Like
Like Love Haha Wow Sad Angry
1

Girl කෙනෙක්ට තියෙන ලොකුම dream එක තමයි කවදාහරි දවසක ලස්සනම ලස්සන මනාලියක් වෙන එක.ඉතින් wedding එක දවසට හැම bride කෙනෙක්ම තමන්ගේ dress එක, ගමන, hair style එක, jewellery, හැසිරීම කියන හැමදේම ගොඩක් attractive විදියට තියාගන්න try කරනවා.මේ දේවල් වලින් ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක් වෙන්නේ මනාලියන්ගේ dress එක.ඉතින් wedding dress එක එහෙමත් නැත්නම් wedding Saree එක හරියටම select කරගන්න ඔයාට හොද අවබෝධයක් තියෙන්න ඕනේ.ඉතින් අද අපි හිතුවා හරියටම ඔයාට match වෙන wedding Saree එක තෝරාගන්න විදිය කියලා දෙන්න.

Price එක

ඔයා wedding එක plan කරනකොට dress එක වෙනුවෙන් කොච්චර මුදලක් වෙන් කරන්න පුළුවන්ද කියලා මුලින්ම හිතන්න ඕනේ.Sometimes ඔයාට Saree එකේ price එක කීය වුණත් ඒක ගන්න පුළුවන් කමක් ඇති.එහෙමත් නැත්නම් හිතට අල්ලනවා නම්, ලස්සනයි නම් ගාන ප්‍රශ්නයක් නෑ කියන මතයේ ඔයාගේ parentsලත් ඇති.ඒ කොහොම වුණත් shops වල ලොකු ලොකු ගණන් වලට තියෙන Saree ඒ quality එකටම ඊට වඩා අඩුවෙන් හදලා දෙන්න දක්ෂ wedding dress designersලා ඕන තරම් ඉන්නවා.ඉතින් ඒ නිසා ඔයාගේ වියදම් limit එක අදුරගෙන high quality වගේම පෙනුමෙන් වැඩි Saree එකක් මිලදී ගන්න එක තමා වැදගත්ම වෙන්නේ .

Dressing type එක

ඔයා උඩරට ක්‍රමයට ඔසරිය අදිනවද ,පහතරට විදියට සාරිය අදිනවද කියන එක ඔයා select කරගන්න Saree එක අනුව තමයි තීරණය වෙන්නේ.Shops වල තියෙන සමහර Saree ඔසරි අදින්න විතරයි match වෙන්නේ.ඒ වගේම තමා සමහර Saree වලින් ඔසරි ඇන්දම කිසිම ලස්සනක් පෙන්නේ නෑ.ඉතින් මේ නිසා ඔයා Saree එකක් ගන්න කලින් මුලින්ම තීරණය කරන්න ඕනේ wedding එක දවසට අදින්නේ උඩරට විදියටද, පහතරට විදියටද කියලා.

Body shape එක

ඔයා select කරගන්න හිතාගෙන ඉන්න Saree එක ඔයාගේ body shape එක අනුව වෙනස් කරගන්න ඕනේ.මහත, උස සිරුරක් තියෙන girl කෙනෙක්ට match වෙන්නේ ඇඟටම ඇලිලා තියෙන, කඩා හැලෙන හරි එහෙම නැත්නම් crepe silk saree එකක් හරි තමයි.ඒත් සිහින් කෙට්ටු සිරුරක් තියෙන girl කෙනෙක්ට match වෙන්නේ ලොකු boder එකක් තියෙන, hip එක කැපිලා පේන විදියේ saree එකක්.මහත girl කෙනෙක්ට නම් මේකේ අනිත් පැත්ත තමයි.

Skin colour එක

ඔයා මොන විදියේ saree එකකට කැමති වුණත් ඒක ඔයාට match වෙන්නේ ඔයාගේ skin colour එකට saree එකේ colour එක match වෙනවා නම් විතරයි.ඕනෑවට වඩා shine එකක් තියෙන saree එකකින් වෙන්නේ ඔයාගේ skin colour එක යටපත් වෙන එක.ඉතින් ඒ නිසා skin colour එක ඉස්මතු වෙන විදියට wedding saree එක තෝරගන්න එක ගොඩක් වැදගත්.

Jewellery

ඔයා Gold, silver, pearl හෝ මැණික් මිශ්‍ර කරලා jewellery හදනවානේ.හැබැයි එහෙමයි කියලා ඔයාට ඕනේ ඕනේ විදිහට jewellery use කරන්න බැහැ.ඔයා jewellery Use කරනකොට saree design එකේ colour එකට match වෙන්න තමයි jewellery use කරන්න ඕනේ.ඉතින් මේකට නම් beautificationගේ advice එක අනිවාර්යෙන්ම ඕනේ වෙනවා

Wedding saree එක select කරගන්න මෙච්චර දේවල් බලන්න ඕනේ කියලා හිතුවෙම නෑ නේද ඔයා.ඔන්න ඉතින් ළග ළගම එන ඔයාගේ wedding එකට මේ tips use කරලා ඔයාගේ wedding saree එක තෝරාගෙන බලන්නකෝ.Wedding එකට එන හැමෝම ඔයාගේ ලස්සනට වශී වෙලා ඉදි.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here