දෙතොල් ලස්සනට තියාගන්න ඕනෑම girl කෙනෙක් කැමතියි. ඒ නිසාම ඔයා කෘතීම තොල් ආලේපන භාවිතයට ද පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔයා කාලයක් තිස්සේ ඒවා භාවිතා කිරීමෙන් ඔයාගේ තොල් වල වර්ණය වෙනස් වී කළු පැහැ වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනෙකුගේ තොල් වියළීමත් තොල් පැළීමත් සිදු වෙනවා. දේශගුණයේ වෙනස් වීම්, විශේෂයෙන්ම සීතල දේශගුණය පවතින ප්‍රදේශ වලදී සමහර girlsලගේ දෙතොල් පිපිරීමට ලක්වෙනවා. ඊට අමතරව විටමින්, යකඩ වැනි ඛනිජ ලවණ සහ අත්‍යවශ්‍ය මේද අම්ල වල ඌනතාද හේතු වෙනවා. එමෙන්ම සමහර ඖෂධ, රසායන ද්‍රව්‍ය වලට දක්වන අසාත්මිකතා සහ දුම්බීමත් තොල් පැළීමට හොඳින්ම බලපානවා.
මේ තත්ත්වය වළක්වා ගන්නේ කොහොමද?

- දිනපතා වැඩිපුර ජලය පානය කර ශරීරයේ නිසි තෙතමනය පවත්වා ගත යුතු වෙනවා
- තොල් සැපීම වැනි නරක පුරුදුවලින් ඈත් වෙන්න.
- විටමින් ‘A’ අඩංගු කැරට්, තක්කාලි, කොළ, එළවළු හා පලාවර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගන්න.
- තද සූර්යාලෝකයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා නිවෙසෙන් බැහැරව යද්දී සුදුසු තොල් ආලේපනයක් Sun screen භාවිත කිරීම කරන්න
- රාත්‍රී කාලයේදී දෙතොලෙහි සුදුසු Lip balm එකක් ආලේප කරන්න
තොල් වල පැහැය සහ අලංකාරය දිගටම පවත්වා ගන්න මේ ස්වාභාවික සත්කාර ඔයාට වටිනවා.

- ගිතෙල් ස්වල්පයක් සමඟ කහ කුඩු මිශ්‍ර කර දෙතොලේ ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. මෙය දිනපතාම භාවිත කිරීමෙන් තොල් වල කළු පැහැය ඉවත් වී රෝස පැහැයක් ලබා ගන්න පුළුවන්.
- මී පැණි, ජලය, ග්ලීසරීන් හා Almond oil සම ප්‍රමාණයෙන් ගෙන බෝතලයකට දමා හොඳින් කවලම් කර ගන්න. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් දිනපතාම තොල් වල ආලේප කිරීමෙන් රෝස පැහැති දීප්තිමත්ව තොල් සඟලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
- ඒ වගේම රාත්‍රියට ඔයාගේ තොල් වල එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමදින්න. එවිට දෙතොල් මෘදු වී පැහැපත් වෙනවා.
දෙතොල් වියළීම වැළැක්වා ගන්න හැටි

- මී පැණි ස්වල්පයක් ආමන්ඩ් ඔයිල් සමඟ මිශ්‍ර කර තොලේ අලේප කර පිරිමදින්න
- මී පැණි සමඟ වැස්ලින් ස්වල්පයක් මිශ්‍ර කර තොල් වල ආලේප කර විනාඩි 10-15ක් පමණ තිබෙන්නට හැර වතුරින් පෙඟවූ පුළුන් කැබැල්ලකින් තොල් පිසදමන්න.
- කෝමාරිකා මද ස්වල්පයක් තොල් වල ආලේප කරන්න.
- ග්ලිසරීන්, දෙහි යුෂ, එඬරු තෙල් ස්වල්පයක් බැගින් එකට මිශ්‍ර කර රාත්‍රියේදී තොල් වල ආලේප කර පසුදා උදෑසන තෙත රෙදි කඩකින් මෘදුව පිසදමන්න. මෙය නොකඩවා දින කිහිපයක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
ඔයාටත් දිදුලන රෝස පැහැති තොල් සඟලක් හිමි කර ගන්න නම් කෘතීම තොල් ආලේපන භාවිතය අවම කර පුළුවන් තරම් ස්වාභාවික ආලේපන භාවිතයට හුරු වෙන්න.ඒ වගේම දිනපතා පෝෂණීය ආහාර ලබාගන්න. එමඟින් ඔයාට ලස්සන වගේම නිරෝගීමත් දෙතොලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.



