මේ දවස් වල ගොඩක් දෙනෙක් wedding එකට ලෑස්ති වෙනවා.ඉතින් ඔයාගේ ඒ ලස්සනම දවසේ ලස්සනට ඉන්න නම් අඩුම මාස 3කට කලින් ඉඳලවත් රූපලාවන්‍ය සත්කාර කරන්න වෙනවා. ඉතින් මං අද කියලා දෙන්න හදන්නේ wedding කලින් ඔයාගේ hair එකට දාන්න පුළුවන් hair mask කිහිපයක් ගැනයි.hair mask වලින් ඔයාගේ හිසකෙස් වලට, හිස් කබලට හොඳ පෝෂණයක් ලබාදෙනවා. ඒ නිසා හිසකෙස් වලට hair styles දාන්නත් බිය වෙන්න ඕන නැහැ.
Avocado and Olive Oil Mask
අවශ්‍ය ද්‍රව්‍ය
- අලිගැට පේර ගෙඩි භාගයක්
- බිත්තරයක්
- Olive Oil මේස හැන්දක්
- මී පැණි මේස හැන්දක්
සාදාගන්න ආකාරය
- මේ සියල්ල එකට මිශ්‍ර කරලා තලපයක් ආකාරයට සකස් කරගන්න
- පසුව හොඳින් තෙමාගෙන මිරිකාගත් හිසකෙස් වල අගිස්සෙ ඉඳන් උඩට හෙමින් හෙමින් ආලේප කරන්න.
- හිස් කබලේ තවරා ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරන්න
- පසුව හිසකෙස් උඩට කරල බැඳගෙන shower cap එකකින් වහලා විනාඩි 30ක් ඉන්න.
- ඉන්පසුව සෝදා, සාමාන්‍ය විදියට shampoo කරලා conditioner කර සෝදා හරින්න.
Cinnamon powder and coconut oil mask
අවශ්‍ය ද්‍රව්‍ය
- කුරුඳු කුඩු සහ පොල් තෙල් සමාන ප්‍රමාණයෙන් ගන්න
සාදාගන්න ආකාරය
- මේ දෙක හොඳින් මිශ්‍ර කරගන්න.
- පසුව හිසකෙස් මුල් වල සහ හිස්කබලේ තවරා හොඳින් මසාජ් කරන්න.
- හිසකෙස් උඩට කරල බැඳගෙන shower cap එකකින් වහලා විනාඩි 30-45ත් අතර කාලයක් තියන්න
- දැන් එය සෝදා, සාමාන්‍ය විදියට shampoo කරලා conditioner කර සෝදා හරින්න.
Egg whites and lemon mask
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදු මදය
- ලෙමන් ගෙඩි භාගයක යුෂ
සාදාගන්න ආකාරය
- මුලින්ම බිත්තර සුදු මදයට දෙහි යුෂ මිශ්‍ර කරන්න
- පසුව හිසකෙස් අඟ ඉඳන් හිස්කබලේ ආලේප කරන්න
- shower cap එකකින් වහලා විනාඩි 30ක් හෝ 45ක් තියෙන්නට හරින්න.
- ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හැර සාමාන්‍ය විදියට shampoo කරලා conditioner කර සෝදන්න.
මෙම සත්කාර වලින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් සතියකට වතාවක්වත් කරන්න ඕන අධික තෙල් ගතියෙන් යුතු හිසකෙස් වලට නම් Egg whites and lemon mask එක වඩාත් ගැලපෙනවා.



