ඕට්ස් කියන්නේ වැඩිය රසක් දැනෙන කෑමක් නෙවෙයි.ඒත් ඕට්ස් පෝෂණ ගුණයෙන් අනූනයි. විශේෂයෙන්ම සිරුර කෙට්ටු කරගන්න, බබාලගේ පෝෂණ අවශ්යතා සම්පූර්ණ කරන්න ඕට්ස් වලට පුළුවන්. ඔයා කන්න අකැමති ඕට්ස් වලින් රස තොසේ එකක් හදලා බලන්න. ඒ රස කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය

- ඕට්ස් කප් 2 ක්
- හාල්පිටි කප් 1/2 ක්
- රුලන් කප් 1/2 ක්
- මුදවපු කිරි කප් 1/2 ක්
තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය

- සූදුරු තේ හැන්දක්
- සිහින්ව ලියාගත් ළූණු සහ අමුමිරිස්
- තලාගත් ඉගුරු සුදුළූණු
- ගා ගත් පොල් මේස හැන්දක්
- Chop කළ කොත්තමල්ලි කොළ සහ කරපිංචා
- ගම්මිරිස් කුඩු ටිකක්
සාදාගන්න ආකාරය

- මුලින්ම ඕට්ස් රන්වන් පාට වනතෙක් බැදගන්න.
- නිවුනු පසු හාල්පිටි, රුලන් පිටි සමඟ වතුර ටිකක් දමා හොඳින් Blender කරගන්න.
- පසුව එයට දියකරගත් මුදවපු කිරි එකතු කර මිශ්‍ර කරන්න.
- එය තරමක් දියාරුවට සකස් කර ගන්න
- සිහින්ව ලියාගත් ළූණු සහ අමුමිරිස්,කොත්තමල්ලි කොළ, කරපිංචා සහ සූදුරු එකතු කරන්න.
- ඉගුරු සුදුළූණු සහ පොල් තෙම්පරාදු කර එයට දමන්න.
- දැන් සාමාන්‍ය ක්‍රමයට පෑන් එකකින් තෝසෙ හදා ගන්න.
ඕට්ස් ඉහළ ෆයිබර් ප්‍රතිශතයක් අඩංගු වන අතර ඒ නිසාම රෝග ගණනාවක් සඳහා වඩාත් සුදුසුයි. ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම පාලනයට, හදවත් රෝග, දියවැඩියා, වකුගඩු රෝග, මළබද්ධය වැනි රෝග වලට ද ගුණදායක වන අතර ඕට්ස් ඔයාට තිබෙන පියයුරු පිළිකා අවධානම ද වළක්වනවා.



