ඉස්සර වගේ නෙමෙයි දැන් wedding වලදී අනිවාර්යයෙන්ම pre shoot එකක් කරනවා.ඒක දැන් ලොකු trend එකක් වෙලා.ඒ කියන්නේ wedding එකක කෑම නැත්නම් ඒක ලොකු අඩුවක්නේ,අන්න ඒ වගේ pre shoot එකක් නැත්නම් ඒක ලොකුම ලොකු අඩුවක්.ඉතින් මේ pre shoot එක කරන්න කලින් හිතන්න නම් ගොඩක් දේවල් තියෙනවා.මොකද pre shoot එක කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි.wedding එක ගැන හිතනවා වගේම pre shoot එක ගැනත් හිතන්න දේවල් තියෙන නිසා මම හිතුවා ඒ ගැන කතා කරන්න ඕනේ කියලා
01) මුලින්ම place එක බලන්න.

Place එක select කර ගන්නකොට ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.කොහොමද තැනක් select කරගන්නේ.මොනවගේ තැනක්ද ගැලපෙන්නේ.මම කැමති තැනට එයා අකමැති වුණොත්.ඉතින් මේ ප්‍රශ්න ගැන තනියම හිතන්නේ නැතුව එයාගෙනුත් අහලා ,අනිත් අයගෙනුත් අහලා හොඳ තැනක් select කරගන්න.ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාලා දෙන්නා කලින් meet වුණ places shoot එකට තෝර ගන්න.ඔයාලා දෙන්නටම සමීප සුන්දර ස්ථාන ගැන Social Media වලින් හොයාගන්න පුළුවන්.
02) Match වෙන dress.

සාමාන්‍යයෙන් ඇඳුම් select කර ගන්නකොට ඔයාගේ පෙනුම ලස්සනට කැපිලා පේන විදිහට ඇඳුම් ගන්න ඕනේ.ගොඩක් වෙලාවට frock තමයි ගැලපෙන්නේ.මොකද ඒ වගේ ඇඳුමක් ගොඩක් ලස්සනට තියෙනවා.මොකද මේ අවස්ථාව වෙනුවෙන් අඳින ඇඳුම් simple සහ පහසු වෙන්න ඕනේ.ඒ සඳහා සරල මෝස්තරයක් සහිත පාවහන් යුගලක් හොඳින් ගැලපෙනවා.
එයාගේ ඇඳුම් තෝර ගන්නකොට කඩවසම් බව කැපී පෙනෙන ලෙස Denim, T-shirts සහ shirts තෝරා ගන්න.දෙදෙනාගේ සමේ වර්ණයට ගැලපෙන ඇඳුම් තෝරා ගන්න අමතක කරන්න එපා.
03) කාත් එක්ක ගියොත්ද හොඳ

Shoot වලදී ගන්න Photos වල ඉන්නේ ඔයයි එයයිනේ.ඉතින් ඔයාට පුළුවන් ඊට අමතරව ඔයාගේ දෙවෙනි මනමාලියන් සහ දෙවෙනි මනමාලයන් එක්කන් යන්න පුළුවන්.මොකද ඔයාට පුළුවන් එයාලත් එක්කත් ලස්සන photos ටිකක් ගන්න.ඒ වගේම ලස්සන album එකක් හදාගන්නත් පුළුවන්.
04) ගැලපෙන වෙලාව

සාමාන්‍යයෙන් උදේ කාලයේ හෝ සවස් කාලය තමයි shoot එක කිරීමට සුදුසු කාලය.හැබැයි shoot එකට යනකොට හදිස්සියේ, tension එකේ දුවන්න නම් තියාගන්න එපා.මොකද photographer photos ගනී.ඒත් අන්තිමට ඔයාට satisfied නැත්නම් වැඩක් නැහැ.අන්තිමට photographerට බැනලා වැඩකුත් නැහැ.ඒ නිසා ඔයා shoot එකට fresh එකේ යන්න ඕනේ.
ඉතින් දැන් ඔයාට පුළුවන් pre shoot එක tension එකක් නැතුවම කරගන්න .ඔයාගේ තිබුණ ලොකුම ප්රශ්නේ ඉතින් ඕකනේ.ඒකත් දැන් හරි.බය නැතුව shoot එකත් කරගෙන ලස්සන wedding album එකකුත් ඔයාට හදාගන්න එක දැන් හරිම simple.



