Like
Like Love Haha Wow Sad Angry

ලොකු කුඩා භේදයකින් තොරව කාටත් තිබෙන ප්‍රශ්නයක් තමයි උදේම නැගිටින එක. ඔයා උදේට නැගිටින වෙලාව අනුව තමයි ඔයාගේ මුළු දවසම තීරණය වන්නේ. විශේෂයෙන්ම උදේම නැගිටලා ඔයා කරන කියන දේවල් එක්ක. ඒ හින්දා දවසම ඵලදායීව ගත කරන්න නම්, උදේ නැගිට්ට ගමන්ම මෙන්න මේ දේවල් කරන්න පුරුදු වෙන්න.

හොඳට වතුර බොන්න

උදෙන්ම නැගිටලා වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. එමඟින් ඔයාට ගොඩක් දේවල් වෙන්න පුළුවන්. විජලන තත්වය නැතිවෙලා ඇඟට පණක් දෙන එක. ඒ වගේම උදෑසන ආහාරයෙන් ඇඟට එන කැලරි ප්‍රමාණය අවම කිරීමට, විෂබීජ නැසීමට, මානසික සුවයට සහ විශේෂයෙන්ම පරිවෘත්තීය ක්‍රියාවට ගොඩක් වැදගත්.

දවසේ සැලැස්ම

උදේට නැගිට්ටම දවසේ මොන මොනවා වෙයිද කියලා කියන්න බැහැ. ඒ නිසා ඔයා දවසේ කරන්න තියෙන වැඩ ටික කොළයක ලියලා තියාගන්න. එයට එනම කාලසටහනක් තියාගන්න එක ඔයාට වටිනවා. නැත්නම් අත්‍යවශ්‍ය වැඩ ඔයාට මඟ ඇරෙන්න පුළුවන්.

ඔයා ආසම සිංදුවක් අහන්න

සංගීතයට පුළුවන් ඔයාට මානසික සුවය ලබාදෙන්න. නිදි කිරා වැටෙන ගතිය නැති කරවලා දවස Fresh එකේ ගත කරන්න උදව් වෙනවා. ඒ නිසා කනට මිහිරක් දෙන සෞම්‍ය සිංදු ටිකක් අහන්න පුරුදු වෙන්න.

ව්‍යායාම කරන්න

හවසට වඩා උදෑසන ව්‍යායාම කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ව්‍යායාම කිරීමෙන් නිකුත් වෙන endorphins වලින් ආතති තත්වයන් පාලනය කරනවා. විශේෂයෙන්ම උදෑසන ව්‍යායාම කිරීමෙන් මොළයට ස්වාභාවිකවම ශක්තියක් ලබා දෙනවා.

ආදරණීයන් ගැන හිතන්න

ඵලදායී ලෙස දවස ගත කරන්න නම් මානසික සතුට අත්‍යවශ්‍යයි. ඒ සතුට ඔයා ගාව හැමදාමත් රැඳෙන්න නම් ඔයාගේ ආදරණියයන් ඔයාට ගොඩක් වැදගත්. ඒ හින්දා එයාලා ගැනත් හිතන්න පුංචි වෙලාවක් වෙන් කරගන්න.

උදෑසන ආහාරයත් වැදගත්

කාර්යබහුල වුණා කියලා උදෑසන ආහාරය මඟ අරින්න එපා. මොකද උදේට කෑවේ නැත්නම් කොන්ද පණ ඇතිව වැඩක් කරන්න අමාරුයි. ශක්තිය, අවධානය යොමු කිරීමේ හැකියාව, පරිවෘත්තීය ක්‍රියා සඳහා උදෑසන ආහාරය ගැනීම අත්‍යවශ්‍යයි. මේ නිසා උදෑසන පෝෂණීය ආහාර වේලක් ලබාගන්න අමතක කරන්න එපා.

මේ පුරුදු ටික හැමදාම උදේට කරන්න. එමඟින් ඔයාට ප්‍රබෝධමත් ලෙස දවස ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක ඔයාගේ කායික සෞඛ්‍යට යහපත් කර ගැනීමටත් ලොකු පිටුවහලක් වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here