Like
Like Love Haha Wow Sad Angry

කහ කියන්නේ ගෙදර පාවිච්චි කරන කුළු බඩුවක්.ඒ වගේම කහ නැති තැනක් හොයා ගන්නත් නෑ. කෑම උයද්දී වගේම තුවාලයක් වුණාම ලේ ගලන එක නතර කරන්නත් අපි කහ පාවිච්චි කරනවා.ඒ විතරක් නෙවෙයි, කහ කියන්නේ බොහොම හොද beauty product එකක්. හැබැයි අද අපි කියන්නේ කහ වලින් කරන්න පුළුවන්, හැබැයි ඔයා දැනගෙන හිටියේ නැති විශේෂ රහස් ටිකක්.

Foundation Mix කරන්න

ඔයා කොච්චර හොයලා ගත්තත් ඔයාගේ skin එකට හරි යන foundation එකක් තාමත් හොයා ගන්න හම්බවුණේ නෑ නේද? ඔයාට පුළුවන් කහ වලින් ඔයාගේ Face එකට හරියටම හරි foundation එක හදා ගන්න.ඔයා පාවිච්චි කරන foundation එකත් එක්ක කහ ටිකක් mix කර ගන්න.ඔයාගේ මුහුණට ලස්සන පැහැයක් ඒකෙන් ගන්න පුළුවන්. BB Cream එකක් එක්ක වුණත් ඔයාට කහ mix කරගෙන foundation එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

Lips ලස්සනට තියාගන්න

ඔයාගේ Lips Dry වෙලා නම් ඔයාට පුළුවන් කහත් එක්ක මී පැණි ටිකක් mix කරලා ඔයාගේ තොල්වල ආලේප කරන්න.එහෙම ටික වෙලාවක් පිරිමැදලා සෝදන්න.පස්සේ moisturize කරන්න.

කුරුලෑ වලින් නිදහස්

ඔයාගේ මුහුණේ කුරුලෑ නිසා අවලස්සන නැති කරන්න කහ වලට පුළුවන්. කෝමාරිකා එක්ක කහ ටිකක් mix කරලා කුරුලෑ තියන තැන වල ආලේප කරන්න.ටික වෙලාවක් මෙහෙම තියලා සෝදන්න. කුරුලෑ වලින් මිදෙන්න ඔයාට හරිම ලේසි.

ඉතින් ඔයා කහ වලින් කරන එක එක beauty tips දැනගෙන හිටියට මේ දේවල් ඇහුවේ අදමයි නේද? ඉතින් ඔයාට හරිම ලේසියෙන් ගෙදර ඉදන්ම ලස්සන වෙන්න කුස්සියේ තියන කහ වලින් පුළුවන්.ඔයාගේ යාළුවො එක්කත් මේ රහස බෙදා ගන්න අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here