Pasta, Noodles කියන්නේ අපි නිතරම දකින කෑමක්.හැබැයි එකම රසට තමයි කන්නේ.ඒ නිසා ඔයාට දැන් මේ කෑම එපා වෙලත් ඇති.හැබැයි අද මේ කියලා තියන විදියට ඔයා pasta හැදුවොත් හැමදාම ඔයාට Pasta කන්න ආස හිතෙයි. ප්‍රධාන වේල් වලට අමතරව පොඩි කෑමක් කන්න අපි හැමෝම පුරුදු වෙලානේ ඉන්නේ.ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ රස කෑමක් පවුලේ අය එක්ක එකතු වෙලා රස බලන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය

- Pasta 500g
- මාගරින් 70g
- වියළි රතු මිරිස් කරල් පහක්
- සුදුළුණු 40g
- ලුණු
- ගම්මිරිස්
සාදන අකාරය

- බදුනක් ගෙන ලුණු දමා pasta ටික තම්බන්න
- වියලි මිරිස් සුදුළුනු කුඩාවට කපාගෙන මාගරින් දමා පිස ගන්න.
- Pasta තැම්බූන පසු වතුර පෙරාගෙන මිශ්‍රණය එකතු කරන්න.
- අවශ්‍ය පමණට ලුණු ගම්මිරිස් යොදා පිස ගන්න.
ටිකක් සැරට කන්න කැමති අයට, වෙනස් රසට කන්න කැමති අයට වගේම මිරිස් සැර ටිකක් අඩු කළා නම් පොඩි බබාලට වුණත් දෙන්න පුළුවන් රසම රස කෑමක් තමයි මේ. අමුත්තෙක් ආවම වුණත් හැමදාම බත්ම දෙනවා වෙනුවට මේ වගේ Pasta එකකින් සංග්‍රහ කරන්න පුළුවන් නම් හොදයි නේ.



