Like
Like Love Haha Wow Sad Angry

Wedding එකත් ළඟ ළඟම එනවා.හැමදෙයක්ම ලෑස්ති කරලා ඉවරද?පොඩ්ඩක් කණ්නාඩිය ඉස්සරහට යන්න.මුහුණේ ප්‍රශ්න ටික සේරම විසඳලා ඉවරද? නැහැ නේද.එහෙනම් අද අපි ඒ ප්‍රශ්න ටිකත් විසඳගෙන wedding එක දවසට ලස්සනට ඉන්න plan කරමුද.අපි බලමු skin එකේ තියෙන ප්‍රශ්න වලට හොඳම විසඳුම් මොනවද කියලා.

සම ප්‍රධාන කොටස් 03

  • වියළි සම (Dry skin)
  • තෙල් සහිත සම (Oily skin)
  • සාමාන්‍ය සම (Normal skin)

01) වියළි සම (Dry skin)

සාමන්‍යයෙන් කාලගුණය නිසා ,සමහර පරිසර තත්ත්ව යටතේ සහ ජලය අඩුවෙන් පානය කිරීම නිසා සම වියලෙන්න පුළුවන්.ඒ වගේම මුල ඉදලම ඔයාගේ සම Dry skin එකක් වෙන්නත් පුළුවන්.

ඉතින් මේ තත්වයෙන් මිදෙන්න නම් මම ඔයාට කියලා දෙන්නම් ගෙදරදීම කරන්න පුළුවන් treatment කිහිපයක් ගැන

කෝමාරිකා

භාජනයකට කෝමාරිකා මදය සුරලා දාගෙන ඒකට දෙහි පළුවක යුෂ දාලා ගෑරුප්පුවෙන් ගසා මිශ්‍ර කරගන්න.ඒ මිශ්‍රණය මුහුණේ, බෙල්ලේ සහ සිරුරේ ආලේප කරන්න.මේ treatment එක මාසයක් විතර කරන්න

ගස්ලබු

ගස්ලබු ටිකක් බඳුනකට දාලා කිරිපිටි හෝ යෝගට් සහ මී පැණි දාලා මිශ්‍ර කරගන්න.ඊට පස්සේ ඇඟ සෝදලා මිශ්‍රණය ආලේප කරන්න.මිනිත්තු 30 කට පස්සේ සෝදන්න.සතියට දවස් 4ක් විතර මේ treatment එක කරන්න.

ඒ වගේම හැකි සෑමවිට ම පිපිඤ්ඤා ,අලිගැටපේර ආහාරයට ගන්න.ගස්ලබු, කොමඩු යුෂ පානය කරන්න.

02) තෙල් සහිත සම (Oily skin)

Oily skin එකක් කියන්නේ නම් ලෙඩ ගොඩක්.මොකද ඉක්මනින් pimple ඇති වෙනවා.ඒ විතරක් නෙමෙයි pigmentation ඇති වෙනවා.bride කෙනෙක් වෙන්න ඉන්න ඔයාට තියෙන්නේ oily skin එකක් නම් අනිවාර්යයෙන් treatment කරන්න වෙනවා.

කඩල

  • කඩල පිටි වලට දෙහි බිංදු 2 – 3 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර මිශ්‍රණය ආලේප කරන්න.
  • කඩල පිටි වලට තැඹිලි වතුර එකතුකර හොඳින් කලවම් කරගන්න.සිරුරේ ආලේප කර විනාඩි 30කින් පසු සෝදා හරින්න

තක්කාලි

  • තක්කාලි යුෂ වලට බිත්තර සුදු මදය එකතුකර හොඳින් කලවම් කරලා මුහුණේ ආලේප කටන්න.පැය 1/2 කට පසුව සෝදාහරින්න.

කෝමාරිකා

  • කෝමාරිකා මද වලට බිත්තර සුදු මද සහ දෙහි යුෂ එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.පසුව මුහුණේ සහ සිරුරේ ආලේප කරන්න.

03) සාමාන්‍ය සම (Normal skin)

සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන්නේ සාමාන්‍ය සමක්.සාමාන්‍ය සමක් තිබෙන අයට skin එකේ ප්‍රශ්න අඩු වුණාට skin එක පිරිසිඳුව තියා ගන්න එක නම් ගොඩක් වැදගත්.විශේෂයෙන් ළඟදී wedding එක ගන්න ඉන්න ඔයා.

කඩල පිටි

  • කඩල පිටි වලට මී පැණි මිශ්‍ර කර හොඳින් කලවම් කරගන්න. ඊටපස්සේ ආලේපය මුළු සිරුරේම ආලේප කරගන්න.
  • කඩල පිටි වලට කස්තුරි කහ කුඩු මිශ්‍ර කරගෙන මිශ්‍රණය මුළු සිරුරේම ආලේප කරන්න.

බිත්තර

බිත්තර සුදු මද, දෙහි යුෂ කිහිපයක් සහ කස්තුරි කහ දමා හොඳින් මිශ්‍ර කරගන්න.මිශ්‍රණය හොඳින් සිරුරේ ආලේප කරලා විනාඩි 30කින් පසු සෝදා හරින්න

අර්තාපල්

අර්තාපල් ගෙඩි 02 ක් ගෙන හොඳින් තම්බා පොඩි කරගන්න.පසුව එයට බිත්තර සුදු මද එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.මිශ්‍රණය සිරුරේ ආලේප කරලා පැයකින් පසුව සෝදා හරින්න.මේ treatment එක සතියකට දින තුනක් කරන්න

ඔන්න දැන් ඔයාට තිබුන ලොකුම ප්‍රශ්නෙත් විසඳලා දුන්නා,දැන් ඔයා මේ skin වර්ග 03න් ඔයාගේ වර්ගය තෝරාගෙන අදාළ treatment කරන්න.එතකොට ඔයාට wedding එක දවසට හිතුවටත් වඩා ලස්සනට ඉන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here