Like
Like Love Haha Wow Sad Angry

Wedding එක කියන්නේ හැම girl කෙනෙක්ගෙම life එකේ තියන ලස්සන dream එකක්නේ.Wedding එක දවසට makeup වලින් ලස්සන වෙනවට වඩා Natural Look එකක් තියෙනවා නම් අපි හැමෝම කැමති.ඒ නිසා wedding එකට මාස ගානක් තියලා තමා Girlsලා ටික skin එක ලස්සන කරගන්න මහන්සි වෙන්නේ.ඉතින් ඔයාගේ skin එකේ තියන හැම ප්‍රශ්නෙකටම පරිප්පු වලින් විසදුමක් ගෙනාවා.

පරිප්පු කාලා නැති කෙනෙක් ඉන්නවනම් අටපට්ටමට තමයි කියන්න වෙන්නේ.මොකද ලංකාවේ ජාතික ආහාරය වගේනේ පරිප්පු.පරිප්පු නැත්නම් උගුරෙන් පල්ලෙහාට බත් ටික ගිලෙන්නේ නැති සීන් එකක් නේ අපිට තියෙන්නේ.ඉතින් පරිප්පු එක්ක මෙච්චර ලොකු ආත්මීය බැදීමක් තිබ්බට මෙච්චර කල් අපි පරිප්පු කෑව එක විතරනේ කළේ.අපේ skin එක ලස්සන කරන්න පුළුවන් vitamins වර්ග ගොඩක් පරිප්පු වල තියෙනවා.කියවලම බලන්නකෝ කොහොමද පරිප්පු වලින් ලස්සන වෙන්නේ කියලා.

පරිප්පු වලින් ඔයාට ලැබෙන beauty benefits

  1. හොද cleanser එකක්
  2. Pimples කරදරෙන් මිදෙන්න පුළුවන්.
  3. Natural scrub එකක් විදියට use කරන්න පුළුවන්.
  4. Natural bleaching එකක්.
  5. Skin එක වයසට යාම control කරනවා
  6. Skin එක glow කරන්න support කරනවා.
  7. Tan lines සහ dark spots remove කරන්න use කරන්න පුළුවන්.

කොහොමද පරිප්පු face mask එක හදාගන්නේ.

  • පරිප්පු කෝප්ප බාගයක් එක රැයක් වතුර වල පෙගෙන්න තියන්න.
  • ඊට පස්සේ උදේම පරිප්පු ටික හොදට blend කරගන්න.
  • Blend කරපු පරිප්පු ටිකකට fresh milk cup 1/3ක් එකතු කරලා හොදට mix කරන්න.
  • දැන් ඉතින් හදාගත්ත paste එක මුණට apply කරන්න.
  • විනාඩි 20කට පස්සේ hot water වලින් හෝදන්න.

පලවෙනි සැරේම ඔයාට ලොකු වෙනසක් දැනෙයි.සතියකට දෙපාරක් මේ treatment එක කරන්න පුළුවන් නම් wedding day එක වෙද්දී ඔයාට ලොකු result එකක් ගන්න පුළුවන්.

මීට කළින් හිතුවද හැමදාම කන පරිප්පු වලින් life එකේ වැදගත්ම දවසට ලස්සන වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා.ඔන්න ඉතින් අද පරිප්පු වල ලස්සන රහසත් කියලා දුන්නා.ඔයත් try කරලා බලන්නකෝ.එහෙනම් ඉතින් ලස්සන wedding එකකට wish කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here