Like
Like Love Haha Wow Sad Angry
3

කොණ්ඩය ලස්සනට තියාගන්න ඕනම Girl කෙනෙක් කැමති.හැමෝටම උපතින්ම තමන් කැමති විදිහට කොණ්ඩයක් ලැබන්නේ නැහැ. එක එක්කෙනාගේ කොණ්ඩ වල ස්භාවය එක එක විදිහයි. ඒ හින්දා ඔයා Saloon ගිහින් හරි ඔයා කැමති විදිහට ඒක වෙනස් කරනවා. ඔය අතරේ ගොඩක් ගැහැණු ළමයි කැමති කොණ්ඩය Straight කරන්න. නැතිනම් hair rebonding, relaxing වගේ විලාසිතාවන් වලට. හැබැයි මේ විලාසිතාවන් කිරීමෙන් ඔයාට විවිධ අතුරු ආබාධ ඇති වෙන්නත් පුළුවන්.

හිසකෙස් වියළි වීම

iron එකෙන් කොණ්ඩය iron කරද්දී ඔයාගේ හිසකෙස් වල තියෙන ජලය වාෂ්ප වී යනවා. iron කරලා කොණ්ඩය ලස්සන කළා වගේ නෙවෙයි, එමඟින් හිසකෙස් වල තියෙන තෙතමනය ඉවත් වෙනවා. සමහරු හිසකෙස් වල තෙල් ගාන්නත් හොරයි. නැති නම් තෙල් ගාන්නේ නාන්න ලෑස්තිවෙලා. ඊට පස්සේ ඉතින් ෂැම්පු දාලා ඒ තෙල් ටිකත් සෝදලා දානවා. ඔය අතරේ දිගින් දිගටම හිසකෙස් iron කරන්න පටන් ගත්තාම ස්වභාවික තෙල් ඉවත් වී අධික වියළි බවක් ඇති කරනවා. ඒ වගේම හිසකෙස් දුර්වල වී කෙස් අග පැලීම සහ පහසුවෙන් කැඩීයාමට ලක් වෙනවා. එමඟින් ඔයාගේ කෙස් කළඹේ නිරෝගී බව අඩු වන අතර ඔයාගේ සුන්දරත්වයට ද හානි වෙනවා.

මලානික වීම සහ ආසාත්මිකතා

හිස් කබලෙන් ශ්‍රාවය වන ස්වභාවික තෙල් ඔයාගේ කෙස් කළඹ ලස්සනට බබළවනවා. හැබැයි දිගු කාලයක් තිස්සේ රසායන මගින් හෝ iron එක මගින් හානි වූ හිසකෙස් වල මේ සජීවී සුන්දර දිදුලන පෙනුම නැති වෙලා යනවා. එමඟින් ඔයාගේ හිසකෙස් මළානික පෙනුමක් ගෙනදෙනවා. ඒ වගේම නිතරම හිස උණුසුම් වන විට හිස් කබලේ රෝම කූප වලටත් හානි වෙනවා. ඒ වගේම රසායනික ද්‍රව්‍ය සහ Straight කිරීම නිසා කෙස් ගසේ මුලට හානි වෙනවා. ඊට පස්සේ ඉතින් නිතරම හිසකෙස් ගැලවිලා යන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ හේතු නිසා කාලයක් යනකොට ඔයාගේ හිස් කබලේ විවිධ ආසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන්.

මේ නිසා පුළුවන්නම් මඳ උෂ්ණත්වයට iron එක සකස් කරගෙන සතියකට වරක් කොණ්ඩය iron කරන්න පුරුදු වෙන්න.ඒ වගේම හිසකෙස් වල තෙතමනය රැකගන්න වදමල්, නෙල්ලි, කෝමාරිකා සහ සැවන්දරා අඩංගු ෂැම්පු එකක් එකක් භාවිතා කරන්න.ඒ විදිහේ Shampoo එකක් Use කරනවා නම් හිස්හොරි අඩු කරලා, හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරන අතර පිරිපුන් දිගු කෙස් කළඹක් ලබාදෙනවා.

ඉතින් ඔයාටත් මේ දේවල් හරියටම කරන්න පුළුවන්නම් කොන්ඩේ ආරක්ෂා කරගන්න පුළුවන්.ඒ වගේම කොන්ඩේ Straight කළාට පස්සේ Side Effect ඇති වෙන එකත් Control කරනවා.ඒකනේ ඉතින් වෙන්න ඕනේ.ඒ නිසා මේ දේවල් කරලා බලන්න

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here