සාරිය අද ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය ඇඳුමක්. party වලට,wedding වලට ඔයා නිතරම dress කරන්නෙත් සාරිය.හැබැයි සමහර වෙලාවට ඔයා මහත කෙනෙක් නම් සාරි ඇන්දොත් ඔයාව ලස්සනට පේන එකක් නැහැ.හැමෝම කැමති තමන්ගේ පෙනුම ටිකක් ඉස්මතු වෙලා තියෙන ඇඳුම් අඳින්න,මොකද ඒකෙන් ඔයාව ලස්සනට කැපිලා පේනවා.ඒ නිසා අපි හිතුවා ඔයාගේ body shape එක ලස්සනට පේන විදිහට සාරි එක තෝරාගන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න. ඔයාගේ මහතට ගැළපෙන විදිහට සාරිය සහ Jacket එකා තෝරා ගන්නේ මෙහෙමයි.
01) High Neck සාරී ජැකට් නම් අඳින්න එපා.

High Neck සාරී ජැකට් එකක් සාමාන්‍යයෙන් Match වෙන්නේ ශරීරයෙන් කෙට්ටු කෙනෙක්ට විතරයි.මොකද එයාලගේ neck එක ටිකක් දිගු නිසා ඒ වගේ සාරි ජැකට් එකක් ගැළපෙනවා.නමුත් සිරුර මහත සහ මිටි කෙනෙක්ගේ ගෙල එතරම් දිග නැති නිසා High Neck සාරි Jacket ගැළපෙන්නේ නැහැ.ඒ ඇයි දන්නවාද මේ වගේ සාරි Jacket එකකින් ඔයාගේ මහත වැඩි කරලා පෙන්නනවා.ඉතිං ඔයාගේ සිරුර ටිකක් මහතායි නම් බෝට්ටු කර තියෙන සාරී පැකට් එකක් තමයි ගැලපෙන්නේ.අනිත් කාරණය තමයි neck එක ළඟටම කර තියෙන සාරි Jacket මහන්න එපා.
02) අත් දෙක දිගට දැම්මොත් ලස්සනයි.හැබැයි ඔයාට ගැලපෙයිද ?

සාමාන්‍යයෙන් අත් දිග jacket එකක් ඇන්දොත් ගොඩක් ලස්සන පෙනුමක් ලැබෙනවා.ඒ වුණාට ඔයා ටිකක් short සහ fat කෙනෙක් නම් මේ style එක ඔයාට ගැලපෙන්නේ නැහැ.මොකද ඒකෙන් ඔයාගේ මහතා තවත් වැඩියෙන් පේනවා.ඔයාට ඒ වෙනුවට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.saree jacket එකට ටිකක් short අත් තියෙන විදිහට මහගන්න.හැබැයි ඉතින් ඔයාට අත් දිගට අඳින්න ඕනෙම නම් වැලිමිටට උඩින් අගලක් දෙකක් දිග තියලා මහන්න.එතකොට ඔයාගේ පෙනුම එතරම් මහතට පේන්නේ නැහැ.
03) සාරි පොට දාන්නේ කොහොමද ?

මහත කෙනෙක්ගේ උරහිස් සාමාන්‍යයෙන් පළල නිසා සාරී පොටේ රැළි ටික සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙන විදිහට අදින්න.හැබැයි ඔයා පොඩියට රැලි තියලා ඇන්දොත් ඔයාගේ උරහිස් වල පළල තවත් කැපිලා පේනවා.ඒකෙන් ඔයාගේ මහත තවත් වැඩියෙන් පේන්න ගන්නවා.ඔයා කරන්න තියෙන්නේ සාරී පොටේ රැළි ටික සාමාන්‍ය ප්‍රමාණයෙන් තියලා අඳින එක.
04) Material එකත් වැදගත්

සාමාන්‍යයෙන් සිරුර මහත කෙනෙක් Dark colour එකක් තියෙන සාරියක් ඇන්දොත් ඔයාගේ සිරුරේ මහත අඩු වෙලා පේනවා. black colour එකේ සාරියක් ඇඳලා බලන්න ඔයාගේ මහත අඩුවෙලා පේනවා නේද කියලා.ඒ නිසා ඔයා මතක තියාගන්න සාරි select කරගන්න කොට තද දුඹුරු, තද දම්, තද නිල් වගේ colours වලින් select කර ගන්න.
සාරිය වගේම සාරි Jacket එකෙනුත් පුළුවන් ඔයාගේ සිරුර කෙට්ටුවට පෙන්වන්න.තිරස් අතට ඉරි තියෙන රෙදි වර්ගයක් භාවිතා කරලා සාරි Jacket මසන්න එපා.ඒවාගෙන් ඔයාගේ මහත තවත් ඉස්මතු කරලා පෙන්වනවා.ඒ නිසා සාරි Jacket එකට නිතරම සිරස් ඉරි තියෙන රෙදි වර්ගයක් භාවිත කරන්න.ඒ විතරක් නෙමෙයි ඔයා Jacket එක මහණකොට plain colour
එකක් ගන්නවා නම් ටිකක් Dark colour එකක් තියෙන material එකක් ගන්න.
ඉතින් දැන් ඔයා short වුණා කියලා saree අඳින්න බය වෙන්න දෙයක් නැහැ මොකද දැන් ඔයාට පුළුවන් මහත පෙන්නේ නැති වෙන විදිහට saree එක හදා ගන්න.ඒ විතරක් නෙමෙයි මහගන්නවා නම් මොන වගේ material එකක්ද ගැලපෙන්නේ කියන එකත් මම කිව්වා.ඉතින් fashion කරන ඔයාට saree එකත් දැන් නැතුවම බැරි වෙයි කියලා මම හොඳටම දන්නවා ?



