ඔයාගේ හිතට හරියටම හරි යන කෙනාව ලැබුනාම ඔයාට ඒක අමුතු හැඟීමක් විදියට දැනෙන්න ඇති.එයා එක්ක කාලය ගත කරන්න ඔයාට ලොකු කැමැත්තක් දැනෙන්න පුළුවන්.එයා එක්ක ඉන්න හැම වෙලාවකම ඔයාට ලොකු සතුටක් දැනේවි. ආදරේ කරනවානම් ඔයාට එයාව හොදට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ කියන්න යන්නේ ආදරේ කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දේවල් ටිකක්.

01) ඔයා කලින් සම්බන්දයක් තිබුන කෙනෙක් නම් ඒ ගැන හැම දෙයක්ම අමතක කරනවා. එයාලගේ විස්තර numbers, photos පවා අයින් කරනවා. මොකද එතකොට ඔයාට පුළුවන් අලුතින්ම පටන් ගන්න.
02) එයාව පුළුවන් හැම වෙලාවේම ආදරෙන් වැළදගන්න හිතෙනවා.මොකද hug කරන එකෙන් ඕන කෙනෙකුගේ දුකක් නැති කරන්න පුළුවන් වගේම ආදරේ වැඩි කරන්නත් පුළුවන්.
03) ඔයාට එයාගෙන් text එකක් එනකල් බලන් ඉන්න වෙන්නේ නෑ. මොකද ඔයාගේ ඕනෑම text එකකට උත්තර එවන්න එයා පොඩ්ඩක්වත් පරක්කු කරන්නේ නෑ. ඒ වගේම ඔයත් එයාගේ text වලට reply කරන්න පරක්කු කරන්න එපා.ආදරේ කරන්න පටන් ගත්තම එයා ගැන අවදානයෙන් ඉන්න බව තේරෙන්න දෙන්න.
04) ඕනෑම තැනකදී එයාව මතක් වෙනවා. ඔයා මොන තැනකට ගියත් එයා කරන දෙයක්, කෑමක් තිබුනත් ඒක දැකපු ගමන්ම ඔයාට එයාව මතක් වෙනවා. ඒ මොකද කියනවනම් ඔයා එයාට ගොඩක් ආදරේ කරන නිසා.
05) එයාව ටික ටික විශ්වාස කරන්න පටන් ගන්නවා. මොකද එයාට ඔයා ආදරේ කරනවානම් ඔයාගේ හිතේ එයා ගැන ටිකෙන් ටික විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා.
06) එකිනෙකා ළඟින් ඉන්න ආසා කරනවා.එයා ළඟින් ඉගෙන ඉන්න, කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා.එහෙම වෙන්නේ ඔයා එයාට ආදරේ කරන්න පටන් අරන් නිසා.
07) ඒ වගේම තමයි, ඔයාට එයාව දකින්න නැති වුණාම ලොකු දුකක් දැනෙන්නත් පුළුවන්. මොකද ඔයාගේ හිත එයාට ගොඩක් ආදරෙන් බැදිලා තියෙන්නේ. ඒ වගේම එයාට ඔයාගේ call එකක් මග හැරුණත් ලොකු දුකක් දැනෙනවා.
ඉතින් ආදරේ කරන්න පටන් ගන්නකොට නම් මේ වගේ දේවල් තමයි ඔයාට දැනෙන්නේ. ඔන්න දැන් ඔයාට පුළුවන් ඇත්තමට ඔයාගේ හිතේ තියෙන්නේ ආදරයක්ද කියල හරියටම දැන ගන්න.



