Like
Like Love Haha Wow Sad Angry
11

wedding එක දවසට saree එක ගැන විතරක්ම නෙමෙයිනේ හිතන්න ඕනේ.Jewellery ගැනත් හිතන්න වෙනවා.මොකද saree එක වගේම Jewellery කියන්නේ ඔයාගේ ලස්සන වැඩි කරන තවත් එක් අංගයක්.හැබැයි සමහර වෙලාවට ඔයා Jewellery select කර ගන්නකොට saree එක ගැන හිතන්නේ නැහැ.ලස්සන ගැන විතරයිනේ හිතන්නේ,එහෙම වුණොත් ඔයාට ඔයාගේ wedding එක දවසට ඉන්න වෙන්නේ ගොනයි මීමයි වගේ.match වෙන තරමට තමයි ලස්සන වැඩි වෙලා පේන්නේ.ඒ නිසා තමයි Jewellery ගන්න කලින් හොඳට හිතන්න ඕනේ වෙන්නේ.

01) සල්ලි කන Wedding Jewellery

Wedding එක ලං වෙද්දී Loan ගහලා wedding එකෙන් පස්සේ ඔයා හොඳටම ණය වෙලා ගෙවාගන්න බැරි වෙනවා.ගොඩක් wedding එක අන්තිමට නවතින්නේ ඔතනින්.ඒ නිසා wedding එක අන්තිම වෙනකන්ම ඔයාගේ Management එක තමයි ගොඩක්ම වැදගත්.Jewellery ගන්න විතරක් නෙමෙයිනේ hall එක ඇඳුම් හැම දෙයකම වියදම ගැන හිතන්න ඕනේ.ඉතින් ඔයාගේ අතේ තියෙන මුදල නිවැරදි විදිහට සියලු අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන්න සිදු වෙනවා.ඒ නිසා ඔයා Jewellery මිලදී ගන්න කොපමණ මුදලක් වෙන් කරනවාද කියලා තීරණය කරන්න

02) හොඳම මෝස්තරය select කර ගණන් එක වැදගත්

ඉස්සර වගේ නෙමෙයිනේ දැන් තාක්ෂණයත් එක්ක වැඩ කරගන්න එක හරිම ලේසියි.ඔයාට Jewellery select කර ගන්න එක විතරක් නෙමෙයි හොඳම සහ ලස්ස්සනම Jewellery තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්නත් ලේසියි.අව්වේ කර වේවි එහෙ මෙහෙ ඇවිදින්න ඕනේ වෙන්නෙත් නැහැ.ඔයාට කැමති design එකක් තියෙනවා නම් ඒක ඔයගේ dress එකට ගැලපෙනවද කියන එකත් ඔයාගේ dress එක නිර්මාණය කරන කෙනා එක්ක කතා කරගන්න

03) Strong ඒවා තමයි හොඳම

Wedding එකට ගන්න Jewellery එදාට විතරක් නෙමෙයිනේ දාන්නේ,ඒ නිසා Jewellery ගන්නකොට ඒවායේ තියෙන පෙනුම ,හැඩය ගැන හිතනවා වගේම කොච්චර strong ද කියන එකත් හිතන්න ඕනේ.සමහර වෙලාවට price එක අඩු ලස්සන ඒවා ශක්තිමත් නැහැ.ඒ නිසා Jewellery ගන්න කලින් පෙනුම ගැන හිතනවා වගේම ශක්තිමත් බව ගැනත් හිතන්න.

04) කාත් එක්කද යන්නේ

Jewellery ගන්න යනකොට ඒ ගැන හොඳ sense එකක් තියෙන කෙනෙක් එක්ක යන්න.අනිත් එක එයාටත් එක්ක Jewellery ගන්නවා නම් එයා එක්කම යන්න.ඒ විතරක් නෙමෙයි ගොඩක් වංචා කරන Jewellery shop තියෙන නිසා ඒ ගැනත් පරිස්සම් වෙන්න වෙනවා,

05) Wedding ring එකත් special

වර්තමානයේ බොහෝ දෙනාගේ කැමැත්ත තියෙන්නේ gold colour ring වලට වඩා silver colour ring වලට.ඉතින් මංගල මුදුව select කර ගන්නකොට දෙදෙනාගේම කැමැත්ත ඕනේ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය ring එකක් පළඳින්න කැමති නැත්නම් ඔයාලගේ පෙනුමට ගැලපෙන විදිහට ring එක නිර්මාණය කරගන්න.ඒ වගේම ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සහ කැමති colour එකකින් ring එක නිර්මාණය කරගන්න.

06) හරියට Measure කරගන්න

සාමාන්‍යයෙන් ඇඳුමක් මහන්න ගියහම මුලින්ම කරන්නේ මිම්ම ගන්න එක.මිම්ම හරියට ගත්තේ නැත්නම් වෙන්නේ ඇඳුම අඳින්න බැරි තරම් tight වෙයි.එහෙමත් නැත්නම් ගොඩක් ලොකු වෙයි.ඉතින් wedding ring එක කියන්නේ ජිවිත කාලයම අතේ පැළඳගෙන ඉන්න දෙයක්.ඒ නිසා අනිවාර්යයෙන් ring එකක් ගන්න ගියත් හරියටම Measure කරගන්න ඕනේ.ඒකට හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්ට කියලා කරගන්නවා නම් තමයි ගොඩක් හොඳ.නැත්නම් කලබලේ wedding ring select කරගෙන අමාරුවේ නම් වැටෙන්න එපා

ඉතින් දැන් ඔයාට තේරෙනවනේ ගන්නන් වාලේ Jewellery ගන්න බැහැ කියලා.හොඳට හිතලා බලලා ගන්න ඕනේ.මොකද wedding එක එන්නේ ජීවිතේට එකම එක පාරක් වුනත් Jewellery ගන්න ඕනේ හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට.

Like
Like Love Haha Wow Sad Angry
11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here