8
Chocolate කියන්නේ ඔයාගේ ප්‍රියතම ආහාර වලින් එකක්.ඒ වුනත් Chocolate පානයක් බොන්න ලැබෙන්නේ කලාතුරකින්,ඉතින් මම අද ඔයාට කියන්න යන මේ පානය නිකම්ම නිකම් Chocolate පානයක් නම් නෙමෙයි.ඒ තමයි Hot Chocolate drink .මේ Hot Chocolate drink එක හදා ගන්න එක නම් අමාරු වැඩක් නෙමෙයි.ඔයාට නම් මේක හදන එක මාරම easy.

අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි cup 01ක්
- චොක්ලට් කැබලි cup 01ක් පමණ
- Cocoa powder තේ හැඳි 03ක්
- Powdered sugar cup 1/2ක්
- කුරුඳු කුඩු තේ හැඳි 1/2 ක්
- වැනිලා තේ හැඳි 01ක්

අපි දැන් Hot Chocolate drink එක හදමු
- මුලින්ම කිරි ටික රත් කර ගන්න
- පස්සේ ඒ කිරි ටික ගැඹුරු භාජනයකට දමා එයට Chocolate කැබලි ටික දාගෙන හොඳින් බීට් කර ගන්න
- දැන් Chocolate මිශ්‍රණය Cocoa powder, කුරුඳු, වැනිලා සහ Powdered sugar එකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න
- ඔයා දැන් කරන්න තියෙන්නේ ඒ Chocolate මිශ්‍රණය cup එකද දාගන්න එක
- ඊට පස්සේ cup එකට දාගත්ත hot Chocolate එකට උඩින් whipped cream හෝ Marshmello දාගන්න
- දැන් තමයි හොඳම හරිය .ඉතින් රස බලන්න
මේ දවස් වල හොඳටම වහින නිසා එලියට බහිනවා කියන එක හිතන්නවත් බැහැ.cool drink බිව්වත් සමහර වෙලාවට ඔයාට අසනීප වෙන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා මේ hot Chocolate එක ඔයාට කරදයක් නැතුව ඉක්මනට හදාගන්නත් පුළුවන්.ඒ වගේම මේ drink එකේ රසයෙනුත් අඩුවක් නැහැ.
8



