මේ topic එක දැක්කම ඔයා අනිවාර්යයෙන්ම පුදුම වෙනවා කියලා නම් මම දන්නවා.Wedding එකට pre shoot එකක් අනිවාර්යයෙන්ම ඕනේ.ඇයි ඒක ඕනම දෙයක් නෙමෙයි ද? අපි ඒ ගැන ඔයාටම තීරණය කරන්න ඉඩ දෙනවා.ඉතින් අද කියන්න යන කරුණුත් mind එකේ තියාගෙන ඔයාගේ wedding එකට pre shoot එකක් කරනවද නැද්ද කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ.

මේ වෙනකොට wedding එකට කලින් Pre shoot එකක් කිරීම fashion එකක් නැත්නම් රැල්ලක් වෙලා.ලස්සන ඇඳුම් එක්ක ලස්සන දර්ශන තලයක boyfriend එක්ක ලස්සන photos ටිකක් ගන්න හැම girl කෙනෙක්ම හරිම කැමතියි.ඒ නිසා ඔයාගේ wedding එක වෙනුවෙන් වෙන් කරන මුදලින් වැඩිම මුදලක් වෙන් වන්නේ photography වලට.ඒ නිසා බජට් ගැනත් හිතන Smart bride කෙනෙක්ට මේ කාරණාව ගැන බුද්ධිමත්ව හිතීම වැදගත්.
Pre shoot කියන්නේ ඇත්තටම අවශ්‍යම දෙයක් නෙවෙයි.Pre shoot කියන සංකල්පය මෑතකදි තමයි අපේ රටේ ප්‍රචලිත වෙන්නේ.වෙනත් රටවල ක්‍රියාත්මක දේවල් අනුකරණයට කැමති අපි විලාසිතාවක් වගේ මෙයත් වහාම අනුකරණය කරන්න පටන් ගත්තා.දැන් ඡායාරූප ශිල්පින්ගේ Package වලට මෙය ඇතුළත්.ඉතින් ඔහු කියන දර්ශන තලවල ඔහුට අවශ්‍ය හැටියට per shoot කිරීම විලාසිතාවක් සහ රැල්ලක් බවට පත් වෙලා.අනවශ්‍ය විදියට මනාල යුවලගේ මුදල් නාස්ති කරන ක්‍රියාවක් බවට පත් වෙලා.
ඔයා බුද්ධිමත්ව මේ ගැන තීරණයක් ගන්න ඕනේ.ඔයා හිතනවා නම් pre shoot ඔයාට අවශ්‍යයි කියල අඩුමතරමින් මේ ඡායාරූප ගන්න කලින් අඳින්නේ මොනවද, ඒවා ඔබට ගැලපෙනවද සහ කරන්නේ කොහෙද, ඒ ස්ථාන ආරක්ෂිත ද යන්න ගැන නිවැරදි එකඟතාවයකට එන්න ඕනේ.
Wedding එක ඔය දෙන්නගේ.එහි තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ ඔයාලට මිසක් photographer ට හෝ ඔයාගේ wedding planer ට නෙමෙයි.
ඒ වගේම අනතුරුදායක තැන් වල photo නොගත්තට බොහොම සුන්දර සහ ආරක්ෂිත ස්ථාන ඕනෑ තරම් තියනවා.අනිත් කාරණය ඔබේ ඡායාරූප සමාජ මාධ්‍ය වල පළ කරන්නට ඔබ අකමැති නම් ඒ ගැන ඡායාරූප ශිල්පියාට කියන්න.ඔහුගේ ජනප්‍රිය බව වැඩි කරගන්න ඔබේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ කටගැස්මක් වෙන්න ඕනෑත් නැහැ.ඒ වගේම ඔයාගේ wedding එක දවසේ සිදුකරන ඡායාරූපකරණය ගැනත් මෙහිදී ඔයාට යමක් කිව යුතුයි.
මේ අනවශ්‍ය ඡායාරූපකරණයට නිසා විවාහ දිනයේ පවා ඔයා අපහසුතාවයට පත් වෙනවා.විවාහ දිනයේ කෙරෙන ඡායාරූපකරණය පවා කලින් නිවැරදි වෙලාවක් හා ස්ථාන තෝරා ගෙන ඔබේ අවශ්‍යතා හා කැමැත්ත මත කරගන්න.සියල්ල ඡායාරූප ශිල්පියාට තීරණය කරන්න ඉඩ දී බලා සිටින්න එපා.සමහර wedding වල නැකැත් පවා මඟ හැරෙන මනාල යුවල අධික තෙහෙට්ටුව පත් වෙන කාරණාවක් තමයි මේ අනවශ්‍ය ලෙස කෙරෙන ඡායාරූපකරණය. ඔයා හිතයි “photo විතරයි ඉතුරු වෙන්නෙ ඒ නිසා ඒ සියල්ල අවශ්‍යයි “කියලා.ඔයාගේ wedding එකේ විශේෂ මතක සැමරුම් photos ගන්නවා මිසක් ඡායාරූප ගන්න විවාහයක් කරන්න එපා.නිදහසේ සතුටින් ගතකරන ඔයාගේ විවාහ දිනයේ සුවිශේෂී සුන්දර මතක සටහන් වල එකතුවක් බවට ඔයාගේ වෙඩින් ඇල්බම් එක පත් කරගන්න ඔබට පුලුවන්.
ඇත්තටම කිව්වොත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ විවාහ දිනයේ කෙරෙන, විවාහයේ ඡායාරූප ගැන මිස විවාහයට පෙර අධික මුදලක් වැය කරමින් කරන Pre Shoot photos ගැනීම ගැන නෙවෙයි, ඇත්තටම එය අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඒ නිසා ඒවාත් ඇතුළත් පැකේජ් එකක් ලබා ගන්න මුදල් මදි වීම, ඔබේ පෙම්වතා ඒවා ලබා ගන්න අකමැති වීම ඔබ දුක් විය යුතු කාරණාවක් වෙන්නෙම නෑ. හොදින් සිතා බලා බුද්ධිමත් smart bride කෙනෙක් විදියට ඔබේ තෝරා ගැනීම කරන්න.වඩා වැදගත් ඔබේ මංගල දිනය අනවශ්‍ය අධික වියදම් වලින් තොර සුන්දර මතකයන් පිරුණු ඔබේ දිවියේ සුවිශේෂීම දිනයක් බවට පත් කර ගැනීමයි. තීරණය ගත යුත්තේ ඔයයි ..



