Like
Like Love Haha Wow Sad Angry

සාමාන්‍යයෙන් Mask සහ Hand Sanitaizer කියන්නේ Healthcare Sector එකේ වැඩි වශයෙන් භාවිතා කරන දෙයක්.අපි ඒ දේවල් භාවිතා කරනවා හරිම අඩුයිනේ.හැබැයි දැන් ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයම Mask සහ Hand Sanitaizer භාවිතා කරන්න පටන් අරගෙන තියෙනවා.ඒ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න.අපි හැමෝම විසබීජ විනාශ කරන්න Hand Sanitaizer ගන්නේ Market එකෙන්නේ.ඉතින් Hand Sanitaizer එකක් මිලදී ගන්න කලින් මේ දේවල් ගැන හොයලා බලන්නම වෙනවා.

Hand sanitizers වර්ග

දැන් වෙළඳපොලේ විවිධාකාරයෙන් Hand Sanitaizerලබා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඒ අතරේ

  • Hand sanitizers foam
  • gel
  • Rub
  • liquid

ලෙස වර්ග කිහිපයකින්ම ලබාගන්න පුළුවන්. හැබැයි Sanitaizer වලට Alcohol භාවිතා කරන අතර ඔයාගේ සමට හිතකර Alcohol අඩංගු Hand Sanitaizer තෝරාගන්න වග බලාගන්න. සාමාන්‍යයෙන් Hand Sanitizer නිෂ්පාදනයක Alcohol අඩංගු විය යුතු වන්නේ සුවිශේෂී වූ පිරිසිදු කිරීමේ කාර්යයක් ඉටු කරන නිසයි.

Hand Sanitizer වල ප‍්‍රමිතිය ගැනත් බලන්න අමතක කරන්න එපා

Hand Sanitizer නිෂ්පාදනයක ඵලදායිතාවය හා ක‍්‍රියාකාරිත්වය තීරණය වන්නේ එහි අන්තර්ගත Alcohol ප‍්‍රතිශතයෙන්. ඒ නිසා එහි අන්තර්ගත Alcohol ප‍්‍රතිශතයේ අඩු වීම හෝ වැඩිවීම නිෂ්පාදනයේ ගුණාත්මකභාවයට සෘජුවම බලපානවා. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Hand Sanitizer නිෂ්පාදනය සෘජුවම නියාමනයට ලක්කනරනා අතර, එම කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මගින් ක‍්‍රියාත්මක කෙරෙනවා. ඒත් මේ වන විට ශ‍්‍රී ලංකාව තුල Hand Sanitizer නිෂ්පාදනය කිරීම සඳහා නීතිමය හැකියාව පවතින්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ලබාදුන් විශිෂ්ට නිෂ්පාදන ප‍්‍රවීණත්ව (Good Manufacturing Practices – GMP) සහතිකය හා නිෂ්පාදන බලපත‍්‍ර ලාභී, පුද්ගල සනීපාරක්‍ෂක (Personal Care) නිෂ්පාදකයන්ට පමණයි. ඒ හින්දා ඔයා ගන්න Sanitizer වල Alcohol අඩංගු වෙනවද කියලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here