අපි wedding එක ගන්නේ ලස්සනට plan කරලා.සාමාන්‍යයෙන් අවුරුද්දකට විතර කලින් ඉදලා ඔයයි එයයි පවුලේ අයයි එකතු වෙලා wedding එක plan කරනවා.හැබැයි සමහර වෙලාවට අපිට සමහර තැන් වලදී වරදින්න තියෙන ඉඩ වැඩියි.ඒවා සිද්ද වෙන්නෙත් අපි නොදැනුවත්වම වෙන්නත් පුළුවන්.ඉතින් ඔයාගේ ලස්සනම දවසේ ප්‍රශ්නයක් නොවන විදිහට වැඩ කරගන්න නම් කලින් මොනවද වෙන වැරදි කියලා දැනුවත් වෙලා ඉන්න ඕනේ.
01) වැස්සොත් මොකද කරන්නේ

Out Door wedding එකක් ගන්න ඉන්න ඔයා නම් අනිවාර්යයෙන් මේ ගැන හිතන්නම වෙනවා.මොකද දන්නවද කාලගුණය ගැන අපිට කලින් කියන්න බැහැනේ.අපි මොකටද නේද wedding එක දවසෙත් ඒ වගේ අවදානමක් ගන්නේ නේද.ඉතින් ඔයාට පුළුවන් Weather එක ගැන තියෙන app එකක help එක ගන්න.wedding එක තියෙන location එක, දිනය සහ වේලාව ඇතුලත් කර මාස කිහිපයක් ඉදිරියට නිවැරදි කාලගුණ වාර්තාවක් ලබාගන්න පුලුවන්.ඒ report එකට අනුව ඔයා Hall එකක් හරි එහෙමත් නැත්නම් marquee එකක් හරි ready කරගන්න.එතකොට ඉතින් බය වෙන්න දෙයෙක් නැහැ.
02) plan එකක් නැතුව වියදම් කිරීම

හැමෝගෙම ආසාව තවත් කෙනෙක් ගත්ත wedding එකකට වඩා ටිකක් ලොකුවට ගන්නනේ.ඇත්තටම කිව්වොත් හැමෝටම ඕනේ luxury wedding එකක් ගන්න කිව්වොත් මම හරි.මොකද ඉතින් දැන් කාලේ හැටියට පොඩි පොඩි budget වලින් wedding ගන්න බැහැනේ.දෙන්නගෙම wedding එක නිසා එයාටයි ඔයාටයි කොච්චර මුදලක් වැය කරන්න පුලුවන්ද කියලා කතා කරගන්න.ඊට පස්සේ budget එක හදාගන්න.ඒ budget එකට හැම පුංචි වියදමක්ම ඇතුලත් කරන්න අමතක කරන්න එපා.නැත්නම් ඔයාගේ අතේ තියෙන budget එකටත් වඩා වැඩි budget එකක් වියදම් කරලා පසුතැවෙන්න තමයි වෙන්නේ.ඒ නිසා budget එකටත් හොඳ plan එකක් හදාගන්න.
03) Videographer ට ලොකු වියදමක් කරන්න වෙයිද

මේ ප්‍රශ්නේ නම් එන්නේ Wedding එකට Low Budget එකක් තියාගෙන ඉන්න අයට තමයි.හැබැයි මම නම් හිතන්නේ Videographer ට වියදමක් කලාට කමක් නැහැ කියලා.ඒ මොකද දන්නවද photographer ගන්නේ photo විතරයිනේ.photographerට දකින්න බැරි ගොඩක් සිදුවීම් Videographerට Video කරගන්න පුළුවන් වෙනවා.ඉතින් දැන් wedding එකෙන් පස්සේ දෙන්නත් එකක් Video බලනකොට නොදැක්ක ගොඩක් දේවල් දකින්නත් පුළුවන්.ඒ නිසා අඩු Budget එකකට යන්න පුළුවන් Videographer කෙනෙක්ව හොයාගන්න try කරන්න.
04)) Invite කරපු හැමෝම එයිද ?

සාමාන්‍යයෙන් අපි wedding එක කියලා කිව්වා ගමන්ම ලඟම යාළුවන්ට කියන්න පටන් ගන්නවා.හැබැයි ඉතින් එයාලාගෙන් කීයෙන් කීදෙනෙක් එයිද කියලා දන්නේ නැහැ,ඒ වැඩෙන් වෙන්නේ අපේ අවශ්‍යම නෑදෑයින්ට කියන්න බැරි වෙන එක.ඒ නිසා හදිස්සි වෙන්නේ නැතුව අවශ්‍යම අයට මුලින්ම invite කරලා ඊටපස්සේ යාළුවන්ට කියන්න.එතකොට ඔයාගේ හිත රිදෙන්නෙත් නැහැ.අනිත් අයගේ හිත රිදෙන්නෙත් නැහැ.
05) එයයි ඔයයි

දැන් wedding එකේ තියෙන වැඩත් එක්ක දෙන්නම හොඳටම busy.ඒ නිසා දෙන්නට දෙන්නව meet වෙන්නවත් කතා කරන්නවත් time එකක් නැති වෙන්න පුළුවන්.හැබැයි එහෙම කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි.wedding එක තරම් දුර ගමනක් දෙන්නාව ගෙනාපු ඒ affair එක රැකගන්න එකත් Wedding එකටත් වඩා වැදගත්.ඒ නිසා ඔයාලට meet වෙන්න පුංචි වෙලාවක් හරි ඉතුරු කරගන්න අමතක නම් කරන්න එපා
ඉතින් මෙන්න මේ දේවල් තමයි මට ඔයාට කියාගන්න ඕනේ වුණේ.මොකද ඔයාට වැඩ ගොඩයි නිසා මේ දේවල් අමතක වෙනවා කියලා මම දන්නවා.ඒ නිසා ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි



