ඕනෑම ගැහැණු ළමයෙක් තමන්ගේ රූපය ලස්සනට තියාගන්න විවිධ රූපලාවන්‍යා සත්කාර කරනවා. හැබැයි ගොඩ දෙනෙක් සැලකිලිමත් වන්නේ තමන්ගේ බාහිර රූපය ගැනයි. හැබැයි ඔයා කොච්චර පිටින් ආලේපන ගෑවත්, makeup දැම්මත් වැඩක් නැහැ ඔයා ඔයාගේ අභ්‍යන්තර සිරුර ගැන හිතන්නේ නැති නම්. මොකද ඔයාගේ රූපය ලස්සනට තියාගන්න ගොඩක්ම බලපාන්නේ ඔයාගේ සිරුර අභ්‍යන්තරයේ නිරෝගීකමයි.
සිරුරේ උෂ්ණත්වය

අපේ සිරුර හරියට යන්ත්‍රයක් වගෙයි. රාත්‍රී නින්දේදී පවා සිරුරේ අවයව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම සිරුරේ උණුසුමත් සෑම විටම අඩු වැඩි වෙනවා. හැබැයි ඔයාගේ සිරුරේ උෂ්ණත්වය වැඩි වීම නම් ඔයාගේ රූපයට ගොඩක් බලපානවා. එමඟින් ඔයාගේ සමේ නිතරම ආසාදන තත්වයන් හෝ වෙනත් ගැටලුකාරී තත්වයන් මතු වෙනවා. ඒ නිසා ඔයාගේ සිරුරේ උෂ්ණත්වය හොඳින් පාලනය කරගන්න ඔයා උත්සහ කරන්න. නිතරම ජලය පානය කරන්න. අවම වශයෙන් දිනකට වතුර වීදුරු 8ක්වත් පානය කළ යුතු වෙනවා.
හොඳින් මුත්‍රා පිට කරන්න

සෑම පැය 6කට වරක්වත් වකුගඩුවලින් පෙරී එකතු වන මුත්‍රා පිට කළ යුතුයි. හැබැයි කාර්යබහුලත්වය නිසා වායු සමීකරණ කාමරවල සිටීම හෝ අපිරිසුදු වැසිකිළි නිසා හෝ දුර ගමනක් යනවා නම් හෝ ගොඩක් දෙනෙක් පැය 12 – 16ත් අතර කාලයක් අපහසුතාවයෙන් සිර කරගෙන සිටින අවස්ථා ද තිබෙනවා. එහෙම සිටීමෙන් ඔයාගේ ශරීරයේ අපද්‍රව්‍ය පිට නොවීම නිසා සිරුරට විශාල ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා වායුසමීකරණ ස්ථානවල පැය 3කට වඩා වැඩ කරන හැමෝම අවම වශයෙන් මඳ රස්නෙ වතුර කෝප්ප 4ක්වත් පානය කරන්න හුරු වෙන්න. ඒ වගේම සමේ තෙතමනය රඳවා ගන්න නම් කෝමාරිකා, ඇප්රිකොට් සහ ආමන්ඩ් අඩංගු මොයිස්චර්රයිසින් ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න. එමඟින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම සම සුසිනිදු කිරීම, සම පැහැපත් කිරීම ද සිදු කෙරෙනවා.
පෝෂණයේ වැදගත්කම

ඔයාගේ රූපය ලස්සනට තියාගන්න නම් ආහාර රටාවත් ගොඩක් වැදගත්. ඒ නිසා උදෑසන ආහාරවේල නම් මඟඅරින්න එපා. ඒ වගේම පළතුරු සහ කොළ පැහැති එළවලු සහ පලා වර්ග ලබාගන්න ඕන. හැබැයි සමහරු හිතන් ඉන්නවා රාත්‍රියට කෑම නොකා පළතුරු පමණක් ආහාරය ගැනීමෙන් සිරුර ලස්සන කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒක වැරදි මතයක්. ඒත් ඔයාට පුළුවන් ඔයාගේ සිරුරේ සුන්දරත්වය රැක ගන්න grape seed, green tea, black currant, vitamin E, vitamin C, D3, B complex, folic acid සහ biotin අඩංගු capsule එකක් ගන්න. මොකද, ඔයාගේ හිසකෙස්, සම, නියපෙළ නිරෝගීව පවත්වාගෙන යාමට මෙම ස්භාවික සංඝටක වලින් ලබා දෙන පෝෂණය අත්‍යවශ්‍යයි. ඒ සඳහා බාහිර ආලේපන විතරක් නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ශරීරයට අභ්‍යන්තර පෝෂණයත් ගොඩක් වැදගත්.
සිරුර ලස්සන කරගන්න කියලා අවදානම් වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා.ඊටපස්සේ ඔයාට වෙන වෙන Side Effect ඇති වෙන්න පුළුවන්.ඒ නිසා මේ කියපු දේවල් කරලා බලන්න.



