අද Credit Card එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. මෙය ණය කාඩ් පතක් වුණත් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ ධන නිධානයක් කියලා. තමන්ට හිතුමනාපේ Credit Card එකෙන් වියදම් කරනවා. විශේෂයෙන්ම girls ලා. හැබැයි ඕන ඕන වෙලාවට ඒකෙන් කාලා,බීලා හිටියට වැඩි කාලයක් යද්දී ඔයා ණයකාරයෙක් වෙන්න පුළුවන්. ඒ, නිසා Credit Card එකෙන් ණය වෙන්න කලින් ආර්ථික විද්යාව ගැනත් පුංචි හෝ අවබෝධයක් ඔයාට තිබිය යුතුයි.
Limit එකක් තියාගන්න

බැංකුවක් ණය කාඩ්පතක් නිකුත් කිරීමේදී ,එමඟින් වියදම් කළ හැකි මුදල් සීමාව තීරණය කරනවා. එවිට ඔවුන් ඔයාගේ ආදායමට වඩා වැඩි ණය සීමාවක් ක්රෙඩිට් කාඩ් පතට ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒ ධන නිධානයක් නම් නෙවෙයි. එය ඔයාව විශාල ණය උගුලකට හිර කරන දෙයක් වෙන්නත් පුළුවන්. ණය සීමාව වැඩි නිසාම ඔයාගේ වියදම් කිරීම ගැන සිතේ තියෙන ආකල්පය වෙනස් වෙනවා. ඔයා Credit Card පතේ Limit එක ගැන හැමවෙලේම හිතන්නේ පර්ස් එකේ තියෙන සල්ලි මිටියක් වගෙයි.හැබැයි මතක තියාගන්න ණය කාඩ් පතේ Limit එක අනුන්ට ගෙවන්න තියෙන ණයකට සමාන බව. ඒ ණය මාසය අන්තිමට ගෙව්වේ නැති නම් විශාල පොළියක් එකතු වෙනවා.
නිරන්තරයෙන් ණය මුදල් පිරික්සන්න

ඇතැම් ආයතන වලින්ගනුදෙනු කිරීමේදී ණය කාඩ්පතට වට්ටම් ලැබෙන බව සමහරු කියනවා.හැබැයි මෙහිදී බොහෝ වෙලාවට සිදු වන්නේ, භාණ්ඩයේ හෝ සේවාවේ සැබෑ මිලට වට්ටම් එකතු කර එම වට්ටම පසුව අඩු කර පාරිභෝගිකයා මුලා කිරීමයි. ඒ වගේම සෑම විටම Credit Card පතේ මාසික වාර්තාව පරික්ෂා කර බලන්න. මොකද බැංකුව ඔයාට නොදන්නවා අසීමිත මුදලක් ඔයාගේ ණය Credit Card පතට එකතු කර තියෙන්න පුළුවන්. ගිවිසුම් පොළියට වඩා වැඩි පොළියක්, රක්ෂණ සඳහා මුදලක්, ගෙවීම් ප්රමාද කිරීමේ දඩ මුදලක් සහ වෙනත් බැංකු ගෙවීම් ඔයාගේ ගිණුමට එකතු කර තිබිය හැකියි. ඔයාගේ Credit Card පතට පොළියක් එකතු කළ හැකි වන්නේ ඔයා වියදම් කළ දිනයේ සිට එම වියදම් පියවන දිනය දක්වා විතරයි.ඒ නිසා වාර්ෂික පොළිය දින 365න් බෙදා එය අදාළ දින ගණනින් වැඩි කිරීමෙන් ඔයාගේ පොළිය සොයා ගන්න පුළුවන්.
වංචනිකයන්ට හසු නොවන්න

ඔයා Credit Card පතකින් යමක් මිලදී ගැනීමේදී සමහර විට භාණ්ඩයේ මිලට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවෙයි. විශේෂයෙන්ම රන් භාණ්ඩ අලෙවිසැල් වල මේ තත්වය දකින්න ලැබෙනවා. මොකද ඔවුන් Credit Card පත් බැංකුවලට කිසියම් මුදල් ප්රමාණයක් ගෙවීමට බැඳී සිටිනවා. ඒ නිසා ඔවුන් එම මුදල පාරිභෝගිකයන්ගෙන් අය කරනවා.
ඒ වගේම කිසිම අවස්ථාවකට ඔයාගේ Credit Card පතේ අංකය සහ එය කල් ඉකුත්වීමේ දිනය කිසිවෙකුටත් දැනගන්න ඉඩ තියන්න එපා. Credit Card පතේ ණය සීමාව ගැනත් කාටවත් කියන්න එපා. මොකද ඔයාගේ එම කාඩ්පතේ අංකය යොදාගෙන ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන්න පුළුවන්.
Customer slip එක විසි කරන්න එපා

ඒ වගේම ක්රෙඩිට් කාඩ් පතෙන් ගනුදෙනු කරන සෑම වෙලාවකම ඔයාගේ අත්සන නිවැරදිව එම customer slip එකේ තබන්න අමතක කරන්න එපා. මොකද ඔයා කරන වියදම් වල සාක්ෂි එහි සටහන් වන නිසා. එමෙන්ම කිසි විටෙක customer slip එක විසිකර දමන්න එපා. මොකද එහි ඔයාගේ කාඩ්පත් අංකය සටහන් වී තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ක්රෙඩිට් කාඩ්පත හදිසියේ හෝ අස්ථාන ගත වුණොත් හෝ වෙනත් අයෙකුගේ අතට පත් වුණොත් වහාම බැංකුවට දන්වා කාඩ්පත අක්රීය කරන්න. එය නැවත ලැබුණොත් බැංකුවට ගිහින් යළි සක්රීය කරගන්න පුළුවන්.
හැමදේටම හිතුමනාපේ ක්රෙඩිට් කාඩ් එකෙන් වියදම් නොකර පුළුවන් තරම් අරපිරිමැස්මට හුරු වෙන්න. මොකද හදිසි අවශ්යතාවයකදී, විශේෂයෙන්ම කොරෝනා කාලේ වගේ ගෙදරට වෙලා ඉන්න වෙන අවස්ථා වලදී ඔයාට ඉතිරි කිරීම ගොඩක් වැදගත්. girls කෙනෙක් වුණාම ඔයාගේ ජීවිතයට අරපිරිමැස්ම ගොඩක් වැදගත්.



