Like
Like Love Haha Wow Sad Angry

ඔයා ලඟදි බඳින්නද ඉන්නේ. එහෙනම් මේ මම කතා කරන්නේ ඔයාටම තමයි.wedding එක කියන්නේ ඉතින් ඔයාගේ ජිවිතේ ලස්සනම වගේම සතුටුම දවස .සතුටුම දවස වුණාට ටිකක් විතර බය වෙලා නේද ඉන්නේ.ඔයාගේ ජිවිතයේ ලස්සනම දවස තවත් ලස්සන වෙන්නේ ඔයාගේ පෙනුම නිසා.මොකද wedding එක දවසට හැමෝගේම ඇස් යන්නේ එයාට වඩා ඔයාටනේ.එදාට ලස්සනට ඉන්න නම් ඔයා wedding එකට මාස 06කට කලින් ඉදලා මම කියන දේවල් ටික කරන්නම වෙනවා.

01) මුලින්ම බලමු ඔයාගේ ආහාර වේල ගැන

ඔයාගේ සිරුරට නිවැරදි හැඩයක් ලබා ගන්න නම් පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න ඕනී.ඒ වැඩේට නම් ඔයා wedding එකට මාස 3 – 4කට කලින්වත් ලෑස්ති වෙන්න.

  • අධික කුළු බඩු සහිත ආහාර ,Tea ,coffie ,Cigarettes සහ මේදය අධික ආහාර ලබා ගන්න එපා
  • ආහාර වේලට පළතුරු සහ එළවළු වැඩිපුර එකතු කර ගන්න
  • සිරුරේ ඇති වියලි බවට සහ නිරෝගී බව රැකගන්න දිනකට අවම වශයෙන් ජලය 6 L ක්වත් පානය කරන්න

02) සම රැකගන්නේ මෙහෙමයි

තෙල් සහිත සම

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩු කරගත් දොඩම් ලෙලි තේ හැඳි 03ක්
  • මුල්ටානි මිට්ටි තේ මේස හැඳි 05යි
  • සුදු හඳුන් කුඩු තේ හැඳි 02ක්
  • රෝස වතුර

ආලේපනය සකසා ගමු

  • ඉහත සියල්ලම එකට දමා හොඳින් මිශ්ර කරගන්න
  • මිශ්‍රණය ගෙන මුහුණේ ආලේප කරලා විනාඩියක් හොඳින් සම්භාහනය කරන්න
  • පැයකින් පස්සේ මුහුණ පිරිසිඳු කර ගන්න

වියලි සමට

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕටමීල් තේ හැඳි 05ක්
  • යෝගට් තේ හැඳි 01ක්
  • සඳුන් තෙල් බින්දු 02ක්
  • කුඩුකර ගත් ආමන්ඩ් ගෙඩි 02ක්

සත්කාර කරන්නේ මෙහෙමයි

  • ද්‍රව්‍ය සියල්ලම හොඳට මිශ්‍ර කර ගන්න
  • දැන් ඔයා මුහුණ වතුරෙන් සෝදා ගන්න
  • ඊට පස්සේ කරන්න තියෙන්නේ මිශ්‍රණය ආලේප කර ගන්න එක විතරයි
  • පැයකට පස්සේ මුහුණ පිරිසිඳු කර ගන්න

මේ දේවල් වලට අමතරව ඔයාට කරන්න තවත් දේවල් ගොඩක් තියෙනවා

  • ඔයාගේ නින්ද අඩුම තරමේ පැය 7 – 8 තරම් වැඩි කර ගන්න වෙනවා.
  • ග්ලුටතයෝන් තිබෙන ආහාර භාවිතා කරන්න, විශේෂයෙන් පැණි කොමඩු ,අලිගැටපේර ,බඩ ඉරිඟු සහ නිවිති වැනි දේ මඟින් සම ගොඩක් පැහැපත් වෙනවා.
  • මිදී ඇට සාරය ,විටමින් C ,තක්කාලි සහ Marine collagen ඇති SUPPLIMENT එකක් අවම මාස 03කට පෙර භාවිතා කරන්න.මෙහි Antioxide මඟින් skine එකේ කුරුලෑ ,ලප කැළැල් අඩු වී පැහැපත් සමක් ලබා ගත හැක
  • කොණ්ඩය යනවා නම් හොඳ Hair Oill Treatment එකක් කරන්න.
  • Biotin අධික ආහාර හෝ supplement එකක් ගන්න බලන්න.
  • උදේ වරුවේ ඔයාගේ සමට ගැලපෙන cleanser වර්ගයක් ආලේප කරන්න.
  • දිනපතා සමට ගැලපෙන moisturizer එකක් සහ sun cream වර්ගයක් භාවිතා කරන්න.
  • සතියට තුන් වතාවක් ඔයාගේ සමේ පැහැය රැක ගන්න facial එකක් කරන්න අමතක කරන්න එපා.
  • ශරීරයේ නිසි හැඩය පවත්වා ගන්න සතියකට දින 03කක් ව්යායාම කරන්න.ඊට අමතරව අද සොයාගෙන තියෙනවා Green Coffe Beans ,Green Tea ,ගොරකා සහ කුරුඳු ආධියට හැකියාවක් තියෙනවා කියලා ඔබේ සිරුරේ අනවශ්ය මේදය දහනය කරන්න.
  • ඒ නිසා මේ දේවල් අඩංගු Food Supplementඑකක් මාස 03කට කලින් භාවිතා කරන්න පටන් ගත්තොත් ඔබව Wedding එක දවසට හැඩට ඉන්න පුළුවන් වේවී.

මේ කිව්වේ ඔයාගේ wedding එකට මාස 06කට කලින් කරන්න අවශ්‍යම දේවල් ටිකක් ගැන.හරියටම ප්‍රතිකර්ම ටික අත්හදා බලලා ඔයාගේ ප්රතිඵල ගැන අපිටත් කියන්න.මේ trics ටික හරියටම කලොත් wedding එක දවසට පෙනුම ගැන බොරුවට දුක් වෙන්න ඕනි නැහැ.ඔයාගේ ලස්සනම දවසේ ඔයා තමයි ලස්සනටම ඉන්නේ .

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here