හැමෝටම ඕනේ ගොඩක් හොඳ දෙමව්පියන් වෙන්න,තමන්ගේ දරුවෝ ඉගෙනීමෙන් විතරක් නෙමෙයි ගුණයන්ගෙනුත් සන්නද්ද කරන්න තමයි ඔයා වුණත් හිතන්නේ.ඉතින් කොහොමද එක කරන්නේ කියලා සමහර දෙමව්පියෝ හිතනවා.ඒත් සමහර දෙමව්පියෝ නම් දරුවන්ට නිතර නිතර හොඳ දේවල් කියලා දෙනවා,ඒ විතරක් නෙමෙයි එයාලත් දරුවන්ට පේන්නම හොඳ දේවල් කරනවා,ඒ වගේ දේවල් දරුවෝ අද්දැකීමක් කරගෙන ඒ දේවල් කරන්න උනන්දු වෙනවා.ගොඩක් වෙලාවට අම්මයි තාත්තයි ගුණයහපත් නම් දරුවනුත් යන්නේ ඒ අඩිපාරේ.ඉතින් අපි මොනවද දරුවන් ගුණයහපත් වෙන්න නම් කරන්න ඕනේ කියලා අද අපි කතා කරමු
01) කරුණාවන්ත බව

කරුණාව කියන්නේ අම්මට තාත්තට විතරක් නම් නෙමෙයි.සහෝදර සහෝදරියන්ට ,සතා සිවුපාවුන්ට ,සොභාදහමට, වැඩිහිටියන්ට ඒ හැමෝටම කරුණාවන්ත වෙන්න ඕනේ.ඉතින් ඔයාට පුළුවන් බබාට ඒ දේවල් කියල දෙන්න.ඒ කියන්නේ වෙනත් අයට කරුණාව දක්වන්න කියලා දෙන්න.ඒ වගේම හැම කෙනෙක්ටම ගෞරවයෙන් සහ ආචාරශීලි විදිහට කතා කරන්න ,හැසිරෙන්න කියලා දෙන්න.අනිත් කාරණාව තමයි සමාව.සමාව දෙන්න ඕනේ අයට සමාව දෙන එක වැදගත් වගේම තමන් තරහ ගැනීම සහ කෝපයට පත් වීම නිසා වෙනත් අයගේ හිත රිදෙනවා කියලත් දරුවන්ට තේරුම් කරන්න
02) වෙලාවට වැඩ

සාමන්‍යයෙන් ගොඩක් අය වෙලාවට වද කරනවා අඩුයි.ඒත් කරන අයත් ඉන්නවා.තමන්ට පැවරිලා තියෙන වැඩ නියමිත කලට වෙලාවට කරන්න දරුවාට පුරුදු කරන්න.තමන්ගේ ජයග්‍රහණය සහ සාර්ථකත්වයට ගොඩක්ම බලපාන්නේ වෙලාවට වැඩ කරන එක.වෙලාවට වැඩ කරන එක බබාට පුරුදු කරන්න ඔයාට පුළුවන් time table එකක් හදලා දෙන්න.එතකොට බබාට වෙලාවට වැඩ කියන්නේ මොකක්ද සහ වෙලාවට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන හොඳින් පැහැදිලි වෙයි
03) වගකීම

ගොඩක් අය තමන්ට දුන්නම ඒක හරියට කරන්නේ නැහැ.එහම් නැතුව බබාට කියලා දෙන්න කෙනෙක් තව කෙනෙක්ට වගකීමක් දෙන්නේ ඒ කෙනා ගැන තියෙන trust එක නිසා කියලා.ඒ නිසා තමන්ට පැවරිලා තියෙන වගකීම් නිවැරදිව ඉෂ්ඨ කරන විදිහ පුරුදු කරන්න.වගකීම කියන්නේ ගෙදර විතරක් නෙමෙයි.office එකේ වැඩ , පවුලේ අය කියන හැමදේම කියන එක නම් කියලා දෙන්න අමතක කරන්න එපා
04) බුද්ධිමත් බව

මම මුලින් කියපු දේවල් දරුවන්ට උගන්වන අතරතුර තවත් දේවල් තියෙනවා උගන්වන්න.මොකද මේ ලෝකයේ හොඳ වගේම නරක මිනිස්සුත් ඉන්නවනේ.ඒ දේවල් දරුවෝ දැනගන්න ඕනේ.නැත්නම් දරුවන්ට ජිවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.ඒ නිසා ඒ වගේ මිනිසුන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක දරුවන් දැනුවත් කිරීම වඩාත් වැදගත් වෙනවා.අනිත් කාරණාව තමයි අනෙක් අය කියන අනවශ්‍ය දේවල් නිසා දරුවන්ගේ අතම ශක්තිය දුර්වල වෙන්න ඉඩ තියෙනවා.තමන්ගේ ආත්මශක්තිය නැති කරගන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියලා දරුවන්ට උගන්වන්න
ඉතින් අද අපි කතා කලේ දරුවන් ගුණ දම් වලින් පෝෂණය කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා.ගුණදම් වලින් පිරුණු දරුවෝ දැන් ඉන්නේ අතලොස්සක් වගේනේ.හැබැයි අපි කරන්න ඕනේ හැම දරුවෙක්ම ගුණ යහපත් කරන එක.ඒ නිසා අපිට පුළුවන් හැම වෙලාවකම කරන්න ඕනේ දරුවන්ට හොඳම දේවල් කියලා දෙන එක



