අපි ලස්සන වෙන්න කොච්ච්ච්ර makeup කලත් eyebrows ලස්සනට නැත්නම් වැඩක් නැහැ.මොකද අපේ ඇස් වගේම eyebrowත් කැපිලා පේනවා.මොනදේ කිව්වත් කලත් සමහරවිට ඔයාගේ eyebrows වැවෙන්නේ නැතුව ඇති.හැබැයි අපිට පුළුවන් eyebrows ලස්සනට වර්ධනය කරගන්න.මේක ඔයා හිතන්වටත් වඩා ගොඩක් easy Treatment ටිකක්.ගෙදර ඉන්න ගමන් කරලා බලන්න
එඬරු තෙල්

එඬරු තෙල් ටිකක් අරගෙන ඇහිබැම මත රාත්‍රියේ ආලේප කරන්න. මේ treatment එක එක දිඟට සති කීපයක් කරන්න.එඬරු තෙල්වල තියෙන මේදය සහිත පෝෂ්‍යදායී සංයෝග නිසා ඇහිබැම වර්ධනය කරන්න පුළුවන්.
ඒ වගේම තව රහසක් තමයි එඬරු වලින් ඉක්මනට කොන්ඩේ වැවෙනවා.ඒ නිසා eyebrows වල ගානකොට කොන්ඩෙත් ටිකක් ගාලා massage කරන්න.ඊටපස්සේ පැයකින් විතර සෝදන්න
කෝමාරිකා

කෝමාරිකා කැබැල්ලක් අරගෙන ඒ gel එක mix කරගන්න.ඊටපස්සේ eyebrows වල ගාලා massage කරන්න.විනාඩි 30-40ක් විතර තියලා සෝදන්න
පොල්තෙල්

පොල්තෙල් වලට කෙස් වැවීමේ සහ ඝනකිරීමේ හැකියාව තියෙනවා.මුලින්ම virgin coconut oil ටිකක් අරගෙන රත් කරගන්න. ඊටපස්සේ නිදාගන්න කළින් eyebrows වල apply කරලා massage කරන්න.ඊළඟට ඉතින් පහුවෙනිදා උදේට සෝදලා දාන්න.
මේ treatment හරිම simple.එක දිඟට මාස 02 – 03ක් විතර කරලා බලන්න.ගොඩක් හොඳ result එකක් ලැබෙයි.ඉතින් ඔයා මේක try කරලා result කොහොමද කියලා අපිටත් කියන්න.අනිත් අයටත් දැනගන්න පුළුවන් එතකොටනේ



