මම අද කියන්න යන්නේ ගොඩක් කාන්තාවන් පිඩා විඳින කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් ගැන.සමහර විට ඔයත් මේ රෝගය නිසා මානසික පිඩනයට ලක් වෙලා ඉන්න පුළුවන්.ඒ තමයි සුද යාම.මේ සුද යාමේ තත්වයේදී ඔයා ප්‍රතිකාර ගන්න යන්න ලැජ්ජයි කියලා මම දන්නවා.ඔයා විතරක් නෙමෙයි ගොඩක් කාන්තාවන් මේ රෝගය නිසා මානසිකව ඇද වැටීම් වලට ලක් වෙලා තියෙනවා.මේකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ ලිංගිකත්වය ගැන කතා කරන්න තියෙන මැලිකම.කොහොම වුනත් ඔයා මේ රෝගයට නිසි ප්‍රතිකාරයන් ලබා ගත්තේ නැත්නම් වෙනත් රෝගයන් වලට මඟ පාදනවා.

ඔයා දන්නවද සුද යාමට හේතු මොනවද කියලා
- අපිරිසිඳු Underwear භාවිතා කිරීම නිසා
- බහු පුරුෂ සේවනය
- උපත්පාලන පැළදීම් නිසා
- පණු රෝගයන්
- සමාජ රෝගයන්
- පොදු වැසිකිලි භාවිතය
- අධික ලෙස බර ඉසිලීම

මේ නිසා සිරුරේ සිදු වන වෙනස්කම්
- සිරුරේ බර අඩු වීම
- ක්ෂණික කෝපය
- ඇස් යට කළු වීම සහ ඇස් වල දීප්තිමත් බව අඩු වීම
- ආහාර අරුචිය
- මුත්රා දැවිල්ල

සාමාන්‍යයෙන් ඔයාගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවි ද්‍රව්‍යන් පිට වෙනවා.ඒ වුනත් ඔයාගේ යෝනි මාර්ගයෙන් පිට වෙන්නේ තද පැහැති දුර්ගන්ධයක් සහිත කැටි ගැසුණු ශ්‍රාවයක් නම් එය සුද යාමයි.ඔයා මේ රෝගී තත්වයෙන් පිඩා විඳිනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.ඒ වගේම තවත් දෙයක් තමයි මාසික ඔසප් වීමට සති 02කට ප්රථම කාලයේදී සුද යාම අධික ලෙස සිදු වෙනවා.
වෛද්‍යවරුන් සිදු කල පර්යේෂණ වලින් තහවුරුවෙලා තියෙන්නේ මානසික අවපීඩන නිසා සුද යාම සිදු වන බවයි.ඔයාට කියන්න තවත් විශේෂම කාරණාවක් තියෙනවා.ඒ තමයි මේ රෝගයට නිසි ප්‍රතිකාරයක් නොකළහොත් දිලීර, ගැබ්ගෙල පිළිකා, සෙම්රෝග, හෝමෝන අසමතුළිතතා ඇති වෙනවා.



