සාමාන්‍යයෙන් wedding එක දවසේ වැඩිපුරම අවධානය යොමු වන්නේ brideගේ පැත්තට. හැබැයි ඒ වගේම මනාලයා, දෙවෙනි මනාලියන්, දෙවෙනි මනාලයන්, මල් කුමාර ,කුමරියන් ගැනත් අවධානය යොමු නොවෙනවාම නෙවෙයි. ඔයාගේ wedding එක Plan කරද්දී හිතන්න ඔයාට ගොඩක් දේවල් තියෙනවා. තරුණියක් විදිහට ඔයා බලන විශේෂම දේ තමා දෙවෙනි මනාලියන්. ඔයා තෝරාගන්න දෙවැනි මනාලියන් කවුද? wedding එක දවසේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මොනවද කියන එක ඔයාගේ plan එකේ එක් අංගයක්. ගොඩක් වෙලාවට ඔයා දෙවෙනි මනාලියන් ලෙස තෝරාගන්නේ ඔයාගේ යහෙළියන්. හැබැයි දැන් කාලේ නම් ආවට ගියාට දෙවෙනි මනාලියන් තෝරාගන්න වෙන්නේ නැහැ. ඒ සඳහා මෙන්න මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕන.
brideගේ ස්වභාවය

brideගේ යෙහෙළියන් තෝරා ගැනීමේදී හැමවෙලේම brideගේ ස්වරූපයට ගැළපෙන අයුරින් හා ඇගේ උස මහතට ගැළපෙන ලෙසින් තෝරාගන්න ඕන. bride වඩා වඩාත් මහත වූ වඩාත් කෙට්ටු වූ හෝ උස් වූ නැත්නම් වඩාත් මිටි වූ ස්වරූපයේ අය තෝරා ගන්න නම් එපා. ඒ වගේම bride වඩා වඩාත් වැඩිමල් බවක් පෙනෙන හෝ brideට වඩා ඉතාමත් ළාබාල පෙනුමක් ඇති යුවතියක් දෙවැනි මනාලියන් සඳහා තෝරා ගන්නා අවස්ථා ද ඕන තරම් තියෙනවා. ඒකත් එතරම් සුදුසු දෙයක් නම් නෙවෙයි. ඔයාගේ දෙවෙනි මනාලිය ලෙස ඔයා තෝරාගත යුතු වන්නේ තම සම වයසේ සිටින unmarried girlsl ලා
විශේෂයෙන්ම brideගේ උස මහතට අනුව යෙහෙළියන්ව දෙවෙනි මනාලියන් ලෙස තෝරාගන්න. ඔයාගේ හිතුමතේට යෙහෙළියන් තෝරා ගත්තොත් විවිධ නොගැළපීම් ඇති වෙන්න පුළුවන්.
රූපලාවණ්‍ය සත්කාර

wedding එකට මාස 6කටවත් කලින් ඔයාගේ රූපය ලස්සන කරගන්න පටන් ගන්න ඕන. ඒ විදිහට ඔයා රූපලාවණ්‍ය සත්කාර කරද්දී දෙවෙනි මනාලියන්ද ඊට සහභාගී කළ යුතු වෙනවා. ගොඩක් වෙලාවට wedding එක ආසන්න වනතෙක් රූපලාවණ්‍ය ශිල්පියා හමුවීමට bride පැමිණිය ද දෙවැනි මනාලියන් රූපලාවණ්‍ය ශිල්පියා හමුවට නොඑන අවස්ථා ද තිබෙනවා. සමහරවිට ඔවුන්ගේ යම් යම් රාජකාරි නිසා වෙන්න පුළුවන්. ඒ හින්දා දෙවැනි මනාලියන්ගේ හැඩගැන්වීම්වලට නිවැරැදි නිගමනයකට එළැඹීමට රූපලාවණ්‍ය ශිල්පියාට නොහැකි වෙනවා. මේ නිසා wedding එක දවසේ උදෑසන තමයි කිසිදු පෙර සූදානමක් නොමැතිව හැඩ ගැන්වීම් කටයුතු කරන්නට සිදුවන්නේ. සමහරවිට ඒ අවස්ථාවකදී ඔවුන් හිස කෙස්වලට තෙල් දමා තිබීම, හිසකෙස් හරිහැටි සකසා නොතිබීම, ඇහිබැමි සකසා නොතිබීම, අනවශ්‍ය රෝම ඉවත්කර නොතිබීම, නිය ක්‍රමවත්ව සකසා නොතිබීම, මුහුණේ කුරුලෑ ලප කැළැල් තිබීම වැනි ගැටලුවලට මුහුණ දෙන්න රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට සිදු වනවා.
ඉතින් දැන් තේරෙනවා නේද Bride වගේම bridesmaids ලා ගැනත් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ කියලා.මොකද මේක පොඩි වැඩක් නෙමෙයි,ලොකු වැඩක්.ඒ නිසා bridesmaidsලා ගැනත් මුල ඉදන්ම හිතන්න



