Haha Wow Sad Angry
2

ලස්සන wedding එකක් කියන්නේ ඕනම girl කෙනෙක්ට තියෙන ලොකුම ලොකු හීනයක්නේ.ඒත් පෙරුම් පුරාගෙන බලන් ඉන්න විදියටම wedding එක ගන්නවා කියන්නේ මේ කාලේ නම් ටිකක් අමාරු වැඩක්.ගොඩක් අය අවුරුදු ගානක් තමන්ගේ future එක වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි විතරක් නෙමෙයි ගන්න පුළුවන් හැම loan එකක්ම අරගෙන තමයි wedding එක ගන්නේ.ආදරෙන්, සතුටින්, නිදහසේ new life එකක් start කරන්න ඕනේ වුණත් wedding එකට ගත්ත loan එක්ක face කරන්න වෙන්නේ ආර්ථික ප්‍රශ්න වලට.ඒක ඔයා සතුටින් start කරන්න හිතන් ඉන්න life එකට බාධාවක් වෙන්න පුළුවන්.ඒත් අපි smart විදියට හිතුවොත් future එකට බරක් කරගන්නේ නැතුව අඩු මුදලකින් ඔයාගේ dream wedding එක සැබෑවක් කරගන්න පුළුවන්.ඒ වෙනුවෙන් ඔයාට වැදගත් වෙන දේවල් ටිකක් තමයි අද කියන්න යන්නේ.

ළගම අයට Wedding එකට invite කරන්න.

Wedding එකක් plan කරද්දී තියෙන ලොකුම අභියෝගය තමයි invite කරන අය කවුද කියලා හිතන එක.කිසිම කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්න හැමෝටම invite කරන්න ඕනේ කියලා ඔයාට හිතෙයි.ඒත් ඔයා මේ වෙලාවේ ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ.ඔයාගේ life එකේ සමීපතම නෑදෑයෝ සහ යාළුවෝ තෝරාගෙන එයාලට විතරක් invite කරන්න.Wedding එකට සීමිත පිරිසක් විතරක් සහභාගී කරගන්නවා කියලා යාළුවන්ට වටහලා දෙන්න.

අමතක කරන්න එපා Smart කියන්නේ හැමෝම කරන දේ කරන එක නෙමයි creative වෙන එක.ඉතින් creative විදියට හිතුවොත් යාළුවෝ තරහ කරගන්නේ නැතුව ඔයාගේ budget එකට match වෙන wedding එකක් ගන්න පුළුවන්.

Five star hotel එකක් වෙනුවට ඔයාගෙම ගෙදර wedding hall එක කරගන්න.

ගොඩක් වෙලාවට wedding එකේ ලොකුම වියදම යන්නේ wedding hall එකට.ඔයාගේ ගෙදර ඉඩ තියෙනවා නම් ලස්සනට plan කරලා ඔයාගේ wedding එක ගෙදරම ගන්න පුළුවන්.එතකොට සල්ලි ඉතුරු වෙනවා වගේම ඔයාට කැමති විදියට ලස්සනම ලස්සන wedding එකක් තියන්න පුළුවන්.

ඔයාට හිතෙනවා නම් wedding එකක් තියන්න තරම් ගෙදර ඉඩ නෑ කියලා,ඔයාගේ wedding එක outdoor function එකක් විදියට තියන්න පුළුවන්.ලංකාවේ නම් ගොඩක් famous outdoor theme එක තමා beach wedding.ඇත්තටම මේ වගේ දෙයකින් ඔයාට අඩු වියදමින් සුන්දර wedding එකක් plan කරගන්න පුළුවන්

Liquor දෙන්නම ඕනෙද?

Liquor wedding එකකට ඕනෙමයි කියන මතය දැන් ගොඩක් දෙනා තුල නැහැ.Liquor නිසා ඔයාගේ සල්ලි වගේම wedding day එකේ සතුට පවා නැතිවෙන්න පුළුවන්.ඒ නිසා මධ්‍යසාර නැති wedding එකක් ඔයාටත් කරන්න පුළුවන් .ඒත් ඔයාට ඒ තීරණය ගන්න අමාරුම නම් liquor ගන්න wedding එක ලං වෙනකන්ම ඉන්න එපා.Wedding එකට දින දාගත්ත දවසේ ඉදලාම අතේ සල්ලි තියෙන විදියට සැරෙන් සැරේ liquor ගෙනත් stock කරගන්න.එතකොට wedding එක ලං වෙලා liquor වෙනුවෙන් ඔයාට ලොකු පිරිවැයක් එක පාරම දරන්න ඕනේ වෙන්නේ නෑ.

Wedding එක plan කරන්න family එකේ අයයි යාළුවොයි එකතු කරගන්න.

Wedding එකක් plan කරන්න wedding planer කෙනෙක්ට දෙන එක අවශ්‍යතාවයක් නෙමෙයි ඇත්තටම දැන් fashion එකක් වෙලා.ඒත් ඔයාට ඕනේ ලස්සන wedding එකක් නම් ඒකට match වෙන creative ideas ඕන තරම් ඔයාගේ යාළුවො, family එකේ අය ළග තියෙනවා.ඉතින් එයාලගෙන් ideas ගන්න.එතකොට wedding planerට නිකන් බොරුවට දෙන්න තිබ්බ සල්ලි ටිකත් ඔයාටම ඉතුරු වෙනවා.

Wedding එක දවසේ දෙන gift වෙනුවට ඔයාගේ යාළුවන්ගෙන් උදව් ඉල්ලගන්න.

ඔයාගේ යාළුවන්ට එක එක විදියේ talent තියෙන්න පුළුවන්.Sing කරන්න, cake හදන්න, dance, art works වගේ දේවල් කරන්න ඔයාගේ යාළුවන්ට පුළුවන් ඇති. ඉතින් wedding එක දවසේ දෙන gift එක වෙනුවට එයාලගේ talent වලින් ඔයාට support කරන්න කියලා එයාලගෙන් ඉල්ලීමක් කරන්න.එතකොට wedding cake, wedding invitation එක ඔයාට අඩු වියදමෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්.

විනෝදය පිරුණු honeymoon එකක්.

ගොඩක් අය හිතන්නේ සුන්දර honeymoon එකක් ගන්න නම් five star hotel එකකටම යන්න ඕනේ කියලනේ.සල්ලි වියදම් කරගෙන ලොකු hotels වලට යන ගොඩක් දෙනාට හිතුව තරම් සුන්දර honeymoon එකක් නම් ලබාගන්න පුළුවන් වෙන්නේ නෑ.මොකද මහන්සියත් එක්ක mind එක free කරගන්න අමාරුයිනේ.

ඒත් ඔයා ඔයාට ළග simple hotel එකක් select කරගත්තොත් මුදල් වගේම time එකත් ඉතුරු වෙනවා.එතකොට මහන්සියක් නැතුවම සුන්දර dreamy honeymoon එක හැබෑ කරගන්න පුළුවන් .

ඉතින් ළඟදීම සුන්දර මනාලියක් වෙන්න ready වෙන ඔයාගේ wedding එක අනවශ්‍ය වියදම් නැතුව සුන්දර විදියට plan කරන්න මේ දේවල් වැදගත් වෙයි කියලා මම හිතනවා.

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here