Like
Like Love Haha Wow Sad Angry

දැන් Wedding එකට ළඟ ළඟම එනවා නේද? හැම වැඩක්ම දැන් ඉවර වෙලා නේද තියෙන්නේ.ඇත්තටම ඔක්කොම හරිද. පොඩ්ඩක් යන්න කණ්නාඩිය ඉස්සරහට පොඩ්ඩක් ගිහින් බලන්න.මුණ නෙමෙයි ඇඟ දිහා බලන්න.මහතා වැඩි නේද.දැන් time නැහැ කියලා නම් හිතන්න එපා.ඕනේ තරම් time තියෙනවා.ඔයාට කරන්න තියෙන්නේ නොකා නොබී ඉන්න එක නම් නෙමෙයි.මම ඔයාට කියන්න යන්නේ ඉක්මනින් weight loss කරගන්න පුළුවන් smoothie කිහිපයක් ගැන

Papaya smoothie

අවශ්‍ය ද්‍රව්‍ය

  • Papaya Cup 1/2
  • පොල් වතුර කෝප්පයක්
  • ශීත කළ කෙසෙල් ගෙඩියක්

හදාගන්නේ මෙහෙමයි

  • ඉහත සඳහන් කල ද්‍රව්‍ය සියල්ලම එකට දමා blender කරගන්න
  • ඊටපස්සේ හදාගත්ත ස්මුති එක කෝප්පයකට දාලා එකට අයිස් කැට දාන්න
  • දැන් බොන්න
  • පැපොල් – ආහාර ජීර්ණ පද්ධතිය සිසිල් කරන අතර ශරීරයට පෝෂ්‍ය පදාර්ථ හොඳින් අවශෝෂණය කරයි
  • පොල් වතුර – සිරුරට අවශ්‍ය electrolytes ලබාදෙන අතර විජලනය වළක්වයි.
  • කෙසෙල් – පොටෑසියම්, තන්තු සහ කැලරි ලබා දෙනවා

Apples and cinnamon smoothie.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇපල් ගෙඩි 01
  • කෙසෙල් ගෙඩි 01ක්
  • යෝගට් Cup 1/2
  • කුරුදු කුඩු තේ හැඳි -1/4
  • ආමන්ඩ් කිරි කෝප්ප 1/2

හදාගන්නේ මෙහෙමයි

  • ඉහත සඳහා කල අමුද්‍රව්‍ය සියල්ල blender කරගන්න
  • ඊටපස්සේ හදාගත්ත ස්මුති එක කෝප්පයකට දාලා එකට අයිස් කැට දාලා බොන්න
  • ඇපල් ,කුරුඳු සහ ආමන්ඩ් කිරි ආහාර රුචිය අඩු කරයි

wedding එක ළඟටම එනකන් ඔයාට මේ smoothies බීලා බලන්න පුළුවන්.ශරීරයට අහිතකර කිසිම දෙයක් නැති නිසා කිසිම බයක් නැතුව බොන්න පුළුවන්.ඒ වගේම කිසිම side effect එකක් නැහැ.දැන් බය නැතුව slim වෙන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here