ගොඩක් කාන්තාවන් පිඩා විඳින තත්වයක් තමයි Endometriosis කියන්නේ.සමහර අවස්ථාවන් වලදී මේ රෝගය හරියටම අඳුරගන්න බැරි වෙනවා.ඒ නිසා වෙනත් රෝගයන් වලට තමයි Treatment කරන්නේ.ඒ නිසාම තමයි මම හිතුවේ මේ රෝගය ගැන ඔයාව දැනුවත් කරන්න ඕනේ කියලා.
මොකක්ද Endometriosis කියන්නේ

ගර්භාෂ ආස්ථරය සෑදී ඇත්තේ එන්ඩොමෙට්‍රියම් කියන පටකයෙන්.ඔසප් වීමේදී රුධිරය සමඟ සිරුරෙන් බැහැර වෙන්නේ මේ ස්ථරයයි. Endometriosis ඇති විට සිදුවන්නේ, එම පටක වර්ධනය නොවිය යුතු ස්ථානවල වර්ධනය වීම.ඩිම්බ කෝෂ, ශ්‍රෝණිය හෝ බඩවැල් වල පවා විහිදෙමින් මෙම ස්ථරය වැඩෙන තත්වය Endometriosis කියලා හඳුන්වනවා.
රෝග ලක්ෂණ

- ප්‍රධාන වශයෙන් මඳ සරු භාවය
- වේදනාව
- කල් පවතින උදර වේදනාව
- ශ්‍රෝණි හෝ කොන්දේ වේදනාව
- අසාමාන්‍ය ලෙස රුධිර වහනය
- ලිංගික සබදතා වලදී ඇති වන වේදනාව
- තුනටියේ හා කලවා පෙදෙසේ වේදනාව
- මළ මුත්‍රා පිට කිරීමේදී වේදනාව
- ඔක්කාරය සහ වෙහෙස
- කාංසාව, ආතතිය, නොසන්සුන්තාව වැනි මානසික වෙනස්වීම්
- නිදා ගැනීමේ ගැටලු සහ මල බුරුලට යාම
- පියයුරු මෘදු වීම සහ සංවේදී වීම
Endometriosis පිළිකා තත්ත්වයක්ද?

රෝගය පිළිකාවක් නොවුණත් ඉතා දීර්ඝ කාලයක් පවතින මේ තත්ත්වය පිළිකා කාරකයක් වෙන්න පුළුවන් කියලා සමහර පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා.
Endometriosis ඇති වෙන්නේ ඇයි ?

ආර්ථවයේදී පිටතට යායුතු අපිරිසුදු රුධිරය උදර කුහරය තුළට නැවත ගලා ඒම මෙයට හේතුවයැයි, දැනට Endometriosis තත්ත්වය ඇතිවීම පිළිබඳ ඇති වඩාත්ම පිළිගත් මතය මගින් විස්තර කරයි.
මඳ සරු බවට මේ රෝගය බලපාන්නේ කොහොමද ?
ඩිම්බ කෝෂ එකක හෝ දෙකේම Endometriosis තියෙනවා නම් ඩිම්බ වල ගුණාත්මක භාවයට බලපෑම් ඇති වෙන්න පුළුවන්.ඒ වගේම ඒ තත්වය නිසා ගැබ් ගැනීම වළක්වනවා.
රෝගය හඳුනාගන්නේ කොහොමද ?

- MRI Scan
- USS
ප්‍රතිකාර මොනවාද ?

- ඖෂධ ලෙස හෝමෝනමය ප්‍රතිකාර
- ලැපරෙස්කොපි ශල්‍යකර්මය
- ඩිපෝ ප්‍රොවේර එන්නත්, හෝමෝන නිකුත් කරන ගර්භාශයික ලූප
ප්‍රතිකාර වලින් පසුව

- සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවකට හුරු වීම
- දිනපතා ව්‍යායාම
- සමබල ආහාර වේලක් ගැනීම
- මානසික සුවය පිළිබඳව වැඩි අවධානය
Endometriosis ගැන නොදැන හිටපු අය අද ඒ ගැන දැනගත්තා.මොකක්ද මේ රෝගය සහ රෝග ලක්ෂණ කියලා. ගොඩක් අය මේ රෝගය ගැන දැනගත්තට ඒ මොකක්ද කියලා දන්නේ නැහැ.සමහර අය මේකේ නම දන්නවා විතරයි.ඉතින් මම ඔයාට මේ රෝගය ගොඩක් දේවල් කියලා දුන්නා.මම කියපු දේවල් ඉස්සරහට ඔයාට ගොඩක් වැදගත් වෙයි.



