අපි හැමෝම කාට හරි ආදරය කරනවා කරනවා.හැබැයි මම අද මේ කියන්න යන්නේ නම් අම්මා තාත්තට කරන ආදරේ ගැනවත් සහෝදර සහෝදරියනට කරන ආදරය ගැනවත් නෙමෙයි.මම අද කියන්නේ ඔයයි එයාගෙයි ආදරේ ගැන.හැබැයි දැන් තියෙන affair එක ගැන නම් නෙමෙයි.ඔයාගෙන් ඈත් වුණ ආදරය ගැන තමයි මේ කියන්න හදන්නේ.ඒ මොකද දන්නවද සමහර වෙලාවට love affair නිසා life එකට හානි කරගන්න අය දැන් කොහේ ගියත් ඉන්නවනේ.ඒ අයට එහෙම වෙන්නේ නැතුව කොහොමද හිත හදාගන්නේ කියලා මම කියල දෙන්නද.මේක ඉතින් love affair විතරක් නෙමෙයි ඕනෙම වෙලාවක හිත රිදුනහම අත්හදා බලන්න පුළුවන්.අපි බලමු ඒ මොනවද කියල
01) කියවන්න

කියවන්න කියන්නේ යාළුවොත් එක්ක gossip කියවන්න කියලා නම් නෙමෙයි.මම මේ කියන්නේ පොත් ,පත්තර කියවන්න කියලා.මම දන්නවා සමහරවිට ඔයාට මේක joke එකක් වෙන්න පුළුවන්.හැබැයි ඔයා love ගැන තියෙන novel නම් කියවන්න ready වෙන්න එපා.මම කියන්නේ Politics, Art සහ Tech වගේ article කියවන්න.ඒ වගේ දේවල් කියවනකොට දුක ගැන මතක් වෙන්නේ නැහැ.මොකද ඒ වගේ පොත් වල sensitive වෙන්න දෙයක් නැහැනේ.
02) සිංදු අහන්න

මේක නම් මමත් කරන දෙයක්.sad mood වෙලාවට විතරක් නෙමෙයි.happy එකේ ඉන්න වෙලාවට සිදු අහනවා.හරියටම කිව්වොත් නිතරම වගේ සින්දු අහගෙන ඉන්නවා.ඉතින් ඒ නිසා තමයි දුකෙන් ඉන්නකොට වුණත් සිදු අහගෙන ඉන්න පුළුවන්.සමහර අයට නම් මේ විදිහට සිදු අහගෙන ඉන්නකොට දුක වැඩි වෙනවා.එහෙම වෙන්නේ ඉතින් විරාග ගීත ඇහුවොත් තමයි.ඒ නිසා හොඳ අර්ථයක් තියෙන අර්ථවත් ගීත විතරක් අහන්න.
03) කැමති දෙයක් කරන්න

ඔයා ආසවෙන් කරපු සමහර දේවල් affair එක නිසා නැති වෙන්න ඇති.හැබැයි මම නම් කියන්නේ එහෙම නැති වුණ දේවල් ඔයා අයෙමත් ලබාගන්න.සමහරවිට ඔයා ලියන්න කියවන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්.ඔයා නතර කරපු ඒ දේවල් අයෙමත් පටන් ගන්න.ඒ වගේම සමහරවිට ඔයා එයා නිසා ඔයා කරන්න කැමති දෙයක් ,එහෙමත් නැත්නම් job එකක් වගේ දෙයක් නතර කලා නම් දැන් තමයි ඔයාගේ හොඳම කාලේ,ඔයා ඔයාගේ life එක stop වුණ තැන ඉඳන් start කරන්න.එතකොට තමයි ඔයා love එක break වුණත් life එක success වෙන්නේ
04) අලුතින් හිතන්න

ඔහොම ඉතින් දුක අඩු වෙලා යනකොට වෙන affair එකකට යන්න හිතෙනවා.එහෙම නැත්නම් කලින් අහපු කෙනෙක්ට හිත දෙන්න හිතෙනවා. හිතමුකෝ ඔයා වෙන affair එකකට ගියා කියලා.අන්න එතැනදී ඔයාට කලින් affair එකේදී වුන වැරදි තැන් හදාගන්න අමතක කරන්න එපා.ආ…තව දෙයක් ,ගොඩක් අය කරන වැරද්දක් තමයි කලින් affair එක ගැන අලුත් කෙනාට කියන්නේ නැහැ.එහෙම කරන්න එපා.අලුත් කෙනාට ඔයාගේ කලින් affairs ගැන කියලා තියන්න.ඒක කොහොමත් ඇඟට ගුණයි
ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ හිත හදාගන්න.එහෙම නැත්නම් අලුතෙන් ජිවිතේ පටන් ගන්න.එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ life එක නතර කරපු තැනින් start කරන්න.ඔයාගේ හිත හද ගන්නවා වගේම ඔයාට හොඳ option ටිකකුත් තියෙනවා.ඉතින් දුක් වෙන්නේ නැතුව mood fixed කරගන්න.



