ඔයාට කවදා හරි කවුරු හරි ගැන, එහෙම නැත්නම් කෙනෙක්ගේ යම් කිසි දෙයක් ගැන jealous එකක් ඇති වෙලා තියෙනවද? මම නම් හිතන්නේ ඔව්.හැබැයි ඔයාට එහෙම දෙයක් තියෙනවා නම් දැන්මම ඒ නරක පුරුද්ද නැති කරගන්න.මොකද දක්ෂ සහ තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් කිසිම දවසක තව කෙනෙක්ට jealous වෙන්නේ නැහැ. ඇත්තටම තමන්ට දෙයක් කරගන්න බැරි වුණාම තමයි කෙනෙක් ගැන jealous එකක ඇති වෙන්නේ.අනිත් එක අපි තව කෙනෙක් ගැන jealous වෙනකොට තව දෙයක් වෙනවා.ඒ මොකක්ද දන්නවද? අපේ ලේ කෝප වෙනවා.ඒ නිසා අපි නිතරම තව කෙනෙක් ගැන jealous නොවී ජිවත් වෙන්න ඕනේ.ඒ වගේම අපි තව කෙනෙක්ට ඕනේ විදිහට, එහෙම නැත්නම් තව කෙනෙක් සතුටු කරවන්න අපේ සතුට නැති කරගන්න ඕනේ නැහැ.

ඔයා හැමදාම එකම විදිහට ඉන්න ඕනේ කියලා එකක් නෑ. ඔයා ගොඩක් කළු කෙනෙක් නම් මොනවහරි treatment එකක් කරලා ඔයාගේ Skin එකේ colour එක ඔයාට ඕනේ විදිහට ලස්සන කරගත්තට කමක් නැහැ.ඔයාගේ කොණ්ඩෙ දිග නම් ඒකට ගැලපෙන cut එකක් දැම්මා කියලා මොකුත් වෙන්නෙ නෑ.හැමදාම Skirt අදින කෙනෙක් Trouser එකක් ඇන්දට මුකුත් වෙන්නෙ නෑ.කවදාවත් makeup නොදාපු කෙනෙක් පොඩි makeup එකක් දැම්මා කියලා මොකුත් වෙන්නෙ නෑ.හැබැයි මෙතැනදී එක දෙයක් වෙනවා.හැමදාම ඔයා එකම විදිහට දැකලා එකපාරටම වෙනදට වඩා ලස්සනට දැක්කම ගොඩක් අයට ඒක දරාගන්න බැරි වෙනවා.ඒත් එහෙමයි කියලා ඔයා වෙනස් වෙන්න ඕනේ නැහැ.මොකද ඔයා කරන්නේ ඔයාට හොඳයි සහ Match වෙනවා කියලා හිතෙන දේ නිසා.
Life එක ඒකාකාරියි වගේ තේරුණ වෙලාවට outlook පුංචි වෙනසක් හරි කළොත් ඒක අපිට ලොකුවට දැනෙන්න ගන්නවා. ear rings මාරු කරන්න, Hair Cut එකක් කරන්න, අලුත් ඇදුමක් වෙනස් fashion එකකින් අදින්න, Slippers Change කරන්න, anklet එක දාන්න වගේ පොඩි පොඩි වෙනස්කම් වලින් පුළුවන් අපේ life එකේ ලොකු change එකක් කරන්න.ඒ වගේම Life එකට ලොකු motivation එකක් දෙන්න.
පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ අලුත් ඇදුමක් ඇදගෙන කොහේ හරි යනකොට හිතට එන feeling එක.ඒ වගේම තමයි දිගට තිබ්බම කොණ්ඩෙ ලස්සනයි කියන එක.ඒක ඉතින් හැමෝටම අදාල වෙන දෙයක්.දිග කොණ්ඩෙට වඩා කොට කොණ්ඩයක් මූණට set වෙන අයත් ඉන්නවා.ඒ අතර ඉන්නවා කොන්ඩේ curl කරාම ලස්සන අය, straight කළාම ලස්සන අය, තමන්ගේ natural hair එකම ලස්සන අය.ඒ හැමෝම දන්නවා තමන්ට ලස්සන කොහොමද කියලා.
හැබැයි දිගට තිබ්බ කොණ්ඩයක් නිකන් හරි කොට කළොත් කවදාවත් දිග කොන්ඩෙ ලස්සනට පෙනුනෙ නැති අයට දිග කොන්ඩෙ අනේ අපරාදෙනෙ, ඔයාට ඔහොම කැතයි වගේ කතා කියන්න ගන්නවා.ජීවිතේට කතා නොකරන අයත් අනේ අපරාදෙ ඔයාගෙ කලින් කොන්ඩෙ කැපුවේ.එහෙම තමා ඔයාට ලස්සන කියලා කියන්න පටන් ගන්නවා.හැබැයි කොන්ඩෙ දිගට තිබ්බ කාලෙ ඒ කවුරුත් දිග කොණ්ඩෙ ලස්සන ගැන කියලා නෑ.
හැමදාම එකම විදිහට skirt ,frocks අදින කෙනෙක් denim එකක් ඇඳලා crop top එකක් අදින්න ගත්තොත් වට පිටේ අය මූණට, කින්ඩියට හිනාවෙන්න දෙපාරක් හිතන්නෙ නෑ.එහෙම වුණාම සමහරු තමන්ට denim කොච්චර ලස්සන වුණත් එතන ඉදන් පරණ style එකටම යන්නෙ මානසිකව වැටෙන ගමන්.නිකමට හිතලා බලන්න අනිත් අය මොනවා හිතයිද, අනිත් අය හිනාවෙයිද කියලා හිතලා කොච්චර ලස්සන දේවල් අපි අපේ life එකේ miss කරගෙන ඇද්ද ?
Girl කෙනෙක් කියන්නෙ දිගට කොණ්ඩෙ තියන, ගවුම් විතරක් අදින, makeup නොදාගෙන බිම බලාගෙන යන කෙනෙක්ට නෙවෙයි.Fashion තියෙන්නෙ ගැලපෙන කාලෙ කරන්න.හැබැයි fashion එකක් කරගන්න බැරි අය, කරන අයගෙන් arrears cover කරන්නෙ “අපෝ එයාගේ හැටි” “ඕක නම් ඔයාට හරියන්නෙ නෑ” වගේ කතා කියලා.ඇත්තටම අපි මේ අනිත් අය කියන, කරන දේවල් නිසා වැටෙන්න ඕනෙද? නැත්නම් අපි අපේ life එක miss කරගන්න ඕනෙද?
අපිට life එකේ options 2ක් තියනවා.හැබැයි select කරගන්න පුළුවන් එකයි.පළවෙනි එක තමයි අනිත් අයව සතුටු කරන්න ඕනේ නිසා අපේ සතුට යටපත් කරගන්න එක.දෙවෙනි එක අපි සතුටු වෙන්න අනිත් අය කියන දේවල් ගණන් නොගෙන ඉන්න එක.ඉතින් ඔයාගේ life option එක මොකක්ද ?ඔයා තෝරගන්නෙ 1st option එකද? නැත්නම් 2nd option එකද? කියලා දැන්වත් හිතලා බලන්න.මොකද මේ life එක ඔයාගේ.



