Like
Like Love Haha Wow Sad Angry

රටකජු කියන්නේ ඉතින් රස කෑමක්නේ.හැබැයි අපි කන්නේ නිකන් කජුනේ.ඔයා කාලා තියෙනවද කජු වලින් චට්නි.මම නම් හිතන්නේ ගොඩක් අය කලා නැහැ.ඒ නිසා අද අපි හදලා බලමුද කොහොමද කජු චට්නි හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • රට කජු ග්‍රෑම් 200
  • සුදුළූණු බික් 4-5ක්
  • ලොකු ළූණු ගෙඩි 1/2
  • කෑලි මිරිස් මේස හැඳි 2
  • අබ මේස හැඳි 1
  • තෙල් ස්වල්පයක්
  • කරපිංචා කොළ කිහිපයක්
  • ලුණු

මේ විදිහට හදාගමු

  • මුලින්ම රට කජු බැදලා පොතු අයින් කරගන්න.
  • ඊටපස්සේ පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු සහ සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරන්න.
  • ටිකක් රන්වන් පාට වෙනකොට අබ ටික එකතු කරලා ඒකටම කෑලි මිරිස් හා ලුණු දාගන්න.
  • අන්තිමට රට කජු ටික එකතු කරගන්න.
  • හොඳට තෙම්පරාදු වුණාට පස්සෙ නිවෙන්න තියල Blendar කරගන්න.

බලන්නකෝ රස කොහොමද කියලා.හිතුවේ නැහැ නේද මේ තරම් රස වෙයි කියලා.මොකද ඉතින් අපි supermarket එකේ තියෙනවා වගේ නෙමෙයිනේ ගෙදර හැදුවම.හැබැයි ඉතින් supermarket එකෙන් ගන්නවට වඩා රසයිනේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here