Like
Like Love Haha Wow Sad Angry

ඔයා රැකියාවක් කරන්නේ ගොඩක් බලාපොරොත්තුවෙන්. මාසේ අවසනයේ salary එකක් විතරක් නෙවෙයි, ඊට එහා දේවල් ගොඩක් ඔයා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රැකියා ස්ථානයේ හොඳම සේවිකාව වෙන්න කැමති ඇති. සාමාන්‍යයෙන් ආයතනය සේවකයෙකුගෙන් බලාපොරොත්තු වන දේවල් කීපයක් තියෙනවා. ඒවා මොනවද කියලා හරියටම දැනගෙන හිටියොත් නම් ඔයාට පුළුවන් ආයතනයේ හොඳම සේවිකාව බවට පත් වෙන්න.

වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න

උදේට alarm එක off කරලා නිදාගෙන, late වෙලා office දුවන්නේ නැතුව උදේම නැගිටින්න පුරුදු වෙන්න. මොකද late වෙලා office එකට එන අයට ආයතන ප්‍රධානීන් එතරම් කැමැත්තක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔයාට පවරන වැඩ රාජකාරි නියම වෙලාවට අවසන් කරලා භාර දෙන්නත් අමතක කරන්න එපා. ඒක හොඳ සේවකයෙකුගේ ලක්ෂණයක්.

අන් අයට ගරු කරන්න පුරුදු වෙන්න

හැමෝටම එක වගේ ගරු කරන්න පුරුදු වෙන්න. හැබැයි ආයතනයේ ඉහළ සේවකයන්ට දෙකට නැමිලා හෝ පහළ සේවකයින්ට අහංකාරකම පෙන්වන එක නම් නෙවෙයි. ඔයාගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔවුන්ට ගරු කිරීම ප්‍රමාණවත්.

ඔයා භාවිතා කරන භාණ්ඩ වලට ආදරේ කරන්න

ඔයා office වැඩ කරද්දී ඔයාට උදව් වන විවිධ භාණ්ඩ, උපකරණ භාවිතා කරනවනේ. ඉතින් අන් අයට ගරු කරනවා වගේම ඔයාගේ වැඩ වලට උදව් වන උපකරණ වලටත් ගරු කරන්න, ආදරේ කරන්න පුරුදු වෙන්න. මොකද ඔයාගේ වැඩ වල සාර්ථකත්වයට lap එක, පුටු, මේස වගේම අනෙක් දේවල් ඔයාට ගොඩක් උපකාරී වෙනවා. ඔයා ඒවාට ආදරේ කරන තරමටම ඔයාට පහසුවෙන් සහ ඵලදායිව රාජකාරි කටයුතු සාර්ථක කරගන්නත් පුළුවන්.

ඵලදායි පුද්ගලයෙකු වන්න

ඔයාට තියෙන කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන නිවැරදිව සහ ඵලදායීව කටයුතු කරන්න. ඒ වගේම තමන්ට හැකි උපරිමයෙන් වැඩ කරන්න. වැඩ ඉවර වුණාට පස්සේ තවත් කාලය ඉතුරු වෙලා තියෙනවා නම් අනිත් අය එක්ක කතා කර කර ඉන්න එක හෝ social media වල සැරිසරන්නේ නැතිව ඔයාගේ විෂය ක්ෂේත්‍රයට අදාළ නව දැනුම සොයන්න.

පෞද්ගලික ජීවිතය සහ රැකියා ජීවිතය පටලවා ගන්න එපා

නිවසේ ඇති ප්‍රශ්න වල පීඩනය නිසා ඔයා ආයතනයේ වැඩ මඟහැර ගන්න එපා. එහෙම වුණොත් ඔයාට සාර්ථක සේවකයෙක් වෙන්න ගොඩක් අමාරුයි. සමහර පෞද්ගලික ගැටළු වලින් මිදෙන්නට අපහසු වුණත් එය ඔයාගේ රැකියාවට බාධා එල්ල කරන බව මතක තබා ගන්න. ඒ වගේම ඔයාව රැකියාවට බඳවා ගත් දිනයේ ලබාදුන් උපදෙස්, නීති කිසිම වෙලාවක අමතක කරන්න එපා. මොකද සමහර සේවකයන් නීති රීති පිළිපදින්නේ ආයතනයට හුරු වන තෙක් පමණයි.

මම හිතන්නේ ඔයාට මම කියපු දේවල් තේරුණා.ඒ නිසා Office එකේ වැඩ කරනකොට පරිස්සමෙන් සහ ඵලදායිව වැඩ කරන්න.ඒකෙන් පුළුවන් ඔයා ඉන්න positin එකෙන් එහාට ඔයාව ගෙනියන්න.හැබැයි මේ දේවල් දවසක් දෙකක් කරලා හරියන්නේ නැහැ.හැමදාම කරන්න ඕනේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here