Like
Like Love Haha Wow Sad Angry

ජාපනෙන් ඇවිත් ලෝකේ වටේම ගිහින් අපේ රටටත් අලුත් අමුත්තෙක් මේ දවස් වල ඇවිත් ඉන්නවා.ඒ තමයි කොරෝනා වෛරසය.මේ වෛරස් එක ලේසි පහසු එකක් නම් නෙමෙයි.ඉතින් මේ කොරෝනා නිසා මේ දවස් වල හැමෝම කතා කරන්නේ පිරිසිඳුකම ,ප්‍රතිශක්තිය ගැන.ඒ කියන්නේ මේ වෛරස් එකෙන් ආරක්ෂා වෙන්න තියන මාර්ග දෙකක්.ඉතින් ඒ නිසා අද මට හිතුනා ප්‍රතිශක්තිය එහෙමත් නැත්නම් අපේ immunity එක වැඩි කරගන්න පුළුවන් ආහාර මොනවද කියලා කියලා දෙන්න

01) පොලොස් / කොස්

කොස් ,පොලොස් කියන්නේ ගම් වල නිතර දෙවේලේ කන් දෙයක්.හැබැයි නගරයේ ඉන්න යට නම් මේ දේවල් අඩුවෙන් තමයි කන්න හම්බ වෙන්නේ.ඉතින් දැන් ගම් වල ඉන්න හැමෝම වැඩියෙන් මේ දේවල් කන්න පුරුදු වෙලා තියෙනවා.මොකද එයාලා දන්නවා කොස් ,පොලොස් කියන්නේ ඇඟේ තියෙන ශක්තිය වැඩි කරන කෑම කියලා.හැබැයි දැන් තියෙන තත්වේ එක්ක පොලොස් කන එක නතර කරලා හැම පොලොස් ගෙඩියක්ම කොස් වෙනකන් තියෙනවා නම් තමයි හොඳ.එතකොට තනි ගෙදරක හදන පොලොස් ගෙඩියට වඩා කොස් ගෙඩියක් ගෙවල් දෙකක ආහාර සඳහා ගන්න පුළුවන්

02) බතල

බතල කියන්නේ නම් අපි කන්න කැමති කෑමක්නෙ.බතල තම්බලා කෑවොත් ප්‍රතිශක්තිකරන පද්ධතියට සහයෝගයක් ලැබෙන්නේ සුදු රුධිරාණු නිපදවීමට දෙන දායකත්වයයි. ප්‍රතිඔක්සිකාරවලට අමතරව විටමින් සහ ඛනිජ ලවණත් තියෙනවා .

03) සුදුළූණු

සුදුළූණු නම් curry එකක් හරි එහෙමත් නැත්නම් කැඳ විදියට හරි කෑමට ගන්නවා නම් සිරුරේ ප්‍රතිශක්තිකරණය හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි සුදුළූණු වල තියන ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ගුණාංග වලින් ඉහළයි.

04) කොත්තමල්ලි

මේ දවස් වල හරිම ජනප්‍රිය පනයක්නේ කොත්තමල්ලි.ඉස්සර අපි ගණන් ගත්තේ නැති වුණාට දැන් හැම ගෙදරකම දවසකට එක පාරක් හරි කොත්තමල්ලි තම්බනවා.ඒ ප්‍රතිශක්තිය වැඩි කරගන්න.ඒ වගේම කොත්තමල්ලිවල කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්

05) දෙහි කොළ

දෙහි කොළ කියනකොට මුණ ඇඹුල් වුණාට දෙහි කොළ කියන්නෙත් ප්‍රතිශක්තිකරණ ඖෂධයක්.දෙහි කොළ ටිකක් අරගෙන උණු වතුර කෝප්පයකට දාලා තැම්බෙන්න තියන්න.ඊටපස්සේ අපිට පුළුවන් තේ වෙනුවට පානය කරන්න.

මෙන්න මේ දේවල් වලින් මොනවම හරි දෙයක් ඔයාට හැමදාම ගන්න පුලුවන්නම් immunity එක ගැන පොද්ද්කවත් බය වෙන්න දෙයක් නැහැ.මොකද එතකොට ඔයාගේ ප්‍රතිශක්තිය තියෙනවා.එතකොට ඉතින් වෛරස් විතරක් නෙමෙයි ඔනෙම් අලෙදකට බය වෙන්න දෙයක් නැහැ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here