bride කෙනෙක් වෙන්න ඉන්න හැමෝටම තියෙන dream එකක් තමයි එදාට ගොඩක් ලස්සනට ඉන්න ඕනේ කියන හැඟීම.හැබැයි අපි හැමදාම කරන්න වැරද්දක් තමයි face එක ගැනම විතරක්ම හිතන එක.ඉතින් කොන්ඩේ කියන්නෙත් අපිට ගොඩක් වැදගත් දෙයක්.මොකද කොන්ඩෙන් අපේ පෙනුම තවත් වැඩි කරනවා.wedding එක දවසට hair එක dress කරන්න use කරන එක අනිවාර්යයෙන් කරනවනේ.දේවල් නිසා hair එක damage වෙන ප්රමණය ගොඩක් වැඩියි.wedding එකට කලින් වගේම wedding එකට පස්සෙත් ඔයාට ඇති වෙන කොන්ඩේ සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම මම අද ඔයාට කියලා දෙන්නම්.
මොනවද හිසකෙස් ගැටළු
- හිසකෙස් ගැලවී යාම
- හිස්හොරි
Bride කෙනෙක් වෙන්න ඉන්න ඔයා අනිවාර්යයෙන් hair එක ගැන හිතන්න ඕනේ.මොකද wedding එක දවසට ඔයාට වගේම beauticianටත් easy වෙනවා.
හිසකෙස් ගැලවී යාම (Hair Fall)

බීට් රූට්

බීට්රූට් වල විටමින් C සහ B 6, Folate, Manganese, Betaine, සහ Potassium තියෙනවා.මේ සංයෝග සියල්ලම නිරෝගී හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා.ඒ වගේම හිස්කබල පිරිසිදුව තබා ගැනීමට උදව් කරනවා.
- බීට්රූට් කොළ 07 – 08 ක් තම්බාගෙන හෙනා කොළ 05 – 06 ක් උණුවතුර සමඟ අඹරා ගන්න.
- මේ Paste එක ඔබේ හිස්කබලේ ආලේප කර පැයකින් සෝදා හරින්න
කෝමාරිකා

කෝමාරිකා කියන්නේ ඖෂධිය ගුණයෙන් යුතු විශිෂ්ඨ ඖෂධයක්.ඒ වගේම හිසකෙස් වර්ධනය සඳහා හොඳම පිලියමක්.
- කෝමාරිකා ගෙන එය හොඳින් Blender කර ගෙන හිස්කබලේ සහ හිසකෙස් ගලවන්න
- මේ treatment එක wedding එකට මාස 04කට පෙර සතියකට 04 වතාවක් කරන්න
ඒ වගේම ඔයාට පුළුවන් කෝමාරිකා අන්තර්ගත වෙලා තියෙන shampoo වර්ගයක් use කරන්න
හිස්හොරි (Dandruff)

Dandruff ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ එක Shampoo එකක් use කරන්නේ නැතුව විවිධ වර්ගයන් වල Shampoo වර්ග භාවිතා කිරීම.
නෙල්ලි

- දෙහි, නෙල්ලි සහ උළුහාල්, සාමාන්ය තරමට තම්බා Blender කරගන්න.
- මිශ්‍රණය හිස් කබලේ ආලේප කර විනාඩි 25කින් පසුව එය සෝදන්න
වදමල්

අවශ්‍ය වෙන්නේ
- උළුහාල් ඇට මේස හැඳි 01ක්
- වද කොළ මිටක්
- එළඟි තෙල් කෝප්ප කාලක්
රැයක් පුරා උළුහාල් පෙඟෙන්න තබන්න.උදෑසන උළුහාල් ඇට වදමල් කොළ සමඟ අඹරා ඊට එළඟි තෙල් එක් කරන්න.
පැයක් පමණ මිශ්‍රණය තිබෙන්නට හැර shampoo වලින් සෝදන්න.
ඒ වගේම ඔයාට පුළුවන් වදමල් ,නෙල්ලි ,කෝමාරිකා සහ සැවැන්දරා අඩංගු වෙලා තියෙන shampoo එකක් use කරන්න.ඒ වගේ shampoo එකක් භාවිතයෙන් ඔයාගේ dandruff ප්‍රශ්නේ විසඳනවා
ඉතින් මෙන්න ඔයාගේ ප්‍රශ්න වලට හොඳම උත්තර.දැන් ඔයා මේ treatment ටික ඔයාගේ ප්‍රශ්න වලට ගැලපෙන විදිහට කරලා බලන්න,එතකොට බය නැතුව wedding එක දවසට ලස්සන hair style එකක් දාලා ලස්සනට ඉන්න පුළුවන්.හැබැයි මේ treatment wedding එකෙන් පස්සෙත් කරන්න අමතක කරන්න එපා.



