Like
Like Love Haha Wow Sad Angry
1

සාමාන්‍යයෙන් family එකක් ඇතුලේ රණ්ඩු ඇති වෙන්න පුළුවන්.ඒ රණ්ඩු විවිධ හේතු නිසා වෙන්න්නත් පුළුවන්.සමහර ප්‍රශ්න ,එකිනෙකා තෙරුන් නොගැනීම , හදිසි කෝපය වගේ දේවල් වෙන්න පුළුවන්.එහෙම නැත්නම් සමහර විට නොගැලපීම් ,ඔයාගේ අකමැති ගතිගුණ වගේ දේවල් වෙන්නත් පුළුවන්.ඉතින් ඒ වුණත් ඔයා එයත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ එපා.මොකද ඔයාටට්යි එයටයි දෙන්නටම ඉවසීම නැත්නම් ඒ ප්‍රශ්න දුරදිග යන්න පුළුවන්.එහෙම නොවී එයත් එක්ක රණ්ඩු වෙන්නෙත් නැතුව මේ දේවල් කරලා බලන්න.

01) මොකක්ද වෙලා තියෙන්නේ

එහෙම අහන්න යන්න එපා.ඔයා මුලින්ම කරන්න ඕනේ එයත් එක්ක කතා කරන එක.සාකච්ඡා කරන එකෙන් ගොඩක් ප්‍රශ්න ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන්.එහෙමයි කියලා එය කේන්තියෙන් ඉන්න වෙලාවක කතා කරන්න යන්න එපා.එතකොට වෙන්නේ ප්‍රශ්නේ තවත් දුරදිග යන එක.ඒ නිසා ඔයයි එයයි වෙලා ඉන්න වෙලාවක නිදහසේ ප්‍රශ්නේ ගැන සකච්ඡා කරන්න.එතකොට ඔයාටයි එයාටයි ප්‍රශ්නෙට ගොඩක් හොඳ විසඳුමකුත් හොයාගන්න පුළුවන් වෙයි

02) සවන් දෙන්න

සවන් දීම ගොඩක් අයට නැති දෙයක්.හැබැයි හරියට අහන්නේ නැතුව කිසිම ප්‍රශ්නයක් විසඳගන්න බැහැ.ඒ වගේම affair එකක් හොඳින් පවත්වාගෙන යන්න සවන්දීම ගොඩක් වැදගත් වෙන දෙයක්.දැන් අපි මෙහෙම හිතමු.එයා ඔයාට වැදගත් දෙයක් කියනවා.එහෙමත් නැත්නම් අද දවසේ මෙහෙම වුණා. අද meeting එකක් තිබුණා.ඒ වගේ දේවල් කියන්නේ එයාගේ තියෙන tension එක නැති කරගන්න වෙන්න පුළුවන්.හැබැයි ඒ වගේ වෙලාවක ඔයාට බැරි නම් එයා කියන දේ අහන්න එයාට ටිකක් තරහ යයි.ඊට පස්සේ ඔයත් බනින්න ගනියි.අන්තිමට මේක ලොකු රණ්ඩුවක් වෙනවා.ඒ නිසා හැමවෙලාවකම එයා කියන්නේ මොනවද කියලා අහගෙන ඉන්න.මොකද එය ඒ දේවල් ඔයාට කියන්නේ එයාගේ හිතේ තියෙන බර සැහැල්ලු කර ගන්න නිසා.එතකොට නම් රණ්ඩු ඇති වෙන්නේ නැහැ.

03) වැරදි කරන්නේ මිනිස්සුනේ

අපි හැමෝම මිනිස්සු.මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ.අනිත් එක හිතලා කරන වැරදි සහ නොසිතා කරන වැරදි කියල දෙකකුත් තියෙනවනේ.ඔයා එයට කියනවා මම අරකට කැමති .ඒමට එක ගෙනත් දෙන්න පුලුවන්ද කියලා.එයා හා කියනවා.ඒත් එයා ඒක ගෙනත් නැහැ.එතකොට ඔයා හිතනවා මෙයා කැමති නැහැ ඒක මට ගෙනත් දෙන්න.නැත්නම් හිතලම අමතක කරලා.එයා දැන් මට අදරේ නැහැ කියලා.ඊටපස්සේ ඔයා කරන්නේ එයාගේ ඇගට කදේග පනින එක.ඒත් ඇත්තටම එහෙම වෙලා නැහැ.එයාගේ තියෙන වැඩත් එක්ක ඒක අමතක වෙලා.එතකොට ඔයා කරන්න ඕනේ අහ්.එයට වැඩ වැඩියිනේ.අමතක වෙන්න ඇති කියලා positive විදිහට හිතන එක.ඒ වගේම එයට අයෙමත් පාරක් මට්‍ර්හක කරන්න ඒ ගැන

04) සමාව ගන්න සමාව දෙන්න

සමාව ඉල්ලන්නේ අපි අතින් වැරද්දක් වුනහමනේ.හැබැයි සමාව ඉල්ලන්න සමහර අය කැමති නැහැ.සමහරවිට ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් දුර්ව්ලත්වයක් වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් වැරද්දක් වුණා නම් ඔයා අනිවාර්යයෙන්ම එයාගෙන් සමාව ගන්න ඕනේ.එතකොට තමයි ඕනෙම affair එකක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ.ඒ වගේම එයා ඔයාගෙන් සමාව ඉල්ලනවා නම් ඔයා එයට සමාව දෙන්න.මොකද ඔයාලා දෙන්නා ප්‍රශ්න ඇති කර ගත්තොත් family life එක හරියට maintain කරගන්න බැරි වෙනවා.ඒ නිසා රණ්ඩු ඇති නොවන විදිහට කටයුතු කරන්න උපරිම උත්සහ කරන්න

මේ කිව්වා දේවල් දැන් විතරක් නෙමෙයි අනාගතයටත් ගොඩක් වැදගත් වෙනවා.අනිත් එක family life එකට විතරක් නෙමෙයි මුළු life එකටම මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා.මොකද පරශ්න ඇති වෙන්නේ පවුල ඇතුලේ විතරක් නෙමෙයිනේ,ඒ නිසා මේ දේවල් මුළු ජිවිත කාලයම මතක තියා ගෙන වැඩ කරන්න පුළුවන් නම් ඔබ අනිවාර්යයෙන් සාර්ථකයි

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here