Like
Like Love Haha Wow Sad Angry

Job එකක් කරන කෙනෙක් සාමානයෙන් උදේ 8ට ගෙදරින් කෑම එකයි වතුර එකයි අරගෙන Office එකට ගිහින් අයෙමත් හවස 5ට off වෙලා තමයි ගෙදර එන්නේ.හැබැයි දැන් ඒ ක්‍රමේ ටිකක් වෙනස් වෙලා. දැන් ගොඩක් company වල මූලික අරමුණ වෙලා තියෙන්නෙ සේවකයන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම සහ සේවකයාට පීඩනයක් නොදී company එක දියුණු කරන්න ඔවුන්ගෙන් වැඩ ගැනීම.මේ දවස් ටික නම් කොහොමත් වැඩ කරන්නේ ගෙදර ඉදලා.ඒකට කියන්නේ “working from home” ඔයා හිතන්නේ ඒ ක්‍රමය ලේසියි කියලද ?

ඔව්, ඒක තමයි ලේසිම ක්‍රමය.හැබැයි ගොඩක් දෙනෙක්ට නම් එහෙම නැහැ.ඉතින් මම අද ඔයාට කියන්න යන්නේ “ working from home” ආසාවෙන් වගේම කාර්යක්ෂමව කරන්න පුළුවන් වෙන tricks 5ක් ගැන

01st trick එක තමයි ඔයා වැඩකරන පැය ගාන.

කොහොමද ඔයා ඒක කරන්නේ.හිතන්න ඔයා වැඩ කරන්නේ ගෙදර ඉදන් කියලා. ඔයා ගෙදර ඉදලා වැඩ කරනකොට මුලින්ම වෙන දෙයක් තමයි office එකක වැඩ කරනවා වගේ එක දිගටම ගෙදරදි වැඩ කරන්න බැරි වෙන එක.ඔයාට එක එක වැඩ හම්බ වෙනවා.යහලුවෝ කතා කරනවා , අම්මා තාත්තා ඉන්නවනම් එයාල මොකක් හරි ඔයාලගේ උදව්වක් ඉල්ලනවා , ඊට පස්සේ වැඩ ගොඩ ගැහෙනකොට ඔයා මහ රෑ එක , දෙක වෙනකන් ඇහැරගෙන ඒ වැඩ කරනවා.එහෙම කරන්න එපා.ඔයා Time එකක් තියාගන්න. ඔයා හිතා ගන්න මම උදේ 6.00 ඉඳල හවස 6.00 වෙනකන් කරන්නේ ඔෆිස් එකේ වැඩ විතරයි කියලා. මොනදේ වුනත් ඒ කාලය අතරතුර ඔයා වැඩ කරන්නේ ඔෆිස් එකේ දේවල් ඉවර කර ගන්න එක.ඊට පස්සේ හවස හයෙන් පස්සේ ආයෙත් පහුවදා උදේ හය වෙනකන් ඔයාට වෙලාව තියනවා ඔයාගේ නිදහස උපරිමයෙන් භුක්ති විදින්න. ඒ නිසා වෙලාවක් තියාගන්න .

අනිත් කාරණය තමයි ඔයා Office එකේ වැඩ කරනකොට ගෙදර ප්‍රශ්න ගැන හිතන්න එපා.උපරිම අවදානය දෙන්න ඕනේ Office එකේ වැඩ වලට.

02nd trick එක

කොහොමද ඔයා දවස පටන් ගන්නේ. කෙනෙක්ට පුළුවන් Lap එක ඇඳේම තියාගෙන වැඩ කරන්න.එහෙම නැත්නම් උදේ නවයට , දහයට විතර නැගිටලා වැඩ පටන් ගන්න. ඔයත් එහෙමද?
එහෙම නෙවෙයි ඔයා Office එකේ වැඩ කරන්න පටන් ගන්න කළින් හිතන්න ඔයාගේ කාමරය Office එක කියලා. උදෙන්ම නැගිටලා wash එකක් දාගෙන breakfast අරගන්න.නැත්තන් උදේ tea එක අරගන්න.ඊට පස්සේ ඔයා Office එකක ඉන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගන්න. දවස තිස්සෙම මහන්සි වෙන්න.ගෙදර අයට කියලා තියන්න මට ගොඩක් වැඩ තියෙනවා Office එකේ කරන්න.please මට කරදර කරන්න එපා කියලා.ඒ වගේම ඔයාට කරදරකාරී විදිහට ශබ්ධ ඇසෙනවා නම් ඒවත් අඩු කරන්න කියලා කියන්න. ඊටපස්සේ නිදහසේ Office එකේ වැඩ ටික කර ගන්න.

