Like
Like Love Haha Wow Sad Angry

“මං හිතන්නේ මට Depression”,”මට මැරෙන්න හිතෙනවා”.ඔයාගේ යාළුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයා මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ? මෙච්චර කල් ඒ ගැන හිතුවේ නෑ නේද ? අද කියන්න යන්නේ Depression එහෙමත් නැත්තනම් විශාදය ගැන ඔයා දැනගන්නම ඕනේ දේවල් ටිකක්.

Depression තියෙන ගොඩක් අය දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර අය ඒක පිළිගන්න කැමතිත් නැහැ. තමන්ට මේ තියෙන්නේ depression, එහෙමත් නැත්නම් විශාදය කියලා.තමන්ට විශාදය තියෙනවා කියලා දැන ගත්ත අයගෙනුත් පොඩි කොටසක් තමයි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.එහෙම නැත්නම් internet එකේ මේ ගැන හොයන්නේ

ඒත් Depression තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන කියන්නේ තමන්ගේ සමීපතම කෙනෙක්ට. ඔයා අම්මා කෙනෙක් නම් ඔයාගේ දරුවෙක්ට, office එකේ යාලුවෙක්ට එහෙම නැත්නම් ඔයත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුණොත් ඇත්තටම ඔයා මොනවද කරන්න ඕනෙ? ඔයා මොනවද කරන්න ඕනේ නැත්තේ? අපි දැන් ඒ ගැන බලමු.

කවුරුහරි කෙනෙක් දුකින්, කළකිරීමෙන් ඉන්නවා එහෙම නැත්නම් “මට depression වගේ”, “මට සේරම එපාවෙලා තියෙන්නේ” කියලා කිව්වට එයාට තියන්නේ depression කියලා අපිට හරියටම කියන්න බෑ.Example එකක් ගත්තොත් ඔයාගේ ළඟම යාළුවෙක් එයාට depression ඇති කියලා හිතෙන විදියේ දේවල් කියනවා නම් මුලින්ම බලන්න එයාට මේ ලක්ෂණ තියෙනවද කියලා.

01.හැමවෙලේම දුකින්, අඬන්න වගේ ඉන්න එක
02.වෙනදාට වඩා negative විදියට හිතන එක
03.මොකක් හරි දෙයක් ගැන කලකිරීමෙන් ඉන්න එක
04.වෙනදාට වඩා අඩුවෙන් කතා බහ කරන එක
05.අනිත් අය නුරුස්සන ගතිය
06.කිසිම energy එකක් නැතිව, කරන දේවල් ගොඩක් හෙමින් , කිසිම ඕනකමක් නැතිව සිදු කිරීම.
07.Self – Cleaning ගැන හිතන්නේ නොසිතීම
08.සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන් හෝ ගොඩක් වැඩියෙන් නිදාගැනීම
09.ප්‍රමාණයට වඩා කෑම ගැනීම හෝ කෑම නොගෙනම සිටීම
10.ගොඩක් පොඩි දේවල් වලටත් තීරණ ගන්න ලොකු වෙලාවක් ගැනීම
11.නිරන්තරයෙන් අමතක වෙන ගතිය
12.අනෙක් අය සියදිවි හානි කරගැනීම සාධාරණීකරණය කරන එක.

මේ වගේ ලක්ෂණ ඔයාගේ යාළුවාටත් තියෙනවනම් ඔයා මොකක්ද කරන්න ඕනෙ?

මුලින්ම කරන්න ඕනේ එයාට හොඳින් ඇහුම් කන් දෙන්න.එයාගේ ප්‍රශ්නයට ඔයා full attention එක දෙනවා කියලා එයාට තේරෙන්න ඕනේ. ප්‍රශ්නේ ගැන එයා කතා කරන්නෙ නැත්නම්, “ඔයාට මේ දවස් වල කොහොමද? අර වැඩේට මොකද වුණේ?” වගේ දේවල් අහලා කොහොම හරි එයාගේ ප්‍රශ්නෙට එන්න පුළුවන්. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි එයාට advices දෙන්න යන්න එපා. “ඕක ගැන වැඩිය හිතන්න එපා, ඕක පොඩි දෙයක්නේ ” මේ විදිහට කියන්න යන්න එපා.ඒ වෙනුවට කියන්න, “ඔව් මට තේරෙනවා, මටත් හරි upset ” කියලා. එයාගේ හිතේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නේ ඉඳලා පුංචිම ප්‍රශ්නේ වෙනකන් හැම දෙයක්ම කියන්න සලස්වන්න. ඔයාගේ අංග චලන වලින්, එයාගේ කතාව ගලා ගෙන යන්න help කරන්න.

ඊළඟ Step එක තමයි,හොද consultant කෙනෙක් වෙත යොමු වෙන්න යාළුවාට support කරන එක.කලිනුත් කිව්වා වගේ සමහර විට එයාට depression තියෙනවා කියලා එයා දන්නේ නැති වෙන්නත් පුළුවන්.ඉතින් ඒ නිසා මම කලින් කිව්ව ලක්ෂණ තියෙනවනම් ඉක්මනින්ම doctor කෙනෙක් Meet වෙන එක හොදයි.

ඇත්තටම අපේ රටවල ඒ තරම් famous නැති වුණත්, western country වල ගොඩක් අය මනෝවෛද්‍ය උපදේශන වලට යොමු වෙන්නේ තමන්ට මානසික රෝගයක් තියෙන නිසා නෙවෙයි. Studies කරන, job කරන busy අයට හොඳ mentaly health එකක් තියෙන වැදගත්කම දන්න නිසා, western countries වල ගොඩක් අය Mental therapy sessions වලට යනවා.ඉතින් මේ විදියේ රෝග ලක්ෂණ තියෙනවනම් ඒ දේවල් හංගගෙන ඉන්නේ නැතුව ඉක්මනටම treatments වලට යොමු වෙලා normal happy life එකක් ගත කරන්න අපි හැමෝටම පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here