මොන තරම් සතුටකින් ආදරේකින් පටන් ගත්තත් ටික කාලයක් යනකොට මුලින් තිබුන සතුට ආදරේ නැති වෙලා යනවා නේද? ආදර කතා වල කඳු පල්ලම් තියෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ දේවල් වලට ඔයාගේ ආදරේවත් සතුටවත් නැති වෙන්න දෙන්න එපා. ඒකට කරන්න පුළුවන් හොඳම දේවල් ටිකක් මං ඔයාට කියලා දෙන්නම්
ආදරේ ශක්තිමත්ව තියෙන්න ඕනේ ඇයි?

අපි දන්නවා ඔයා තනියම ජීවිතේ සැලසුම් කරනවට වඩා දෙන්නත් එක්කම කරන සැලසුම් හරිම ආදරණියයි . හැබැයි ඒ සැලසුම් සාර්ථකව අවසන් කරන්න නම් ඔයාල දෙන්නා ආදරෙන් ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ශක්තිමත් ආදරේකට පුළුවන් ඔයාගේ ජීවිතේ සැලසුම් කරපු දේවල් ඉක්මනටම ලගා කරලා දෙන්න.
ආදරේ ශක්තිමත් වෙන්න නම් මොනවද කරන්න ඕනේ ?
ආදරේ බව දැනෙන්න දෙන්න

ආදරේ කරන මුල් කාලේ අපි හැම වෙලාවෙම එයාව පුදුම කරන්න උත්සහ කළා. එයා ගැන හොයලා බැලුවා. එයත් ඒ වගේමයි. හැබැයි කාලයත් එක්ක අපිට ඒක කරන්න අමතක උනා නේද? අන්තිමට එයාට ආදරෙයි කියලා කීවේ කවද්ද? රස කෑමක් ගෙදරින් හදලා දෙන්න. මල් පොකුරක් දීල kiss එකක් දෙන්න.ඒකට විශේෂ දවස් එනකල්ම ඉන්න එපා.පොඩි තෑග්ගක් දෙන්න. ඔයාටම තේරෙයි වෙනදට වඩා ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නවා නේද කියලා.
ඔයා අකමැති දේවල් ගැන ආදරෙන් කියලා දෙන්න

ඔයා කරන වරදක් තමයි සමහර වෙලාවල් වලදි ඔයා අකමැති දේවල් එයා කළත් ඒ ගැන කියන්න බය වෙන එක. එයා වැරදියට හිතාවිද දන්නෑ කියලා ඔයා ඒ දේවල් සඟවගෙන ඉන්න එපා. ඒ දේවල් ගැන සැර පරුෂ විදියට නෙවෙයි, ආදරෙන් කියන්න. නැත්නම් ඔයාට කාලයක් යද්දි ඔයාගෙ ආදර සම්බන්ඳතාවය කරදරයක් වේවි.
කැමති අකමැති දේවල්

ඔයා හිතනවා නම් ඔයා ආස දේටම එයත් ආස වෙන්න ඕනි කියලා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එක් එක් අය කැමති අකමැති දේවල් වෙනස් වෙනවා. ඒ නිසා බල කරන්න එපා. එයා ආස කැමති දේවල් වලට අපහස කරන්නත් එපා. ඔයාට පුළුවන් නම් එයාට උදව් කරන්න. එතකොට ඔයා ගැන තියන එයාගේ ආදරේ තවත් වැඩිවෙයි.
විවෘතව කතා කරන්න

ආදරේ ශක්තිමත් වෙන තව දෙයක් තමයි කතා කරන එක. ගොඩක් වෙලාවට ආදරේ කරන අය අතරේ ප්‍රශ්න ඇති වෙන්නේ කතා නොකර ඉන්න නිසා. අනෙකාගෙන් කිසිම දෙයක් හංගන්න එපා. අවශ්‍යතා ගැන කියන්න බය වෙන්න එපා. ඔයාට අවශ්‍ය දේවල් එයාට කියන්න. අනුමාන කරන්න දෙන්න එපා. ඔයා හැම දෙයක්ම විවෘතව එයාට කියනවා නම් එයාගෙ හිතේ ඔයා ගැන තියන ගරුත්වය ගොඩක් වැඩිවෙනවා.
නිදහස් හැම වෙලාවක්ම එකට ගත කරන්න

නිවාඩු දවස්, නිදහස් දවස් වලදී දෙන්නම ඒ කාලය එකට ගත කරන්න. වැඩත් එක්ක කාර්යබහුල වුණ ඔයාගේ මනස නිදහස් වේවි. දෙන්නට සිද්ධ වුණු රසවත් දේවල් බෙදා හදා ගන්න. ඇවිදින්න යන්න පුළුවන් නම් තවත් හොඳයි. දෙන්නා කරන විනෝදාංශ වෙනස් වෙන්න පුළුවන්. ඒත් අනික් කෙනාගේ දේවල් වලටත් උදව්වක් දෙන්න. උදාහරණයක් විදියට එයා පොත් කියවන්න කැම්ති කෙනෙක් නම් එයාට අලුත් පොතක් ගෙනිහින් දෙන්න. එයා ගොඩාක් සතුටු වෙයි.
හොයලා බලන්න

ඔයා මොන තරම් කාර්යබහුල වුණත් එයා ගැන හොයලා බලන්න කාලය හොයා ගන්න. එයා ගැන ඔයා ඉන්න අවධානයෙන් කියන දේ එයාට දැනෙන්න දෙන්න.එයාගෙ පොඩි පොඩි ඉඟියෙන් කියන දේවල් ගැන තේරුම් ගන්න. එයා හොඳින් කියලා කිව්වට සමහර වෙලාවට එයා ඉන්නෙ ප්‍රශ්නෙක වෙන්න පුළුවන්.
ඇහුම්කන් දෙන්න

අපි නොකරනම දෙයක් තමයි ඇහුම්කන් දෙන එක. තනි මතේකින් වැඩ කරන්න කලින් අනෙකා කියන දේත් පොඩ්ඩක් අහලා බලන්න. සමහර විට එයාට ඔයාට වඩා හොද අදහසක් තියෙන්න පුළුවන්. අනිත් දේ තමයි අපි ඇහුම්කන් දෙනවා කියන්නේ එයාට ලොකු ගෞරවයක් දෙනවා කියන එක. ඒ නිසා එයාව අහන්න ඉන්න ඔයා දෙපාරක් හිතන්න එපා.
ගොඩක් අය නරක කාලයන් වලදී තමන්ගේ partner ව අතාරිනවා. නැත්නම් තනියම විසඳ ගන්න දීල පාඩුවේ ඉන්නවා. එහෙම කරන්න එපා. එයා ඔයාව තෝර ගන්නේ ජීවිත කාලයේම ළඟින් ඉන්න. ඉතින් ඔයා එයාගෙ හොඳ කාලයේදී වගේම නරක කාලයේදීත් ළඟින් ඉන්න.ශක්තියක් වෙන්න.එතකොට එයා ඔයා හිතනවටත් වඩා ඉක්මනට හැමදේම විසඳ ගනීවි.ඔයාලා දෙන්නගේ ආදරේ තවත් වැඩි වේවි.



