කැරලි කොණ්ඩයක් කියන්නේ ප්‍රශ්න ගොඩක්.ලස්සන වගේම තමයි කොණ්ඩය maintain කරන්න ගියාමත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවනේ. ඉතින් කැරලි කොණ්ඩයක් තියන ඔයාට මනමාලියක් වෙන දවසට කොණ්ඩය ලස්සනට තියාගන්නේ කොහොමද කියන්න තමයි මේ යන්නේ.
Hot oil massage

කැරලි කොණ්ඩයක් තියන ඔයාට සතියකට එක සැරයක් උණුසුම් තෙල් වලින් සම්බාහනයක් කර ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් වගේ සැහැල්ලු තෙල් වර්ගයක් පාවිච්චි කරන්න.ඒ වගේ තෙල් වලින් ඔයාගේ කොණ්ඩයට හොද පෝෂණයක් ලැබෙනවා.පොල් තෙල් බාවිතා කරන්න එපා. මොකද පොල් තෙල් බර නිසා ඔයාගේ කොණ්ඩයේ තියන කැරලි ගතිය වෙනුවට ඔලුවටම ඇලුණ කොණ්ඩයක් ඔයාට ලැබෙයි.ඒ නිසා හැම වෙලාවේම සැහැල්ලු තෙල් වර්ගයක් භාවිතා කරන්න අමතක කරන්න එපා.
Hair mask

ඔයා Facial කරනකොට මුණට දානවා වගේම කොණ්ඩෙටත් mask එකක් දාන්න අමතක කරන්න එපා. කිරි, කෙසෙල් , කෙරටින්, ආගන් තෙල් තියන mask එකක් දන්නා පුළුවන් නම් වඩාත් හොදයි. Hair mask එකකින් ඔයාගේ කොණ්ඩෙට හොද පෝෂණයක් වගේම තෙතමනයක් ලබා ගන්න පුළුවන්.
DIY

ඒ වගේම ගෙදර ඉදන් පොඩි පොඩි අත් හදාබැලීම් කරන්න පුළුවන්.ඔයාට wedding එකේ වැඩත් එක්ක saloon යන්න වෙලාවක් නැත්නම් සතියකට වතාවක් යෝගට් එකක් හිසකෙස් වල ආලේප කරලා soft shampoo එකකින් සෝදන්න පුළුවන්. යෝගට් එක්ක කෙසෙල් ගෙඩියක් එකතු කර ගන්න පුළුවන් නම් තවත් හොදයි.මෙහෙම කලාම දිලිසෙන කැරලි කොණ්ඩයක් ඔයාට ලබා ගන්න පුළුවන්.
Serum

ඔයාගේ කොණ්ඩය කැරලි නිසා නිතර හෝදන එකෙන් වියලි බවක් දැනෙන්න පුළුවන්. ඒ වෙනුවට serum පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කොණ්ඩය සේදුවත් serum ගාන්න අමතක කරන්න එපා. එකෙන් ඔයාගේ කොන්ඩේ කැරලි ගතිය රැක ගන්න පුළුවන්.
ඉතින් ලස්සන වුනාට කරදරයක් කියල හිතපු ඔයාගේ කැරලි කොණ්ඩය ගැන තව දුරටත් වද වෙන්න ඕනේ නෑ. Bride කෙනෙක් වෙන දවසට කැරලි කොණ්ඩයක් තියන එක ගැන ඔයාට ගොඩක් සතුටු හිතේවි.



