Like
Like Love Haha Wow Sad Angry
1

ඔයා ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද? සමහර විට ඔයා කියයි මගේ සැමියා වෙනුවෙන්, පවුල වෙනුවෙන් කියලා. හැබැයි ඔයා ජීවත් වෙන්න ඕන ඔයා වෙනුවෙන්. ඔයා වෙන කෙනක් වෙනුවෙන්, එහෙමත් නැත්නම් ආදරයක් වෙනුවෙන් ජීවිතය නැති කරගත්තා හෝ මානසිකව වැටුණා කියලා ඔයාව දාලා ගිය කෙනා ආයේ එන්නේ නැහැ. ආදරයක් කියන දෙ බලෙන් ලබාගන්නත් බැහැ. එක පාරක්, හෝ දෙපාරක් ඔයා ආදරෙන් පරදින්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා කඩා වැටෙන්න එපා. ඔයා ඒ විදිහ මනසින් කඩා වැටුණු කෙනෙක් නම් , මේ දේවල් ඔයා ගොඩක් වැදගත්. මේ ක්රම අනුගමනය කළොත් ඔයාට සැබෑ ආදරය සොයා ගන්න පුළුවන්.

හොඳින් සිතන්න

Serious fun thinking young woman looking up

ඔයාගේ ආදර සම්බන්ධතාවය තිබුණු කාලය ගැන හොඳින් හිතන්න. ඒක මුල ඉඳන්ම ගැලපුණාද? නැත්නම් ඔයාගේ කලින් ආදරවන්තයා නරක පුද්ගලයෙක්ද? එහෙමත් නැත්නම් වංචනිකයන්? ඒ පුද්ගලයා නරක පුද්ගලයෙක් නම් එම සම්බන්ධය බිඳ වැටුණේ ඔයාගේ හොඳටමයි. හැබැයි එක ඔයාගේ වැරද්දක් නම් හරි, පෞර්ෂ අබාධයක් නිසා නම් ඔයා ඒ වැරැද්ද ඉක්මනින්ම හදාගන්න ඕන. බිඳ වැටුණු සම්බන්ධයකින් ඔයාට ලැබෙන වටිනාම දේ තමයි උගත හැකි පාඩම්. මොකද අනාගතය ගැන හිතන්න නම් අතීතයේ වැරැදුණු දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නම ඕන. එය ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් හොඳම අධිතාලමක්. ඒ නිසා එම සම්බන්ධතාවයේ ආගිය මුලගිය තැන් ගන හොඳින් අධ්‍යනය කරන්න.

වේදනාව හිමින්සැරේ අඩු කරගන්න

ඔයා තවමත් අහිමි වූ ආදරය ගැන හිත හිතා වේදනාවෙන්, තරහෙන් සහ කලකිරීමෙන් ඉන්නවාද? ඒ කියන්න ඔයා ආයෙත් අලුත් සම්බන්ධයක් පටන් ගන්න සූදානම් නැහැ. හිතේ වේදනාව සමඟ අලුත් එකක් පටන් ගන්නවා කියන්නේ ඒ සම්බන්ධයත් නැති වෙන්න ලොකුම හේතුක් වෙනවා. වේදනාත්මක කාලය පහු කරලා ඔයාගේ හිත සැහැල්ලු කරගෙන සාමාන්ය තත්වයට පත්වුණාට පස්සේ තමයි අලුත් සම්බන්ධය පටන් ගන්න ඕන. නැත්නම් වෙන්නේ ඔයා හැමවෙලේම පරණ පෙම්වතා සහ අලුත් පෙම්වතා සංසන්දනය කරමින් රණ්ඩු කරන එකයි.

පවුලට සහ මිතුරන්ට සමීප වෙන්න

ඔයාගේ සම්බන්ධකමක් බිඳුනට පස්සේ තනි වෙන්න නම් හදන්න එපා. ඒ වගේම දුක තුනී වෙන්න වැරදි කෙනක් ජීවිතේට ලං කරගන්නත් එපා. එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඔයාගේ බිඳුණු හිත හදාගන්න, ඔයාට ශක්තියක් වෙන්න පුළුවන් ඔයාගේ පවුලේ අයට සහ හොඳම යහළුවන්ට විතරයි. ඒ නිසා දුක අම්මට, තාත්තාට කියන්න. එයාලා ඔයාව තේරුම් අරගෙන කරන්න ඕනේ දේ ගැන කියයි.එතකොට ඔයාට තේරේවි මේ ලෝකයේ ඔයාට ආදරේ කරන ගොඩක් අය සිටින බව. ඒ වගේම මෙච්චර කාලයක් ඔයා වෙන කෙනෙක්ට ආදරේ කළාට ඔයාට එයා ආදරේ කළේ නෑනේ. ඉතින් දැන් ඔයාට ආදරේ කරන්න කාලේ හරි. වෙන කෙනෙක්ට ආදරේ කරන්න කලින් ඔයා ඔයාටම ආදරේ කරන්න. ආත්ම විශ්වය ඇති කරගන්න. එතකොට ඔයාට ජීවතේ සාර්ථක මං පෙත් විවර වෙයි.

ටික කාලයක් තනිකඩ වෙන්න

ටික කාලයක් තනිකඩව ඉන්න. තනිකඩයන් සමඟ ගමන් බිමන් යන්න. වගකීමක් නැති,තමන්ට කැමති විදිහට ඇඳලා පැළඳලා, කැමති විදිහට කාලා බීලා ඔයාගේ නිදහස් භුක්ති විඳින්න. හැබැයි එහෙම කියලා ඒ නිදහසින් අයුතු ප්රයෝජන ගන්න නම් එපා. හොඳ යාලුවෙක් එක්ක හෝ පවුලේ අයත් එක්ක ඇවිදින්න, trip යන්න. ඔයා නිදහසේ ඉන්න කාලය තුළ බැඳීම් කියන්නේ මොනවද? නිවැරදි බැඳීම් ඇති කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න, තේරුම් ගන්න. ඔයා නිතරම ඔයාගේ ලස්සන බලන්න, ඔයාගේ වැදගත්කම ගැන හිතන්න. ඊට පස්සේ ඉතින් ඔයාට ගැළපෙන ඔයාගේ හිතේ ඉන්නවා වගේ කුමාරයෙක් ආයෙත් හොයාගන්න.

එක පාරක් ආදරෙන් පැරදුණාට කඩා වැටෙන්න එපා. ඒ දේ වුණේ ඔයාගේ හොඳටයි කියලා හිතලා හිත ශක්තිමත් කරගන්න. කතාවක් තියෙනවනේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා. ඒ නිසා ඔයාට එයාට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා කලින් ආදරේ අහිමිවුණා කියලා අඬ අඬා පස්සෙන් යන්නේ නැතුව, ලැබෙන ආදරේ රැක ගන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here