03rd trick එක

මම කලින් කිව්වා නේද “please මට කරදර කරන්න එපා” කියලා ගෙදර අයට කියන්න කියලා.ඒක කියන තරම් ලේසි වෙන එකක් නැහැ. මොකද සාමාන්‍යයෙන් අම්මලාට තාත්තලාට තේරෙන්නෙ නැහැ ගෙදර ඉදන් වැඩ කරනවා කියන්නේ මොකක්ද කියලා. අපි ගෙදර ඉන්නවා නම් අපිට නිවාඩු දවසක් කියලා තමයි එයාලා හිතන්නේ.ඒකෙන් ඉතින් ඔයාට කඩේ යන්න වෙනවා , ගේ අතුගාන්න වෙනවා වැඩ ගොඩයි. අම්මල තාත්තලගෙන් විතරක් නෙවෙයි girlfriend, boyfriend ඔයාට කියනවා ඇති පැයක් එයා වෙනුවෙන් දෙන්න කියලා. එයත් එක්ක කතා කරන්න කියලා. එතකොට ඔයා එයාලට තේරුම් කරලා දෙන්න ගෙදර ඉදන් වැඩ කරනවා කියන්නේ මොකක්ද කියලා.අඩුම තරමෙන් ඔයාගේ Room එකට ඇවිත් කවුරුහරි Gossip එකක් කියන්න එනවනම් එයාල වෙනුවෙන් ඔයාගේ කාලය වැය කරන්න යන්න එපා.

04th tricks එක

මේ tricks එක ඔයා ගෙදර ඉදලා වැඩ කලත් , Office එකේ ඉඳලා වැඩ කරත් ගොඩක්ම වටින ඔයාට ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්.

අපි හැමෝම ගාව තියෙනවා note book එකක්. ඔයා ඒ note book එක ඇතුලේ අද හවස ලියන්න හෙට දවසේ කරන්න තියන වැඩ ටික.හැබැයි විශේෂයෙන් මතක තියා ගන්න ඔයා හෙට දවසේ වැඩ කරන පැය ගානට කරන්න පුළුවන් ප්‍රමාණයක වැඩ විතරක් ඒ note book එකේ ලියාගන්න.ඊට පස්සේ ඔයා හෙට note book එකේ ලියා ගත්ත වැඩ කරලා ඉවර වෙනකොට එකින් එක මකල දාන්න.ඔයා දවස අවසාන වෙනකොට note book එකේ ලියපු හැම වැඩක්ම ඉවර වෙලා තියෙන්න ඕන.ඒ වගේම ඔයා දවස පටන් ගන්නකොට හිතන්න මම අද කොහොමහරි මේ note book එක ඇතුලේ තියෙන වැඩ ටික ඉවර කරනවා කියලා.

Last tricks එක

“working from home” අපට තියෙන වාසිය තමයි නිදහස.හැබැයි ගොඩක් දෙනෙක් ඒ වාසිය ලබාගන්න දන්නේ නැහැ.ඒ නිසා එයාල හැම වෙලාවෙම කියන්නේ Office එකේ වැඩ කරන එක ගෙදර වැඩ කරනවට වඩා හොදයි කියල.හැබැයි මම කළින් කිව්වා tricks ඒ විදිහටම කළොත් ඔයාට working from home වල තියෙන නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන්.

ඔයා කොහොම හරි උත්සහ කරන්න ඕන Office එකේ වැඩ ටික පුළුවන් තරම් ඉක්මනට , quality එකට කරන්න. අපිට පුළුවන් ගෙදර ඉඳන් වැඩ කරනකොට Office එකට යන,එන වෙලාව අපේ නිදහස වෙනුවෙන් ලබා ගන්න.හැබැයි ඔයා professional විදිහට ගෙදර ඉදලා ඉඳලා වැඩ කරන්න ඕන මේ නිදහස ලබා ගන්න.

ඔයා මේ tricks 5 ඒ විදිහටම පිලිපැද්දොත් “working from home” වල තියෙන නිදහස ඕනවටත් වඩා ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගෙදර ඉඳන් වැඩ කළත් ඔයා මං වැඩ කරන තැනට ඔයා අතින් අඩුවක් වෙන්න තියන්න එපා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here