Like
Like Love Haha Wow Sad Angry

මම දන්නවා දැන් ඔයා දඩිබිඩියේ ready වෙන්නේ wedding එකට කියලා.හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඒ මොකක්ද දන්නවද ඔයා saloon එකට ගිහින් clean up එක කර ගත්තට කොන්ඩේ වෙනුවෙන් කිසිම දෙයක් කලේ නැහැනේ.ඔයා හිතුවේ නැති වුණාට wedding එකේදී අනිවාර්යයෙන්ම hair එකට damage වෙනවා.මොකද hair dressing කරනකොට එක එක වර්ග වල chemicals කොණ්ඩෙට දාන්න වෙනවා.ඉතින් ඒ නිසා කොන්ඩේට දැන් ඉඳන්ම treatment කරන්න ඕනේ.wedding එකෙන් පස්සෙත් treatment එක කරන්න ඕනේ.ඒ නිසා මම ඔයාට ගොඩක් හොඳ oil එකක් හදාගන්න Method එකක් ගැන කියලා දෙන්නම්.මේකෙන් කොන්ඩේ විතරක් නෙමෙයි skin එකත් ලස්සන වෙනවා

මොනවද අවශ්‍ය වෙන්නේ

  • කැරට් 2 – 3
  • පිරිසිදු පොල්තෙල් 2 – 4 tbsp
  • ඔලිව් තෙල් 2 – 4 tbsp

කොහොමද මේ oil එක හදාගන්නේ

  • මුලින්ම කැරට් ටික Great කරගන්න.
  • ඊළඟට භාජනයක් අරගෙන Great කරගත් කැරට් ,පොල්තෙල් සහ ඔලිව් තෙල් දාගන්න.
  • මිශ්‍රණය ගින්නේ රන්වන් පැහැය එන තෙක් රත් කරගෙන තෙල් ටික හොඳට රන්වන් පැහැය වුණාට පසුව නිවෙන්න තබා බෝතලයකට දමා ගන්න.

මේ oil එක දවස් 15ක් විතර තියාගන්න පුළුවන්.ඒ වගේම මේ තෙල් මුළු සිරුරේම ආලේප කරලා පැයක් විතර තියලා සෝදා හරින්න.එහෙම නැත්නම් නිදාගන්න කලින් හිසකෙස් වල සහ ඇඟේ ආලේප කර උදේට සෝදන්න.අනිත් කාරණාව තමයි මේක සතියට දවස් 2-3 කරන්න.

ඉතින් ඔයා මේ වැඩේ කරලා බලන්න.කොණ්ඩෙට විතරක් නෙමෙයි skin එකටත් හොඳ නිසා ඉක්මනින් result එකක් ගන්න පුළුවන්.අනික side effect මොකුත් ඇති වෙන්නෙත් නැති නිසා බය නැතුව use කරන්න පුළුවන්.කරලම බලන්නකෝ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here