සමහර වෙලාවට අපි එක එක විදිහේ වැරදි කරනවා.ගොඩක් දුර හිතන්නේ නැතුව ඉක්මන් තීරණ ගන්නවා වගේ දේවල්. වෙනවා නේද.අන්න ඒ වගේ හිතන්නේ නැතුව ගන්න තීරණ නිසා ගොඩක් වෙලාවට අපිම වේදනා විඳිනවා.ඊටපස්සේ තමයි අපි හිතන්නේ මම එදා ගත්තේ වැරදි තීරණයක් කියලා.ඉතින් ඒ විදිහට විඳවන්නේ නැතුව ජිවිතේ විඳින්න නම් life එකේ තීරණාත්මක තීරණ ගන්න කළින් හොඳට හිතන්න ඕනේ.marry කරනවා කියන්නෙත් අන්න ඒ වගේ තීරණාත්මක තීරණයක්.මේ තීරණේ ගන්න කලින් මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන් හිතල බලන්න.එතකොට ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.
Communication

Marry කලාට පස්සේ එයයි ඔයයි අතර එක එක විදිහේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.ඊටපස්සේ ලොකු ලොකු රණ්ඩු ඇති වෙන්නත් පුළුවන්.එහෙම නොවෙන්න නම් ඔයා එයත් එක්ක හොඳ Communication එකක් තියාගන්න.ඔයා කැමති අකමැති දේවල් , එයා කැමති අකමැති දේවල් ගැන කතා කරන්න.ඒ වගේම එයත් එක්ක හැමදෙයක් ගැනම openly කතා කරන්න. එතකොට ඔයා අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියලා රණ්ඩු ඇති කරගන්නේ නැතුව happy එකේ family life එක ගෙනියන්න පුළුවන්
Trust and value

ඔයා වගේම ඕනෙම කෙනෙක් කැමති එයා තමන් ගැන හොඳ trust එකකින් ඉන්නවා නම්.ඒ වගේම අනිත් කෙනාට හොඳ value එකක් දෙනවා නම්.හැබැයි ඉතින් එයාගේ trust එක නැති වෙන මොනවා හරි වුණොත් අයෙමත් ඒ විශ්වාසය ඇති කරගන්න එක හරි අමාරු වැඩක්.සමහර වෙලාවට එයා ඔයාව ගොඩක් අය ඉස්සරහා පහත් කරලා සලකනවා නම් ඒ වගේ අවස්ථාවක එකිනෙකා අතර ඇති බැඳීම සහ විශ්වාසයට ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ඉන්නේ කොහෙද?

marry කරන්න කලින් ඉන්නේ කොහෙද කියන එක නම් decide කරලා තියෙන්න ඕනේ.එයාගේ ගෙදර ඉන්නවද ,නැත්නම් ඔයාගේ ගෙදර ඉන්නවද.එහෙමත් නැත්නම් ඔයාලම හදාගත්ත ගෙදරක ඉන්නවද කියලා හිතලා බලන්න ඕනේ. Family දෙකේම එකඟතාවයෙන් ටික කාලයක හෝ වෙනම තැනක ජීවත් වෙන්න පුලුවන්නම් තමයි ගොඩක් හොඳ .එතකොට පුංචි පුංචි රන්ඩු වගේම හිතේ හැටියට ආදරේ කරන්නත් හිතේ කිසිම බාදාවක් නැහැ.
Rules

සමහර වෙලාවට එයා ඔයාට එක එක Rules දාලා ඇති.අපි හිතුවොත් එයා ඔයාට කියනවා job එක කරන්න එපා.ගෙදර ඉන්න ,එහෙම නැත්නම් අර යාළුවා ආශ්‍රය කරන්න එපා ,කොහෙවත් යන්න එපා ගෙදරටම වෙලා ඉන්න කියලා.ඉතින් ඒ දේවල් ගැන marry කරන්න කලින් කතා කරගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
අනිත් කාරණාව තමයි ඔයා marry නැතත් ස්වාධින කෙනෙක්.ඔයා වෙනස් වෙන්න යන්න එපා.ඔයා ඔයගේ විදිහට ඉන්න බලන්න.එහෙම වෙනස් වෙන්න ගියොත් ඔයාටම තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ.අන්න ඒ නිසා එයා ඔයාට වෙනස් වෙන්න කියනවා නම් එයත් එක්ක කතා කරන එක තමයි හොඳම වැඩේ
මුල්‍ය පදනම

ආදරය ,විශවාස වගේම මුදල් කියන්නෙත් වැදගත් දෙයක්.ඉතින් දැන් job එකක් කරනවා නම් marriage එකෙන් පස්සේ ගෙදර වියදම් ගැන කතා කරගන්න.කතා කරගන්න කියන්න හැමදෙයක් ගැනම plan එකක් හදාගෙන තියාගන්න
ඉතින් marry කරනවා කියන්නේ ලේසි වඩක් නෙමෙයි.මෙන්න මේ දේවල් ගැන හිතන්නම වෙනවා.මේ දේවල් හිතන්නේ නැතුව ,marry කරලා විඳවන්න තමයි වෙන්නේ.එහෙම වෙන්නේ නැතුව happy එකේ family life එක ගෙනියන්න මම කියපු දේවල් ගැන අමතක කරන්නේ නැතුව එයත් එක්ක කතා කරගන්න



