Phone එකක් අතේ නැති කෙනෙක් අද දකින්න පුළුවන්ද? බලන බලන හැම තැනම ඉන්නෙ Phone එකක් අතේ තියාගෙන ඔබ ඔබ ඉන්න මිනිස්සු.අපි අපේ පවුලේ අයටත් වඩා වැඩියෙන් Phone එකත් එක්ක Bound up වෙනවා වැඩි කියලා හිතිලා නැද්ද ? ඇත්තම කියනවා නම් අපිට Phone එකෙන් ගැලවෙන්න බැරි තරම් අපේ ජීවිත ඒ එක්ක බැඳිලා.දැන් තියෙන තාක්ෂණයත් එක්ක Food order කරන්නෙත්, ගමනක් යන්න වාහනයක් book කරන්නෙත්, Bill ගෙවන්නෙත් smartphone එකෙන් වෙන තරමටම මේ තත්ත්වය ව්යාප්ත වෙලා.හරියටම කිව්වොත් මේක දරුණු වෛරසයක් වගේ තමයි.හැබැයි මේ phone එක අපේ ජීවිතේට කොච්චර වැදගත් වුණත් අපේ ජිවිතයට හානී වෙන අවස්ථා තියෙනවා.
Phone එක නිසා රණ්ඩු ඇති වෙන්න පුළුවන්ද?

නවතම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා වයස අවුරුදු 18 – 24 පිරිස් දිනකට 47 – 82 වාරයක් තමන්ගේ phone එක දිහා බලාගෙන ඉන්නවා කියලා.ඒ වගේම තව කතාවක් තියෙනවා.ඒ තමයි කාන්තාවන්ගෙන් 70% හිතනවාලු Phone එක එයත් එක්ක තියෙන බැඳීමට ලොකු හානියක් කරනවා කියලා.විශේෂයෙන්ම එයයි ඔයයි කතා කර කර ඉන්න වෙලාවට එයා හරි ඔයා හරි වැඩි අවදානයක් දෙන්නේ ෆෝන් එකට නම් අනික් කෙනාට එන කේන්තිය අමුතුවෙන් හිතන්න ඕනෙද නේද ?
phone එක off කරනවාද ආදරේ off කරනවද ?

ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් Phone එකට ඇබ්බැහි වෙලා නම් ඒ ගැන ගැටළු ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හිතන්න ඔයා ගොඩක් busy job එකක් කරනවා කියලා.ඔයාට පුළුවන් එයා meet වෙන වෙලාවට ඔයාට එන ඇමතුම් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න.නැත්නම් වෙන්නෙ අනිත් කෙනාට තියෙන අවධානය අඩුවෙන එක.ඒ විතරක් නම් කමක් නැහැ.එයාගේ හිතත් රිදෙනවනේ.ඔයාව meet වෙන්න බලාගෙන ඉදලා ඒ ආපු දවසටත් office එකේ වඩාත් එක්ක ඉන්නවා නම් එයාට ඔයාවත් එපා වෙයි.නැත්නම් call කර කර massage කර කර ඉන්නවා නම් එයට ඔයා ගැන සැක හිතෙන්නත් ඉඩ තියෙනවා.ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවට phone එක off කරලා තියන්න try කරන්න.
හොඳ හිතින් කතා කරන්න

සාමාන්යයෙන් අපි හොඳ හිතින් කියන්නේ තරහා ගියහමනේ.අද නම් මම කියන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි.එයා phone එකට ඇබ්බැහි වෙලා නම් ඒ ගැන එයා එක්ක කතා කරන්න.හැබැයි තරහින් නම් නෙමෙයි.මේ කතාව බොහොම සාමකාමීව කරන්න උත්සාහ කරන්න.නැත්නම් හිත් රිදීම් ඇතිවෙලා මේ ප්රශ්නයට හරි පිළිතුරක් හොයාගන්න බැරි වෙයි.
No Phone Area වෙන්කරන්න

ගේ ඇතුලේ Mobile phones පාවිච්චිය තහනම් ස්ථානයක් හෝ කිහිපයක් නම් කරන්න.ඒකට දෙන්නම එකඟ වෙනවනම් ඒක ගොඩක් වැදගත් තීරණයක් වෙයි.ඒ ස්ථානය Bedroom, living room, kitchen කියන මේ ඕනෙම තැනක් වෙන්න පුළුවන්.
දුරකථන ආචාර ධර්ම අනුගමනය කරන්න

ඔබ දෙදෙනා එකට ඉන්න වෙලාවට ඔබට හදිසියේ මතක් වෙනවා යවන්න තිබුණු massage එකක් ගැන.ඒ massage එක යවන්න අමතක වුනා, ඉක්මනට ඒක send කරනකම් තප්පරයක් දෙන්න කියල එයාට කියන්න.එතකොට ඔයා phone එක අතට ගන්න එක ඒ තරම් ගැටළුවක් වෙන්නේ නැහැ .
තේරුනා නේද.phone එක නිසා ඕනේ තරම් ප්රශ්න ඇති වෙන්න පුළුවන්.අපි හිතන්නෙවත් නැති ප්රශ්න වුණත් ඇති වෙන්න ඕනේ තරම් ඉඩකඩ තියෙනවා.ඒ නිසා phone එක කොච්චර අවශ්ය වුණත් පරිස්සමෙන් use කරනවා නම් තමයි හොඳ



